Pages

Wednesday, January 1, 2014

හිම මත හිස ගැටුණු 'ෆොමියුලා වන්' ධාවන ශූර මයිකල් ෂූමාකර් ජීවිතයත් මරණයත් අතර සටනක

ජගත් මෝටර් රථ තරග ධාවන ඉතිහාසයේ දක්‍ෂතම ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන මයිකල් ෂූමාකර් හදිසි අනතුරකට ලක්‌වීම හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස්‌ වාර්තා සඳහන් කරයි.

'ෆොමියුලා වන්' තරග ධාවන අංශයේ හත්වරක්‌ ලෝක ශූරයා බවට පත්ව 2012 දී ක්‍රීඩාවෙන් සමුගත් මේ වන විට 44 වැනි වියේ පසුවන මෙම ජර්මානු ජාතිකයා ප්‍රංශයේ ඇල්ෆ්ස්‌ කඳු ආශ්‍රිතව නිවාඩුවක්‌ ගතකරමින් හිම මත ලිස්‌සා යැමේ ක්‍රියාකාරකමක යෙදී සිටියදී මෙම අනතුරට මුහුණදී තිබේ.

සිය 14 හැවිරිදි පුත්‍රයා සමග මෙලෙස විනෝද වෙමින් සිටි ෂූමාකර් ලිස්‌සා ඇද වැටී හිස ගලක වැදීම හේතුවෙන් මේ තත්ත්වයට මුහුණ පා ඇත.

හිම මත ලිස්‌සා යැමට ඉතා රුචිකත්වයක්‌ දැක්‌වූ මෙම හිටපු ධාවන ශූරයා අදාළ අනතුරට මුහුණදුන් සැනින් ඉන් සැතපුම් 80 බටහිරට වන්නට පිහිටි රෝහලකට හෙලිකොප්ටරයක්‌ යොදාගනිමින් ගෙන යන ලදී.

හිස ගල මත වැදීමත් සමග ඔහු සිහි විෂඥ තත්ත්වයට පත්ව ඇති බව සිද්ධිය ඇසින් දුටු අය පවසා තිබේ. 

මයිකල් ෂූමාකර්ව රෝහල් ගත කළ සැනින් මොළය පිළිබඳ ප්‍රධාන පෙළේ ශෛල්‍ය වෛද්‍යවරයෙක්‌ විසින් පරීක්‍ෂාවට ලක්‌කර ඇති අතර මොළයේ අභ්‍යන්තර ලේ වහනයක්‌ හේතුවෙන් ෂූමාකර්ගේ තත්ත්වය ඉතා බරපතළ බව ඔහු විසින් ප්‍රකාශ කර තිබුණි.

අනතුර සිදුවී විනාඩි 8ක්‌ තුළ වෛද්‍යාධාර සහිත හෙලිකොප්ටරය පැමිණ ඔහුව රැගෙන යන විටද ඔහුගේ හිස්‌ ආවරණය ඇතුළින් ලේ කාන්දු වෙමින් තිබූ බව පැවසේ. 

කෙසේ වෙතත් හිම මත ලිස්‌සා යැම සඳහා යෝග්‍ය වන ලෙසින් සකසා ඇති පථයට පිටින් ඔහු මෙම ක්‍රියාකාරකමේ යෙදී තිබීම අනතුර මේ සා දරුණු වීමට හේතුව බව ඔහු සිය විවේකය ගත කළ අදාළ හෝටලයේ ප්‍රකාශකයකු පවසා තිබේ. අනතුර සිදුවන අවස්‌ථාවේ ඔහු හිස්‌ ආවරණ පැළඳ සිටීම, අනතුර සිදුවී කෙටි කලකින් රෝහල්ගත කිරීමට හැකියාව ලැබීම සහ අදාළ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පුමඛ පෙළේ වෛද්‍යවරුන් වහා ඔහුට ප්‍රතිකාර පිණිස පැමිණීම ආදී හේතූන් මත ෂූමාකර්ගේ ජීවිතය මේ දක්‌වා ආරක්‍ෂා වුණිද ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බව අදාළ වාර්තාවල සඳහන් වේ.

http://www.divaina.com/2013/12/31/sports02.html

සබැඳි ලිපි -
[
ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් දිනූ මයිකල් ෂූමාකර් හිම මත ලිස්සීමේදී හදිසි අනතුරකින් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්http://denethharinna.blogspot.com/2013/12/7.html
]

0 comments: