Pages

Thursday, May 21, 2015

එංගලන්තය මුස්ලිම්ව ආධිපත්‍යයට නතු වෙමින් ඇතැයි බි‍්‍රතාන්‍ය විශ්වාස කරනවා

එංගලන්තය මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යයට නතු වෙමින් ඇතැයි බි‍්‍රතාන්‍ය පාසල් සිසුන්ගෙන් 30%ක් විශ්වාසය පළ කරන බව අනාවරණය වී තිබේ.

2012-1014 අතර කාලයේදී ජාතිවාදයට රතු කාඞ්පත පෙන්වනු නම් තෙරපුම් කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්‍ෂණයකින් මේ බව හෙළිව ඇතැයි පැවසේ.

මේ සඳහා ඔවුන් ආගම හා ජාතියට අදාළ කරුණු සඳහන් ප‍්‍රශ්නාවලියකට පාසල් සිසුන් 5945කගෙන් අදහස් ලබාගෙන ඇත.

84%ක් සිසුන් පවසා ඇත්තේ සුදු ජාතිකයින්ට එරෙහිව ක‍්‍රියාත්මක වන ජාතිවාදයට එරෙහිව ප‍්‍රමාණවත් හඬක් නොනැගෙන බවයි.

සරණාගතයන් හා සංක‍්‍රමණිකයන් විසින් බි‍්‍රතාන්‍ය තුළ ඇති රැකියා අවස්ථා පැහැර ගනිමින් සිටින බව 60%කගේ මතය වී තිබේ.

ජාතිවාදයට රතු කාඞ්පත පෙන්වනු සංවිධානයේ ප‍්‍රධානි ගෙඞ් ග්‍රෙබි පවසා ඇත්තේ බි‍්‍රතාන්‍යය තුළ ජීවත්ව සංක‍්‍රමණිකයන් හා මුස්ලිම්වරුන් ප‍්‍රමාණයට සාපේක්‍ෂව විකෘතිවූ සමාජ මතයක් බහුල වශයෙන් තරුණ ප‍්‍රජාව අතර පැතිර ගොස් ඇති බව මෙයින් පැහැදිලි වන බවයි.

බි‍්‍රතාන්‍යයේ ජනගහනයෙන් විදේශයක උපත ලැබූවන් ප‍්‍රතිශතය අනුමාන කරන්නැයි විමසූ විට එය 47%ක් බව පාසල් සිසුන් පවසා ඇති අතර 2011දී සිදුකළ අවසන් සංගණනයට අනුව එහි සැබෑ අගය 13%ක් පමණකි.

46%ක් මුස්ලිම්වරුන් හා අනෙකුත් සමාජ කණ්ඩායම් අතර සබඳතාවය දුර්වල බවත් 41%ක් බලහත්කාර විවාහ ඉස්ලාමික ප‍්‍රජාවන් අතර ඇති බවත් පවසා ඇති අතර එය ආගමික වශයෙන්ම ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය සලසන බව 26%කගේ මතය වී ඇති බව පැවසේ.

https://lankacnews.com/sinhala/foreign-news/131850/

Pic Source

1 comments:

Deutscher said...

Good to hear the good news. uK must get the apple as the grow the apple. Thanks god