අපෙන් ලෝකයට දෙන්න පුළුවන් වටිනාම වස්තුව ලෙස අපි දකින්නෙ ථෙරවාදී නිර්මල බුදුදහමයි. නිර්මල බුදුදහම ඒ ඒ රටවල ප්‍රචාරය කිරීමට අපේ භික්ෂූන් වහන්සේලාට විදේශීය රටවල භාවිත කරන භාෂා පිළිබඳ දැනුවත්කමක් තිබිය යුතුයි. ඒ නිසා පිරිවෙන්වල ඉගෙනුම ලබන කුඩා ස්වාමින් වහන්සේලාට, ඉංගී්රසි, චීන, රුසියන්, ප්‍රංශ, ජර්මන් ආදී විදේශීය භාෂා ඉගැන්වීමට කටයුතු කළ යුතුයෑයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තිහගොඩ ඌරපොල සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහිත අටවිසි බුද්ධ මන්දිරය සහ පොළොන්නරුවේ හේමසිරි නාහිමි ගුණානුස්මරණ රෝහණ සංඝ සභා මූලස්ථාන දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී.
ඉන් අනතුරුව පැවැති දහම් හමුව ආරම්භ කරමින් පිරිස පංචශීලයේ පිහිටුවන ලද්දේ කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේතන පිරිවෙන් විහාරාධිකාරී, ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අධිකරණ සංඝනායක අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ඕමාරේ කස්සප හිමියන් විසිනි.
එහිදී තවදුරටත් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පොළොන්මාරුවේ හේමසිරි නාහිමියන් නමින් සාදන ලද රෝහණ සංඝ සභා මූලස්ථාන දෙමහල් මන්දිරය නම් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.
මේක විශාල ගොඩනැගිල්ලක්. මම හාමුදුරුවන්ට යෝජනා කළේ මෙතැන නැණසලක්වත් දාන්න ඕන කියලයි. එසේ නැණසලක් ආරම්භ කර දරුවන්ටත්, හාමුදුරුවන්ටත් අධ්‍යාපනය ලබන්න අවස්තාව ලබාදිය යුතුයි කියල විශ්වාස කරනවා.
මේ විහාරස්ථානය අපට නුහුරු ස්ථානයක් නොවෙයි. මහාචාර්ය කඹුරුපිටිය වනරතන නායක හාමුදුරුවෝ වැඩ සිටින කාලයේ උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබන්න අපි පිං කර තිබුණා. සෑම අවස්ථාවකම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහභාගි වූ කතරගම පිංකමේ කටයුතු කළේ මේ විහාරස්ථානයේ මූලිකත්වයෙනුයි. මැතිනිය මෙම පංසලට පැමිණ නායක හිමියන් බැහැ දැකීමට පුරුදුව සිටියා. ඒ නිසා තමයි අපිත් මේ පංසලට එන්න පුරුදු වුණේ.
අපවත්වී වදාළ රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහානායක මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මාහිමියන් තුළ පිරිවෙන් අධ්‍යාපනය සහ භික්ෂු අධ්‍යාපනය ගැන විශාල බලාපොරොත්තුවක්a තිබුණා. විවිධ භාෂා ඉගෙන ගන්න කියල හාමුදුරුවෝ උනන්දු කළා. විදේශීය භාෂා ඉගෙන ගන්න දිරිගැන්වූවා. අපෙන් ලෝකයට දෙන්න පුළුවන් විශාලම වස්තුව ලෙස අපි දකින්නේ ථෙරවාදී නිර්මල බුදුදහමයි. පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට විදෙස් රටවල භාෂා ඉගැන්වීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව මා විශ්වාස කරනවා. තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම ගැනත් අපේ අවධානය යොමු කළ යුතුයි.
අපි දරුවන් යහමගට යවන්න ඕන. එය රජයට විතරක් තනියම කරන්න බෑ. අපේ දරුවන් ආරක්ෂා කර ගන්න සමාජයක් සූදානම් වෙන්න ඕන. සමාජයේ තමන්ගේ දරුවන් ගැන වගේම අනුන්ගේ දරුවන් පිළිබඳවත් සොයා බලා සුමගට යවන්න අපි කටයුතු කළ යුතුයි.
