හෙරොයින්, රත්තරං සහ මිනිස් ජාවාරමේ යෙදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ මහා පරිමාණ ජාවාරම්කරුවන්ට අයත් සියලුම දේපළ තහනම් කර රජයට පවරා ගැනීමට තීරණය කර ඇත.
රට පුරා සිටින ප්රධාන පෙළේ හෙරොයින්, රත්තරං සහ මිනිස් ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් දස දෙනකුට අයත් දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට හඳුනාගෙන තිබෙන අතර ඒවා ඉදිරි දිනවලදී අධිකරණ නියෝග ලබාගෙන තහනම් කිරීමට නියමිතය.
ගන්දර ප්රදේශයේ සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකුට අයත් රුපියල් කෝටි 200 ක දේපළ මේ වන විට තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මෙම හෙරොයින් ජාවාරම්කරුට අයත් ට්රොaලර් යාත්රා 10 ක් විශාල ඉඩම් කීපයක්, වාහන, නිවාස, බැංකු ගිණුම්වල ඇති මුදල් ඇතුළු තවත් වටිනා දේපළ මේ අනුව රජයට පවරා ගනු ඇත.
මේ අතර හෙරොයින්, රත්තරං හා මිනිස් ජාවාරමේ යෙදෙමින් අසීමිතව මුදල් ඉපැයූ තවත් ජාවාරම්කරුවන් රැසක් පිළිබඳව සහ ඔවුන්ගේ දේපළ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/02/10/news01.html
Pic Source

2 comments:
කුඩු??
කෝමත් රාජ සන්තකයි නේ? (රජය සතුයි !)
ela ne
Post a Comment