පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි නොකළ යුතු බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.
ශිෂ්‍යත්ව විභාගය යනු නිදහස් අධ්‍යාපනය විසින් සකසා ඇති රන් දොරටුවක් බවත් සඳහන් කරන උන්වහන්සේ එහි යම් අඩුපාඩුවක් තිබූ පමණින් එය අහෝසි කිරීම කිසිසේත් නොකළ යුතු බවද සඳහන් කළහ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය නිසා පාසල් දරුවන්ට ඇතිවන පීඩනය පිළිබඳ විවාදයක් නැතත් එය සාමාන්‍ය ජනයාගේ දරුවන්ට උසස් පාසලකට ඇතුළත් වීමට තිබෙන සාධාරණ හා විශ්වාසනීය ක්‍රමය බවද ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
අප රටේ පාසල් අතර පරතරය අහසට පොළොව තරම් විෂමතාවයක පවතින බව කටුක සත්‍යක් බව පවසන උන්වහන්සේ එම පරතරය නැති නොකොට ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම කිසිම සාධාරණයක් නැතැයිද පවසති.
අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල ආන්දොලනයක් මෑත කාලයේ ඇතිවීම යහපත් නොවන බවත් අධ්‍යාපන පරිපාලනය විධිමත් කර අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කිරීම ඉක්මන් නොවී විධිමත් අධ්‍යයනයකින් හා සංවාදයකින් පමණක් කළ යුතු බව තමාගේ විශ්වාසය බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/12/31/news29.html
Pic Source

0 comments:
Post a Comment