ස්‌වභාවධර්මයේ පිහිට නොපතා ජීවත්වීමට හැකි ජීවියෙකු මෙතෙක් ලෝකයේ කිසිමදාක බිහිවී නැත. සොබාදම් දිනිතියටත් පාඩම් උගන්වන්නට යන (පිරිසට) මිනිසුනට අත්විඳීමට සිදුවන හිරිහැරය අපමණය. මේ තත්ත්වයේ බලපෑමින් මිදෙන්නට ශ්‍රී ලංකාවටද හැකියාවක් නැත.
ලංකාවේ වාර්තා වන අකල් අලි මරණ අනුව වර්ෂයකට දළ වශයෙන් වන අලි 200-250 අතර මියයන අතර ලංකාවේ අලි ඇතුන් ගහනය 5500 සංඛ්‍යාවක් පමණ බවට ඇතැම් සංගණකයන් තොරතුරු සපයා ඇත. මෙම ප්‍රමාණය දෙස බලන විට තවත් දශක 5 - 6 ක් පමණ යැමට මත්තෙන් සමස්‌ත අලි පරපුරම විනාශ වනු ඇත. වඳවී යනු ඇත. වන අලි පහරදීමෙන් (සිදුවන) සිදුවී ඇති මිනිස් මරණ ගණන 60 - 70 අතර සංඛ්‍යාවකි. අලි පහරදීම නිසා මිනිසෙකු මියයැම මහත් ෙ€දවාචකයක් ලෙස (එම ප්‍රදේශවාසීන්) ප්‍රජාව දනිති. ඒ නිසාම පසුගිය කාලයේ දේහය සහිත මිනී පෙට්‌ටි පාරට ගෙනවිත්, මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කරන තත්ත්වයට මෙන්ම රාජ්‍ය දේපළවලට හානි පැමිණවීමේ තත්ත්වයට පෙළඹීම මගින් මෙහි ඇති බැරෑරුම්කම තේරුම්ගත හැකිය. සියල්ල ක්‍ෂණික උද්වේගයකින් කරන්නා වූ පුහු ආටෝප සිදුවීම් සේ පෙනේ. ජීවිත ආශාවෙන් විලාප නැගුමුත් පණණල රැක ගැනීමට නොහැකිව මරණය වැළඳගත් අලි ඇතුන් විනාශ කිරීමද, විනාශ වීමද ෙ€දවාචකයකි. මිනිසුන් බලනුයේ තමන්ගේ පාර්ශ්වය පමණි. ප්‍රශ්නයක් ඇති බව පැහැදිලියි. නමුත් යථාර්ථයෙන් තේරුම් ගෙන නැත. ශතවර්ෂ ගණනාවක් තිස්‌සේ අලි ඇතුන් විසින් භුක්‌ති විඳි ඔවුන්ගේ නිජබිම ආත්මාර්ථකාමී මිනිසුන් විසින් පැහැරගෙන ඇත. කොල්ලකා ඇත. ප්‍රශ්නය ඇත්තේ එතැනයි.
එදා හෙළ මිහිමඬල සැරසූ තුන්පත් රෑන, එදා දිගන්තය පුරා විහිදී ගිය කුංචනාදය, එදා අභීතව යුද බිමට ගිය ජවසම්පන්න සිව් රඟ සෙනගෙහි මූලික සේනාංකය අද වැටී සිටින (මුqහුණදෙන) ඉතාමත් ශෝචනීය තත්ත්වයෙන් මුදාගන්නට කිසිවෙක් නැත. මිහිතලය මත අද ජීවත්වන දැවැන්තයන් මේ ඉරණමට ගොදුරු වී ඇතත් මොවුන් විරාජමානව සිටි ස්‌වර්ණමය යුගයක්‌ද පැවති බව අතීතයෙන් සනාථ වේ. ඔවුන්ගේ තේජස කොතරම් දැයි කිවහොත් බෞද්ධ, හින්දු ආදී පෙර අපර දෙදිග ඓතිහාසික සංස්‌කෘතික මානව විද්‍යාත්මක ලිත මූලාශ්‍රවල පවා සඳහන්ව තිබීමෙන් පෙනී යයි.
