ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුදැනුම මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර බෝගම්බර ඓතිහාසික බන්ධනාගාරය ජාතියට වැදගත් වන වටිනා ව්‍යාපෘතියක් සඳහා යොදා ගන්නා බව අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා තවදුරටත් පැවැසීය.
අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මේ බව පැවැසුවේ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මහනුවර ව්‍යාපෘතියේ වාර්ෂික "මැදරට සංස්‌කෘතික උරුමය" ශාස්‌ත්‍රීය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි රන් ආවුද මණ්‌ඩපයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්විණ. ලංකාවේ අවසන් සිංහල රාජධානිය වූ මහනුවර පුරාවිද්‍යාත්මක වශයෙන් ජාතියේ උරුමය සුරක්‍ෂිත කළ වැදගත් ස්‌ථානයක් බව පැවසූ අමාත්‍ය ඒකනායක මහතා මහනුවර එදා ශ්‍රී විභූතිය නැවත විදහා දැක්‌වෙන වැඩපිළිවෙළක් නව වසර ආරම්භයත් සමග ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙන බව පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩපිළිවෙළ මහනුවර කොළඹ වීදියෙන් ආරම්භ වන්නේ යෑයිද අමාත්‍යවරයා පැවැසීය.
මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙම අවස්‌ථාවට සහභාගි වෙමින් මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් මහනුවර ඓතිහාසික පූජනීය ස්‌ථාන සංරක්‍ෂණය සඳහා විශාල වැඩකොටසක් සිදුවන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි රජය ප්‍රතිපාදන ලබාදෙන බවත් පැවැසීය.
අස්‌ගිරි මහා විහාර පරිවේණාධ්‍යක්‍ෂ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ද සංස්‌කෘතික ත්‍රිකෝණයේ මහනුවර කළමනාකාර එච්. එම්. එම්. හේරත්, සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න, මහාචාර්ය ටී. කේ. ජයරත්න යන මහත්වරු ඇතුළු කීප දෙනෙක් ද මෙහිදී අදහස් දැක්‌වූහ.
සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/12/31/news30.html
Pic Source






0 comments:
Post a Comment