ගමේ දක්ෂ සාමාන්‍ය දරුවාට පහ වසර ශිෂ්‍යත්ව විභාගය මගින් උසස් පාසලක් හිමිකර ගැනීමට ඇති අවස්ථාව අහිමි කිරීමට ජාතික හෙළ උරුමය කිසිවිටක ඉඩ නොතබන බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් බස්නාහිර පළාත් ඇමැති ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පහ වසර ශිෂ්‍යත්ව හපනුන්ගේ සංගමයක් පිහිටුවන බවත් පැවසූ හෙතෙම අද මෙරට සිටින ඉහළතම පරිපාලන නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයාද පහ වසර ශිෂ්‍යත්ව හපනෙකු බවත් සඳහන් කළේය.
උදය ගම්මන්පිල මහතා එම අදහස් පළ කළේ පෙරේදා (01 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා මෙසේද කීවේය.
අධ්‍යාපන ඇමැතිවරයා මේ වනවිට ආන්දොලනයකට ලක්ව ඇති පහ වසර ශිෂ්‍යත්ව විභාගය අඩියක් ආපස්සට ගැනීම සම්බන්ධයෙන් අප සතුටු වෙනවා. මෙවැනි සංවේදී කාරණා ගැන එක මොහොතකින් තීන්දු තීරණ ගැනීම සුදුසු නැහැ. කොළඹ රාජකීය විද්‍යාලයත් ගමේ පාසලත් එක හා සමාන පිළිගැනීමකට ලක්වූ පසු පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම වැනි යෝජනා සලකා බැලිය හැකියි.
පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ විවෘත සංවාදයකට අධ්‍යාපන ඇමැතිතුමන් මාව තෝරා ගැනීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගමේ දරුවන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මෙම සංවාදයට සූදානම්.
මම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ගමෙන් නගරයට පැමිණ උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන් පළමු වැනියා වුණා. මේ නිසා ඔස්ටේ්රලියාවෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත වැඩිදුර අධ්‍යාපන අවස්ථාව ලැබුණා. මේ සෑම දේ මා හට ලැබුණේ පහ වසර ශිෂ්‍යත්වය නිසයි. මේ නිසා පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීමට අප ඉඩ තියන්නේ නැහැ.
මෙහිදී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාස්ත්‍රවේදී පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියෝද එක්වූහ.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/01/03/news39.html
Pic Source

0 comments:
Post a Comment