රටක වන පැළෑටි සහ වන සතුන් අධ්‍යාපනික විද්‍යාත්මක ආර්ථික සහ විනෝද ක්‍රීඩාත්මක වටිනාකමකින් පිරුණු ජාතික සම්පතක් බව පිළිගන්නා ලද්දෙන් අනාගත පරම්පරාව සඳහා එය රැක තැබීම අප හැම මත පැවරෙන වගකීමක් මෙන්ම යුතුකමක් බවද නිතැතින්ම පිළිගැනුණේය. දැව ජාවාරම, සතුන් දඩයම, ඇතුන්ගේ දළ බිඳීම, අලි ඇතුන් මරා දැමීම වැනි අයුතු ක්‍රමෝපායයන් මගින් මුදල් ඉපයීම පහසු කටයුත්තක් බවට හරවාගෙන තිබීමෙන් හා ජනාවාස ඉදිවීම, ඊනියා සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක වීම තුළින් ලංකාවේ ස්‌වභාව සෞන්දර්ය නගරයට හිලව් වෙමින් පවතින බව නොරහසකි. නිලට නිලේ දිලෙන ගහකොළ තුරුලතාවන්ගෙන් ගහන වන සම්පත කවර දේශයකට වුවද මහරූ සම්පතකි. මෙවන් අභයභූමි දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇදගත් පාරාදීස මෙන් විය. බහුතරයක් මිනිසුන් ආදරය කරන ඒ සම්පත අතළොස්‌සකගේ බලපෑම් හා ඕනෑ එපාකම්වලට නතුකර ගන්නට ඉඩහැර බලා සිටීම කොතෙක් නම් දුරට යුක්‌ති සහගතදැයි යන්න විමසා බැලිය යුතු කාලය එළඹ ඇත. මේ ඝන වනාන්තර ප්‍රදේශයම අලි ගැවසුම් භූමියකි. නීති විරෝධී වනාන්තර එළිපෙහෙළි කිරීම්වලට අමතරව වන සතුන් දඩයම ඉතා බහුල ලෙස සිදුවීමද තවත් එක් ෙ€දවාචකයකි. මානුෂික කතාවන් මෙකී සිදුවීම් පෙළ පසුබිමේ හිඳ හඬ නඟන්නේ නැත්තේ ඇයි? යන්න හා සොබාදහම විනාශ වීමෙන් පරිසරයට මෙන්ම රටේ ආර්ථිකයටද සිදුවන හානිවීම්වලට වගකිව යුත්තෝ කවරහුද? යන්න හඳුනාගෙන ඇත්ද? ගැටලුව වන්නේ පවතින නීති උල්ලංඝනය කරමින් කරන විනාශ හමුවේ වගකිවයුතු පාර්ශ්ව මුනිවත රැකීමයි. මෙම ප්‍රශ්නය ගැන කතාබහ කිරීම බොහෝ විට සිදුවී ඇතත් ක්‍රියාවට නැගීම සිදුව තිබෙන්නේ "වැසි සමයේ වඳුරන් ගෙවල් සෑදීමට සාකච්ඡා කරගන්නා ආකාරයටය".
සංවර්ධනයේ අවශ්‍යතා වැඩියෙන් සැලකිල්ලට ගන්නේ නම් අලින් සඳහා නිදහස් සුව තැනක්, නිශ්චිත වන බිම්, වන තීරු, තෘණ භූමි ලබා දුනහොත් අලි මිනිස් ගැටුම මඳකට හෝ නැවතීමට ඉඩ ඇත. එසේම තව තවත් වන බිම් එළිපෙහෙළි කර ජනාවාස කිරීම දැන් නවතා දැමිය යුතුය. අලි මිනිස් ගැටුම අවම කිරීමට කුමක් හෝ තිරසාර විසඳුමක් ක්‍රියාත්මක කිරීම දැන් අප ඉදිරියේ තියෙන ප්‍රබලතම අවශ්‍යතාවකි.
අම්පිටියේ - ඒ. කේ. ඩබ්ලිව්. පෙරේරා
http://www.divaina.com/2013/12/31/feature02.html






0 comments:
Post a Comment