Pages

Thursday, May 28, 2015

සංගක්‌කාර සහ හේරත් ඉන්දියාවෙන් සම්මාන ලබති

ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට්‌ සම්මාන උළෙලේදී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර සමත්වී තිබේ. 2014-15 කාලසීමාවේ දක්‌වන ලද දක්‍ෂතා ඇගැයීම වෙනුවෙන් පවත්වන ලද අදාළ සම්මාන උළෙලේදී සංගක්‌කාරට අමතරව තවත් ශ්‍රී ලාංකා ක්‍රීඩකයකු වන රංගන හේරත් වසරේ ජාත්‍යන්තර පන්දුයවන්නා සම්මානයෙන් පිදුම් ලැබීමද කැපී පෙනුණි. http://www.divaina.com/2015/05/28/sports07.ht...

කැබිනට්‌ රැස්‌වීමේ දී ඊයේත් 20 ගැන අවසන් එකඟතාවක්‌ නැහැ

මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (27 වැනිදා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදීද අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවී නැත. එම සංශෝධනය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ විශේෂ කැබිනට්‌ අනුකාරක සභාව විසින් සකසනු ලැබූ විශේෂ වාර්තාවද ඊයේ කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හදිසියේ නොකරන ලෙස ඇමැති රාවුෆ් හකීම් මහතා ඉල්ලා ඇති අතර එය සංශෝධනය කළහොත් මතුවන ගැටලු පිළිබඳව ඇමැතිවරයා දීර්ඝ...

20 නැතුව පාර්ලිමේන්තුව විසුරුවන්න දෙන්නේ නෑ - අතුරලියේ රතන හිමි

නව මැතිවරණ ක්‍රමයක්‌ සහිත 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත නොකර පාර්ලිමේන්තුව විසිරවීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (27 වැනිදා) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ජන හමුවකදී කීහ. කැබිනට්‌ මණ්‌ඩලයෙන් 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත නොකළහොත් එය සම්මත කරගන්නා තුරු රට පුරා අරගල කරන බවද ඒ හිමියෝ පැවැසූහ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය 20 වැනි සංශෝධනය සම්මත කිරීමට සූදානම් වුවත් එජාපය මෙය මගහරිමින් සිටින...

රාජ්‍ය පොසොන් උත්සවයේ මෙවර තේමාව 'මිහිඳු බණ පිළිපදිමු'

"මිහිඳු බණ පිළිපදිමු" තේමා කොටගෙන මෙවර රාජ්‍ය පොසොන් පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට අනුරාධපුර පොසොන් උත්සව කමිටුව පියවරගෙන ඇත. මැයි මස 30 වැනිදා සිට ජුනි මස 05 වැනිදා දක්‌වා මෙවර පොසොන් උත්සවයේ "පොසොන් සතිය" ලෙස කමිටුව මගින් ප්‍රකාශයට පත්කොට ඇත. අනුරාධපුරය, මිහින්තලය ඇතුළු පුදබිම් කේන්ද්‍රකොට පැවැත්වෙන පොසොන් පුණ්‍ය මහෝත්සවයේ චාරිත්‍රානුකූල ආගමික වතාවත් ආරම්භ කෙරෙනුයේ 30 වැනිදා ඓතිහාසික පැන් පෙරහැරිනි. තිසාවැවෙන් ලබාගන්නා පිරිසිදු පැන් කළගෙඩි ඉසුරුමුණි...

මඤ්ඤොක්‌කා කෑවා කියා පිළිකා හැදෙන්නේ නෑ - වෛද්‍ය චන්න ජයසූරිය

මඤ්ඤොක්‌කා කෑමෙන් පිළිකා හෝ වෙනත් රෝගයක්‌ ඇතිවන්නේ නෑ. පිළිකා රෝගීනට මෙය දිව්‍ය ඔසුවක්‌. මෑතදී කළ පරීක්‍ෂණවලින් මෙන්ම අත්හදාබැලීම්වලදී පෙනී යන්නේ මඤ්ඤොක්‌කා කෑම නිසා පිළිකා සෑදී සිටි රෝගීන් නිරෝගී තත්ත්වයට පත්වූ බවයි. එපමණක්‌ නොව මඤ්ඤොක්‌කා දලු මැල්ලුම ඉතාම ඖෂධීය ආහාරයක්‌. සතියකට වරක්‌ නොව දිනපතා කෑමත් ඉතාම ගුණදායකයි. මඤ්ඤොක්‌කා කෑමෙන් පිළිකා හැදීමේ අවදානමක්‌ ඇති බවට පැතිර ගිය කතා සම්බන්ධයෙන් අවධානය යොමු කළ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය...

Wednesday, May 27, 2015

ශ්‍රී ලංකාව පුරා හඳුනාගත් වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌! දහනව දහකට අධික පිරිසක්‌ උතුරු මැද!

ශ්‍රී ලංකාව පුරා වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌ පමණ හඳුනාගෙන තිබෙනවා. මේ අතරින් දහනව දහකට අධික පිරිසක්‌ සිටින්නේ උතුරු මැද පළාත තුළ යෑයි උතුරු මැද පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා පළාත් සභා රැස්‌වීමේ දී පැවසීය. උතුරු මැද වකුගඩු රෝගය සම්බන්ධව පළාත් සභා රැස්‌වීමේදී තව දුරටත් කරුණු දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. අද වන විට මෙම මාරක වකුගඩු රෝගීන් සිටින්නෙ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළයි. අප මේ හඳුනා ගෙන ඇති සංඛ්‍යාවයි. එහෙත් එය මීට වඩා විශාලයි. පළාතේ සියලු දෙනාම රෝග පරීක්‍ෂාවට ලක්‌ කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. රෝග...

ලංකාව සිංහල බෞද්ධ රටක්! වසර 2300ක් එකම ආගමක් ඇදහු එය ජීවන දහම කරගත් ජාතියක් වේනම් ඒ සිංහලයන් පමණි! - JHU

මෙරට සිංහල බෞද්ධ රටක් බව ප‍්‍රකාශ කිරීමට කිසිවිටෙකත් මැළිවිය නොවිය යුතු බව ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණමිංහ විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. පසුගියදා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතා මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ප‍්‍රකාශ කර ඇත. එම ප‍්‍රකාශය කවර කාරණයක් මුල්කරගෙන කවර සංදර්භයක් තුළ ප‍්‍රකාශ කළේද...

පළාත් පාලන ආයතනවල වගකීම සහ කාර්යභාරය අද නිසිලෙස ඉටුවේද?

ප්‍රාදේශීය පරිපාලනය හෙවත් පළාත් පාලන සේවය ශ්‍රී ලංකාවට අලුත් ව්‍යාපෘතියක්‌ නොවේ. එය පුරාණයේ සිටම පැවත එන්නකි. පණ්‌ඩුකාභය රජ දවස සිට මෙය පැවත එයි. ගම්සභා සහ රට සභා යනුවෙන් මේවා මුලින් ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්‌ටමින් හැඳින්විය. එදා මේවායේ සේවාවන් සඳහා නිරත වූවෝ අද මෙන් මහජන ඡන්දයෙන් පත්වූවන් හෝ දීමනා වැටුප් ලබන්නන් හෝ නොවූහ. ප්‍රදේශයේ වැදගත් ප්‍රභූ පිරිසක්‌ මෙම අගනා සමාජ සේවයේ නිරත වූහ. ජල සම්පාදනය, වැව් අමුණුවලට ජලය සැපයීම හා රැස්‌කිරීම, ඇලවේලි...