Pages

Wednesday, January 1, 2014

ජයසිරි සේමගේ ගේ 'චිත්‍ර ප්‍රදර්ශනය' මහනුවර

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රශිල්පී කලාසූරී ජයසිරි සේමගේ තමාගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්‌ වරක්‌ ස්‌වීඩනයේ දී පැවැත්විණි. එක්‌ වයසක කාන්තාවක්‌ දිගු කබායක්‌ පොරවාගෙන සීතලෙන් ගැහි ගැහී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියාය. "කරුණාව" මැයෙන් චිත්‍රයක්‌ මිලට ගැනීමට තිබෙනවාදැයි කියා මිල ගණන් කොපමණ දැයි කියාත් ඇය සේමගේ ගෙන් විමසුවාය. ශ්‍රී ලංකා මුදලින් රු. ලක්‍ෂයක්‌ පමණ වන බව සේමගේ ඇයට කීවේය. කෙසේ හෝ මෙම චිත්‍රය මිලට ගැනීමට අවශ්‍යම බවත් ඇය පැවසූ විට, චිත්‍ර ශිල්පියාගේ සිතද උණුවී චිත්‍රය ඇයට කියූ මුදලට වඩා අඩුවට දීමට පොරොන්දු වීය. ඇයට මෙම චිත්‍රයම මිලට ගැනීමට ඇති වුවමණාව කුමක්‌දැයි ඇගෙන් ඇසූවිට කීවේ, "මම මීට වසර පහකට පමණ පෙර ශ්‍රී ලංකාවට ගියා. එහිදී ජයසිරි සේමගේ නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර ප්‍රදර්ශනයක්‌ නරඹන්නට ගියා, මගේ සිත තදින්ම ඇලී ගියේ මේ "කරුණාව" නමැති චිත්‍රයටයි. මම එය මිලට ගත්තා. මම ඒ චිත්‍රයට කෙතරම් ආදරේදැයි කියතොත් බිත්තියේ එල්ලා නරඹමින් රස විඳිනවා. ඒ අතරතුර මගේ සොයුරිය ඒ චිත්‍රය සොරකම් කරගෙන ගොස්‌ ඇය මහලු නිවාසයකට යන විට ඒ චිත්‍රයද රැගෙන ගියා. ඇය එහිදී මිය ගියා. දැන් ඒ චිත්‍රයට මොනවා වුණා දැයි මම දන්නේ නැහැ" යි ඇය පැවසුවාය.

මෙම "කරුණාව" නමැති චිත්‍රයේ නැවත අඳින ලද චිත්‍රයක්‌ද ඇතුළත් කලාසූරී ජයසිරි සේමගේ ගේ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක්‌ මෙම ජනවාරි මස 3, 4, 5 දිනවල මහනුවර "කැන්ඩි සිටි සෙන්ටර්" හි පැවැත්වෙනු ඇත. මීට තවත් චිත්‍ර ශිල්පීහු රැසක්‌ සහභාගි වෙති.

http://www.divaina.com/2014/01/01/news11.html

0 comments: