Pages

Saturday, January 4, 2014

බලෙන් ඉඩම් ඇල්ලීම් ගැන පැමිණිලි 4500ක්‌

ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ නියෝගය මත පිහිටුවන ලැබූ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ සිදුවීම් විමර්ශන ඒකකයට පැමිණිලි 4500 කට අධික සංඛ්‍යාවක්‌ ලැබී ඇත.

පාතාල ක්‍රියාකාරින්, විවිධ ව්‍යාපාරිකයන් හා මැරයන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් සතු ඉඩම් ව්‍යාජ ඔප්පු මත වෙනත් පාර්ශ්වයන්ට විකුණා ඇති බවට මෙහිදී අනාවරණය වී තිබේ.

විදෙස්‌ ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩකඩම්ද බලහත්කාරයෙන් ලබාගෙන රුපියල් ලක්‌ෂ ගණන්වලට විකුණා තිබෙනවා. ඇතැම් ඉඩම් හිමියන් බිය නිසා පැමිණිලි කර නැහැ. තවත් සමහර ඉඩම් හිමියන් කළ පැමිණිලි ගැන පොලිසිය ක්‍රියාකර නැහැ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

මේ අන්දමට දියවන්නා ඔය ගොඩකර එක්‌තරා ව්‍යාපාරිකයෙක්‌ විසින් අත්පත්කරගෙන තිබූ ඉඩමක්‌ නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරාගෙන තිබේ.

මෙලෙස ලැබුණු පැමිණිලි වලින් 230 ක්‌ දැනටමත් විභාග කර අවසන් කර ඇත.

මෙලෙස නීති විරෝධී ලෙස ව්‍යාජ ඔප්පු මත ඉඩම් ලබාගෙන ඇති වැඩිදෙනා අතර ව්‍යාපාරික පිරිස්‌ සිටින බව හෙළිවී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය - නෝමන් පලිහවඩන 
http://www.divaina.com/2014/01/04/news07.html

Pic Source

සබැඳි ලිපි -
[
මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
මුසලුවන් බහුතරය වන නැගෙනහිර නීතිය වලපල්ලට - අතාවුල්ලාගේ ඥාති 'හනිෆා වෙල්විදානේ' පොදු වැවක් අල්ලාගෙන කුඹුරක් කරලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5690.html
]

0 comments: