කරන්දෙණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය වසර තුළ කාන්තාවන් දෙදහසක් විදේශගත වී ඇති අතර මෙසේ විදේශගත වන කාන්තාවන්ගෙන් සියයට අසූවකගේ පවුල් ජීවිත අසාර්ථක බැව් කරන්දෙණිය ප්රාදේශිය ලේකම් සම්පත් සමරකෝන් මහතා ඉකුත්දා පැවැසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා ගාල්ල අතිරේක දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැති ගාල්ල දිස්ත්රික් ළමා සංවර්ධන කමිටුවේදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් සමරකෝන් මහතා මෙසේද පැවැසීය.
කරන්දෙණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තියෙන බරපතළම සමාජ ප්රශ්නය තමයි කාන්තාවන් විදේශගතවීම. අපි මොනතරම් මෙම තත්ත්වය අවම කිරීමට උත්සාහ කළත් මෙම කාන්තාවන් විදේශගතවීම පාලනය කිරීමට අපහසු වෙලා තියෙනවා.
පසුගිය වසර තුළ කාන්තාවන් දෙදහසක් පමණ විදේශගත වෙලා තියෙනවා. මෙසේ විදේශගත වන කාන්තාවන්ගේ පවුල්වලින් සියයට අසූවක් අසාර්ථක තත්ත්වයේ තියෙන්නේ.
මේ තත්ත්වය ප්රදේශයේ තිබෙන දැවැන්ත ප්රශ්නයක්. සමහර කාන්තාවන් ඉන්නවා වාර අටකට විදේශගතවූ. නමුත් ඔවුන්ගේ ආර්ථිකය යහපත් වෙලත් නෑ. විදේශගත වුණාට ඔවුන් හිටපු තැනට වඩා ඉහළ ලොකු දියුණුවක් ලබලත් නෑ.
බොහෝ වෙලාවට කාන්තාවන් රට යන්නේ අතරමැදියන් මගින්. ඒ නිසා මේ අයගේ මුදල් සූරා කෑමද සිදුවෙනවා. අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ විදේශගත වීම් පාලනය කරන්න. නමුත් ටික දවසකින් දැනගන්න ලැබෙනවා රට ගිහින් කියලා.
ගාල්ල අතිරේක දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය - ඇත්තටම කරන්දෙණියේ තියෙන ඔය කියන තත්ත්වය බරපතළ ප්රශ්නයක්. ඇයි මේ අය විදේශගත වන්නේ කියල සොයලා බලලා ප්රශ්නයට විසඳුම් සෙවීමට කටයුතු කරන්න.
ගාල්ල - එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද
http://www.divaina.com/2014/01/01/provin04.html

0 comments:
Post a Comment