තිපන් යනු යාපනයේ කොටි හමුදා නායකයායි. ඔහුගේ සමීපතම ඥතියා කිලිනොච්චි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්රීධරන්ය. ශ්‍රීධරන් පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මිනීමරු කොටි කණ්ඩායම ඇගයීමට ලක් කළේය. ඔහු එතනින් නැවතුණේ නැත. පසුගිය සතියේ ඉන්දීය සංචාරයක යෙදී කටුනායකට පැමිණෙන අවස්ථාවේ කොටි ක්‍රියාකාරියකු වූ තමිල්මානි ප්‍රභාකරන්ව මෙරටට ගෙන ආවේය. තමිල්මානි ප්රභාකරන් උතුරට ගියේ ද ශ්‍රීධරන්ගේ වාහනයෙනි. මොහු උතුරේ හමුදා කඳවුරු වීඩියෝගත කරද්දී අසුවිය. එහිදී ශ්‍රීධරන් පැවසුවේ තමිල්මානි තමාගේ මිත්‍රයකු බවයි.
මේ අන්දමට මහජනතාවගේ වරප්‍රසාද ලබමින් කටයුතු කරන ශ්‍රීධරන් වැන්නවුන් සම්බන්ධව රජය ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?
ඉන්දීය පාර්ලිමේන්තුව තුළදී බින්දර්වාලා නමැති සීක් ත්‍රස්ත නායකයා සැමරීමට ඉඩක් ලැබෙනු ඇතැයි කිව හැකිද?
කිලිනොච්චි මහ විදුහලේ විදුහල්පතිව සිටි ශ්‍රීධරන් විදේශ රටවලට ගොස් කළ ප්‍රකාශවල අන්තර්ගත වූයේ ශ්‍රී ලංකා විරෝධී පිළිවෙතයි. ඔහු හැසිරෙන්නේ ප්රභාකරන් තවමත් උතුරු ප්‍රදේශ පාලනය කරන්නාක් මෙනි. මෙයට වසර ගණනකට පෙර කොටි ක්‍රියාකාරීන්ට එරෙහිව එදා ආණ්ඩු ක්‍රියා නොකිරීම නිසා කොටි සංවිධානය වර්ධනය විය.
දැන් ශ්‍රීධරන් ඉරණමඩු වැවේ වතුර යාපනයට ගෙන යැමට ඉඩ නොදෙන බවට ද තර්ජනය කරයි.
ශ්‍රීධරන්ගේ සොහොයුරා වූ ශ්‍රී කූගන් දැන් ස්විස්ටර්ලන්තයේ සුරීච් නුවර සිට කොටි වෙබ් අඩවියක් මෙහෙයවයි.
මේ පසුබිම මැද මැයි 17 නමැති සංවිධානයට සම්බන්ධ තමිල්මානි ප්‍රභාකරන්ව මෙරටට ගෙනඒමට ශ්‍රීධරන් ක්‍රියා කළේ මන්ද?
ලබන මාර්තු 26 දා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වන නවි පිල්ලේ සිය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ නිසා තමිල්මානි ප්රභාකරන් මෙරටට පැමිණියේ ඒ සඳහා වීඩියෝ පටයක් නිර්මාණය කිරීමට බව පැහැදිලිය. ලොව කිසිම රටක ආරක්ෂක කඳවුරු හෝ හමුදා භටයන්ගේ ආගමනය වීඩියෝගත කිරීමට ඉඩ නොදේ.
මේ අයුරින් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියකුට ඉන්දියාවට ගොස් එරට හමුදා කඳවුරු වීඩියෝගත කළ හැකිද?
මෙම තත්ත්වය මත ශ්‍රීධරන් දියත් කර ඇති මෙහෙයුම හෙළි වී ඇත. ඔහු ත්‍රිකුණාමලයේ මිනීමරු කොටියා වූ එලිලන්ගේ බිරිය ආනන්දි සසිහරන්ව උතුරු පළාත් සභාවට ගෙන ආවේය. ආනන්දි නමැත්තිය දැන් ප්‍රසිද්ධියේම කොටි හඬ නඟයි.
මෙවන් වාතාවරණයක් මැද ශ්‍රීධරන් තමිල්නාඩුවේ පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ ඊළම ඉලක්කය බවයි. ප්රභාකරන් මාවිල්ආරු සොරොව්ව වැසුවේය. ශ්‍රීධරන් දැන් ඉරණමඩු ජලාශයේ ජලය යාපනයට ගෙන යැමට ඉඩ නොදෙන බව කියා සිටී. එකී ක්‍රියාදාමයන් දෙකම එකමය. මෙහිදී නැඟෙන ප්රශ්නය ඉරණමඩු ජලාශය ශ්‍රීධරන්ගේ බූදලයක් ද යන්නයි. ශ්‍රීධරන් කිලිනොච්චි මන්ත්‍රී ලෙස පත්වූයේ වැඩි ඡන්ද 8000 කිනි. මේ පසුබිම මැද ඉරණමඩු ජලාශයේ ජලය යාපනයට ගෙන යැමට ඉඩ නොදෙන බවට ශ්‍රීධරන් පවසන්නේ සිය ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීමටද?
මෙලෙස ශ්‍රීධරන් තමන්ට රිසි පරිදි ක්‍රියා කරද්දී ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටින බවට වාර්තා විය.
එසේනම් ප්රභාකරන්ගේ රූකඩය වූ ද්‍රවිඩ සන්ධානය කොටි සිදු කළ යුද අපරාධ රැසකට වගකිවයුතුය. මේ නිසා ද්‍රවිඩ සන්ධානයට එරෙහිව ද ජාත්‍යන්තර විමර්ශනයක් කළ යුතු නොවේද?
මෙරට අතීතය වසන් කළ නොහැක. ද්‍රවිඩ සන්ධානයේ පසුබිම නිරීක්ෂණය කළ විට ඔවුන් ප්රභාකරන්ගේ සියලුම ක්‍රියා අනුමත කරනු ලැබිණ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් යෝගේශ්වරන් ඝාතන ගැන ප්රභාකරන් වගකිවයුතු යෑයි ආර්. සම්පන්දන් හෝ කිසිම ද්‍රවිඩ දේශපාලකයෙක් පැවසුවේ නැත. මගේ තාත්තවයි අම්මවයි කොටි මැරුවා. එහෙත් ද්‍රවිඩ සන්ධානය ඊට එරෙහිව කිසිම හඬක් නැඟුවේ නැහැ. ඒ වගේම ළමුන්ව යුද සේවයට බඳවා ගත් දේශපාලකයන් දෙන්නෙක් ද්‍රවිඩ සන්ධානයේ සිටිනවා. ඔවුන් යුද අපරාධකරුවන් යෑයි මඩකලපු ශ්‍රී ල.නි.ප. සංවිධායක අරුන් තම්බිමුත්තු පැවසීය.
මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානයේ කොටි හිතවාදීන්ගේ වෙස් මුහුණු ගැලවිය යුතු කාලය එළැඹී ඇත. තීරු බදු රහිත වාහන පහසුකම්, මන්ත්‍රී වරප්‍රසාද, තානාපති නිලධාරීන් සතු ගමන් බලපත්‍රවලට සමාන ගමන් බලපත්‍ර හිමිකම් ලබන ශ්‍රීධරන් පසුගිය කාලය මුළුල්ලේ කැනඩාව ඇතුළු රටවල් රැසකට ගියේය.
එහිදී ඔහු ක්‍රියා කළ අයුරු කොටි වෙබ් අඩවිවල සඳහන් විය. මෙවන් තත්ත්වයක් මත ශ්‍රීධරන් වැන්නවුන්ට තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට එරෙහිවීමට ඉඩදිය හැකිද? ද්‍රවිඩ සන්ධානයේම හිටපු මන්ත්‍රීවරයකු වූ කඡේන්ද්‍රන් සෙබළුන් 10000 ක් පෙට්ටිවලින් යාපනයේ සිට කොළඹට එවන බවට තර්ජනය කළේ ද පාර්ලිමේන්තුවේ සිටය.
දැන් පාර්ලිමේන්තුවේ සිට හඬ නඟන්නේ ශ්රීධරන්ය. ඉරණමඩු ජලාශයේ ජලය උතුරට ගෙන යැමට ඉඩ නොදෙන බවට තර්ජනය කරන ශ්‍රීධරන් ඉදිරියේදී ඉරණමඩු ගුවන් ධාවන පථයට ගුවන් යානා බැස්සවීමට ඉඩ නොදෙන බව කීවොත් ඇති වන තත්ත්වය කුමක්ද?
ශ්‍රීධරන් මෙරටට ගෙන ආ තමිල්මානි ප්රභාකරන් මාධ්‍යවේදී වෙස්ගත් කොටි කොන්ත්රාත්කරුවෙකි.
ඔහු මෙයට පෙර ද ශ්‍රී ලංකාවට පැමිණියේය. එහෙත් බුද්ධි අංශවලට අසුවූයේ නැත. එහෙත් පුදුමය නම් කටුනායක ගුවන්තොටුපළින් මේ කොටි ක්‍රියාකාරීන්ට මෙරටට ඒමට ඉඩ ලැබීමයි.
පසුගිය මස ජෙයපාලන් නමැති කොටි කවියා අසුවිය.
ජෙයපාලන් බැලීමට මිරිහානට ගියේ මෙරට පාර්ශ්වයන්ය. තමිල්නාඩුවේ චෙන්නායි ගුවන්තොටුපළට ශ්‍රී ලංකාවේ මාධ්‍ය පාර්ශ්ව පැමිණි අවස්ථාවේ ආගමන නිලධාරීන් නඟන ප්රශ්නය නුඹලාගේ සංචාරයේ අරමුණ කුමක්ද? යන්නයි. එහෙත් තමිල්නාඩු කොටි ක්‍රියාකාරීන්ට මෙරටට පැමිණ උතුරට යැමට දොර විවෘත වී තිබේ. මෙය පුදුමයක් නොවේ. ටැමිල් සී.එන්.එන්. නමැති කොටි වෙබ් අඩවියේ කන්නන්ට මෙරටට පැමිණ ආරක්ෂක සමුළුවක අසුන් ගැනීමට අවස්ථාව හිමි විය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/31/feature01.html

0 comments:
Post a Comment