වකුගඩු රෝගය මාරාන්තික නොවේ යෑයි අනුරාධපුර වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය රජීව දිසානායක මහතා අවධාරණය කරයි. දැනට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය සුව කිරීමේ කටයුතු අංග සම්පූර්ණ කිරීමට ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදී රෝගය වැළඳීමට ඇති ඉඩකඩ පාලනය කරමින් සහ එම රෝගීන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර කලට වේලාවට නිසි පරිදි සැපයීමට පියවර ගැනීමෙන් මෙම රෝග මරාන්තික තත්ත්වයෙන් මුදවා ගත හැකි යෑයි විශේෂඥ වෛද්‍ය රජීව දිසානායක මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරමින් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරයා මෙසේ ද පැවසීය.
ජලය පිළිබඳව අනිසි බියක් මෙන්ම වකුගඩු රෝගය හැදුනොත් ඒකාන්තයෙන්ම මැරෙනවා යනුවෙන් අස්‌ථාන බියක් ජනතාව අතර ඇති වී තිබෙනවා.
පිරිසිදු වතුර දිනපතා වැඩියෙන් බොන්න. ඒ වගේම වකුගඩු රෝගීන් නිසි පරිදි නොකඩවා බෙහෙත් ගන්න.
වකුගඩු බද්ධ කිරීම එක් හොඳ ප්‍රතිකර්මයක්. මේ වසරේ අනුරාධපුර රෝහලෙන් වකුගඩු බද්ධ කිරිම් 17 ක් සිදුකර තිබෙනවා. 2014 දී මෙවැනි බද්ධ කිරිම් 100 ක් කිරීමට ඉලක්‌ක කර තිබෙනවා.
බද්ධ කිරීම සඳහා බොහෝ විට වකුගඩු දන් දෙන්නේ පවුලේම අය. මේ නිසා රෝගියාත් වකුගඩුව දන් දුන් අයත් කලක් යනතුරු පරිස්‌සම් විය යුතුයි. ඔවුන්ට වකුගඩු බද්ධය හොඳින් සුවවෙන තුරු වැඩපල කරන්න බෑ. මේ නිසා ඔවුන්ට ජීවත්වීමේ පහසුකම් සලසා දීම වැදගත්. වකුගඩු බද්ධය ලබා ගන්නාට මෙන්ම වකුගඩුව දන්දෙන්නාටද කලකට කිසියම් යෑපීම් දීමනාවක් ලබාදීම වැදගත් වෙනවා. වකුගඩු බද්ධ කළ රෝගීන් කලක් යනතුරු බස්‌රථවල ගමන් කිරීම හිතකර නෑ. රෝගය සම්පූර්ණයෙන් සුවවන තුරු රෝහල අසලම නේවාසික පහසුකම් සලසා දීමේ දැඩි අවශ්‍යතාවක් පවතිනවා.
ඒ වගේම රෝහලේ මානව සම්පත්වල දැඩි හිඟයක් පවතිනවා.
දෛනිකව ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නෑ. වකුගඩු රෝග ඒකකයට වෛද්‍යවරුන් 18 ක් අවශ්‍ය වුවත් දැනට ඉන්නේ 8 ක් පමණයි. හෙදියන් 36 ක් අවශ්‍ය වුවත් දැනට ඉන්නේ 12 ක් පමණයි. වකුගඩු බද්ධ අංශයට වෛද්‍යවරු 18 ක් අවශ්‍ය වුවත් දැනට ඉන්නේ පස්‌දෙනයි. වකුගඩු බද්ධ කිරීමේ අංශයට සූදානමින් තබාගැනීමට ජෙනරේටරයක් අවශ්‍යයි. මොළය මිය යැම හේතුකොට ගෙන මියයන රෝගීන්ගේ සක්‍රීය වකුගඩු වහාම ලබාගැනීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.
මෙම මානව හා භෞතික සම්පත් සම්පූර්ණ කරනු ලබන වෛද්‍ය සේවාවක් තුළින් රෝගීන්ගේ මරණ බිය තුරන් කළ හැකියි.
අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්. අතපත්තු මහතා ද අවයව බද්ධ කිරීමේ අංශයේ විශේෂඥ වෛද්‍ය චරිත් වීරසිංහ මහතාද මෙම සාකච්ඡාවට එක් වූහ.
තලාව, එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/01/01/provin08.html
Pic Source
සබැඳි ලිපි -
[
රජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක් හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික් - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික් ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක් වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments:
Post a Comment