* ප්‍රමිතිකරණය ගැන සහතිකයක් නැත
* රට කූට වෙළදුන්ගේ තිප්පලක්
මිලදී ගැනීම පිණිස වෙළෙඳපොළේ ඇති රසවත් ආහාර සමග මුසුවී ඇති වස විස (වස විස බව නොදැන) අනුභව කිරීම තුළින් රටක් ලෙස අප මේ වනවිට ද මාරාන්තික රෝග රැසක හිමිකරුවන් බවට පත්ව ඇත. දිනෙන් දින ඉහළ යන මෙම ව්‍යසනය කෙනෙකුගේ ඉපදීමත් මරණයත් අතර ඇති ජීවත් විය යුතු කාල පරාසය විවිධ රෝගාබාධ සහිතව ගෙවා දැමීමටත් , වේලාසනම මරණය කරා ළංවීමටත් මූලික වී ඇති කාරණයක් බව හඳුනාගත් සත්‍යයක් බවට පත්ව ඇත.
මෙයට පිළියමක් ලෙස මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමටත් විශේෂයෙන් රටේ අනාගත දරු පරපුරේ හෙට දවස සුරක්‍ෂිත කිරීමත් අරමුණු කොට රජය විසින් අංක 1844/49 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආනයනික භාණ්‌ඩ 23 ක් සඳහා ශ්‍රී ලාංකික ප්‍රමිතීන් හඳුන්වාදීමට තීරණය කොට ඇත. එම භාණ්‌ඩ අතරට සෘජුවම මිනිස් පරිභෝජනයට ගැනෙන භාණ්‌ඩ වර්ග 19 ක් ද ඇතුළත්ය.
අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රය මගින් රටේ සෞඛ්‍ය සුරක්‍ෂිතතාවය ආරක්‍ෂා කිරීම සඳහා රජය සෘජුවම මැදහත් වන අතර ඒ තුළින් අපේක්‍ෂිත ඉලක්‌කය වී ඇත්තේ පරිභෝජනය සඳහා වඩාත්ම සුදුසු දේ ජනතාවට තෝරා බේරා ගැනීම පහසු කිරීමත් අනවශ්‍ය දෑ රට තුළට ආනයනය කිරීමෙන් වැළකී සිටීමත්ය. රජය විසින් ජනතා සුභ සෙත සලසා ගෙන ඇති මේ තීරණයට අනුව අදාළ භාණ්‌ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතීන් නියම කරනු ලබන අතර එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බලතලවලට යටත්ව සිදු කිරීමට නියමිතය.
මේ සම්බන්ධව 'දිවයින ඉරිදා සංග්‍රහය' විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ලලිත් සේනවීර මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ රජය විසින් ගැනීමට නියමිත මෙම තීරණය මගින් ආහාර සඳහා වඩාත්ම යහපත් දේ ජනතාවට තෝරා බේරා දීමක් මේ මගින් සිදු කළ හැකි බවත් එය රටේ යහපත පිණිස ඉවහල් වන බවත්ය. නාස්‌තිය අවම වීමත්, පරිභෝජනය උපරිම ආකාරයෙන් සිදුවීමත් ඇතුළු ප්‍රමිතිකරණය යටතේ සිදුවන අනෙකුත් ක්‍රියාවලිය තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ රටේ ආර්ථිකය සුරක්‍ෂිත හා ශක්‌තිමත් වන බවත් ප්‍රකාශ කළ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, නිසි ක්‍රමවේදයක් යටතේ විද්‍යාත්මක පරීක්‍ෂණ පදනම් කොට ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූලව භාණ්‌ඩයක් හෝ සේවාවක් සැපයීම මගින් ගුණාත්මක භාණ්‌ඩයක් වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් ඒ තුළින් සමාජ සුභ සිද්ධිය ඇති කළ හැකි බවත් ය.
ඒ මහතාගේ අදහස්‌වලට අනුව සමාජ ප්‍රගමනය උදෙසා ප්‍රමිතිකරණය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් ව ඇත. ප්‍රමිතිකරණයට යටත්ව ආනයනය කරනු ලබන ඕනෑම භාණ්‌ඩයක් රටට අත්පත් කර දෙන්නේ යහපත් ප්‍රතිඵලය. රටක් යහපත් දිශානතියක් වෙත රැගෙන යැමේ පැහැර නොහැරිය හැකි වගකීම පාලකයන් සතුව ඇති බැවින් භාණ්‌ඩ මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිතිකරණයට යටත් කොට ඇති භාණ්‌ඩ හා සේවා ලැයිස්‌තුවට තවත් භාණ්‌ඩ හා සේවා 23 ක් එකතු කිරීමට ගෙන ඇති තීරණය රටට හිතකරය. විශේෂයෙන් රටේ ළමා පරපුර කිසිදු වග විභාගයකින් තොරව විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර භාවිතයට ගැනීමත් ඒ තුළින් සමස්‌ත සමාජයේම සුභසිද්ධිය අඩාල වීමත් පිළිබඳව රජය විසින් සිතා බලා ගෙන ඇති මෙම තීරණය කාලෝචිතය.
පසුගිය වකවානුව තුළ පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් ලක්‍ෂයක් මෝදරින් මතුවන්නේත්, කොම්පඤ්ඤවීදියේ කළ වැටලීමකදී කහ කුඩු, මිරිස් කුඩු, ආහාරයට නුසුදුසු සෝස් තොගයක් හමුවන්නේත් එවැනිම තවත් වැටලීම් රාශියක් තුළින් හෙළිදරව් වෙමින් පවතින්නේත් නිසි ප්‍රමිතියකින් තොරව ඕනෑම කුණු ගොඩක් ගොඩබෑමේ "කසළ ගොඩක්" බවට ලංකාව පත්වෙමින් තිබෙන නිසාය.
තිබෙන අණපනත්වලට අමතරව නව අණපනත් යටතේ මෙරටට ආනයනය කරනු ලබන භාණ්‌ඩ රේගු නිෂ්කාශනයට පෙර එයට අදාළ ලියකියවිලි සහ එක් එක් තොගයන්හි සාම්පල රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර එය වෙළෙඳපොළ වෙත නිකුත් කළ හැකි වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිතීන්වලට අනුකූළ තත්ත්වයක් තුළ පමණය. එසේ නොවන කුමන හෝ භාණ්‌ඩයක් ආනයනකරුවා විසින් විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, භාවිතය හෝ බෙදා හැරීම් කළ නොහැකිය.
මෙලෙස ආනයනය කරනු ලබන භාණ්‌ඩ ශ්‍රී ලංකා ප්‍රමිතීන්හට අනුකූළ නොවන්නේ නම් ලංකාවට අදාළ ප්‍රමිතීන් සඳහා නැවත සැකසීම නැතහොත් භාණ්‌ඩ ගෙන්වනු ලැබූ රට වෙත නැවත පිටත් කොට හැරීමට බලය අදාළ ආයතන වෙත පැවරීමේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇත. එමගින් රටට අහිතකර දේ ඉවත් කිරීමත් හිතකර දේ පමණක් ළංකර ගැනීමත් සිදුවනු ඇත.
විදේශයන්හි සිට මෙරටට ආනයනය කරනු ලබන භාණ්‌ඩ හා සේවාවන් 103 ක් සඳහා මේ වනවිට ද ශ්‍රී ලංකා ප්‍රමිතීන් නියම කර ඇති අතර එයට අලුතින් එකතු වන ප්‍රමිතිකරණයට නියමිත භාණ්‌ඩ සමග ගත් කල එය 123 ක් ලෙස ඉහළ යන්නේය. මෙයින් වැඩි කොටසක් අයත් වන්නේ අප විසින් සෘජුව හෝ වක්‍රව පරිභෝජනය පිණිස යොදා ගන්නා භාණ්‌ඩ වර්ගයන් ලෙසය.
මිනිස් ශරීරයට අහිතකර විවිධ රසායනික සංඝටක අඩංගු දෑ ආනයනය කිරීම වැළැක්‌වීම පිණිස රජය විසින් දැඩි කොන්දේසි පනවමින් නීතිය තදින් ක්‍රියාත්මක කළ ද ගමේ සිල්ලර කඩයේ සිට නගරයේ සුපිරි වෙළෙඳසල් දක්‌වා ප්‍රමිතියෙන් තොර විවිධ දේ රිංගන අතර ඒ සිදුවීම් පිටුපස විවිධ ජාවාරම් සිදුවන අයුරු ද දැක ගත හැක.
රටක හෙට දවස නිරෝගී සම්පන්න වීම තුළ ශක්‌තිමත් ප්‍රමිතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය කායික හා මානසික ශක්‌තීන් නැවත සමාජය වෙත ජනනය වනු ඇත. මේ සියලු කාරණා ගත් කල සියල්ල අයහපත් අයුරින් සිදුවීමට පෙර ඒ සඳහා අවශ්‍ය විසඳුම් සෙවීම පිණිස රජය විසින් ගෙන ඇති මෙවැනි දැඩි තීරණ නිවැරැදිව ක්‍රියාවේ යෙදවීම බලධාරීන්ගේ වගකීම වන්නේය.
නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් හඳුන්වාදීමට නියමිත භාණ්‌ඩ ආහාර වර්ග සහ භාණ්‌ඩ
1. සෝයා සෝස් 2. පලතුරු යුෂ සහ නෙක්‌ටා 3. වේµර්ස් 4. අයිස්‌පලම් හා අධි ශීත පාන 5. කිරි සහිත මේද තැවරුම් 6. චුයින්ගම්, බබල්ගම් 7. කාබනිකෘත රස කළ පැණි බීම රස කළ හෝ නොකළ කාබනිකෘත වතුර හෝ සෝඩා වතුර රස කළ කැෙµaන් සහිත බීම. 8. කෑමට සුදුසු ලුණු (කැට) 9. කෑමට සුදුසු ලුණු (කුඩු) 10. කහ කුඩු 11. ටොµs 12. ලොසින්ජර් 13. තදින් උණු කළ සීනි යෙදූ රස කැවිලි 14. ජෙලටීන් පදනම් වූ රස කැවිලි නිෂ්පාදන
15. පෙක්‌ටීන් පදනම් වූ රසකැවිලි
16. ටින් කළ අන්නාසි 17. ටින් කළ අඹ
18. සුදුසීනි සහ අයිසින් සීනි 19. රතු පරිප්පු 20. පාට කිරීමට ගන්නා ක්‍රෙයෝන්ස් සහ පැස්‌ටල් පාට කූරු 21. පෙදරේරු සිමෙන්ති 22. රෙදි සේදීමට ගන්නා කෘත්‍රිම ක්‍ෂාලක කුඩු 23. රෙදි සේදීමට ගන්නා සබන් කුඩු, පෙති සහ පලතුරු.
රුවන් ජයවර්ධන
http://www.divaina.com/2014/02/02/feature14.html

0 comments:
Post a Comment