මෙවර අයවැයෙන් පිරිවෙන්වල අධ්‍යාපනයට දෙන ආධාර වැඩිකළා. මෙසේ පිරිවෙන් සඳහා දෙන ආධාර වැඩි කළේ මේ පිරිවෙන්වලින් වඩාත් හොඳ අධ්‍යාපනයක් හාමුදුරුවන්ට විතරක් නොවෙයි තරුණ දරුවන්ටත් ලබාදෙන්න කටයුතු කරන්නයි.
අපි පාරවල් හදනවා. අධිවේගී මාර්ග හදනවා. දුම්රිය මාර්ග හදනවා. රුහුණට විදුලිය බලාගාර හදනවා.
පිරිසිදු ජලය ලබාදෙන්න වැඩපිළිවෙල හදනවා. පාසල් දියුණු කරනවා. අපි අලුතින් තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කළා.
වැඩිහිටියන්ට ගරු කරන, දෙමාපියන්ට, ගුරුවරුන්ට හාමුදුරුවන්ට ගරු කරන පරපුරක් හැදුවෙ නැත්නම් සංවර්ධනය ප්‍රතිඵල කල් පවතින්නෙ නැහැ. මේ සමාජයට අයාලේ යන්න ඉඩ දුන්නොත් එයින් ඇතිවන ප්‍රතිඵල අපට රටට ජාතියට විඳින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ආගම දහමට ලැදි පරපුරක් ගොඩනගන්න අපි සියලුදෙනා කැපවිය යුතුයි.
කඹුරුපිටිය ඔරලෝසු කණුව ළඟ සිට දිවෙන මාර්ගය කඹුරුපිටියේ වනරතන නායක හිමියන්ගේ නමින් නම් කරන්න අවශ්‍ය කටයුතු කරන ලෙසත් උපදෙස් දුන්නා.
වනරතන හිමියන් අපට පෙන්වපු මාර්ගයේ යමින් හොඳ සමාජයක් ගොඩනගන්න සියලු දෙනා කටයුතු කරනු ඇතැයි සිතනවා.
ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක ගොම්මද්දල නන්දාරාම හිමියෝ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රථම මහනායක කඹුරුපිටිය වනරතන හිමියන් පණ්ඩිත විභාගය පාස් කරල ඉතිහාසය පුරාවිද්‍යාවට සිත යොමු කළා. මාතර මානව වංශය පොත ලියන්න මාතර දිස්ත්‍රික්කය පුරා ඇති විහාරස්ථානවල පැරණි ලේඛනවල එක්රැස් කළා.
මේ කාර්යය කරගෙන යැමේදී මේ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා මල්වතු මහා විහාරය සමග පවත්වන ලද සමීප සම්බන්ධතා පැහැදිලි වුණා.
ඒ අනුව නැවත මල්වතු විහාරය සමග සම්බන්ධතා ගොඩනගා ගත්තොත් නරකද කියල කතා කළා.
තිහගොඩ ඌරපොල සිරිරතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී ගෝනදෙනියේ තපස්සි හිමියෝ, මන්ත්රී්රවරයකු ඇමැතිවරයකු, විපක්ෂ නායක, අගමැති සහ ජනාධිපති යන හැම අවස්ථාවකම අපේ ජනාධිපතිතුමා මෙම විහාරස්ථානයට පැමිණ තියෙනවා. මෙම විහාරස්ථානය සමග දැඩි සම්බන්ධතා ඇතිව කටයුතු කළා වගේම නායක හාමුදුරුවන් සමග සමීපව කටයුතු කළා.
මෙම සංඝ සභා මූලස්ථාන ගොඩනැගිල්ල ජනාධිපතිතුමාගේ කාරුණික අනුග්‍රහය ලබාගෙන ගොඩනගන්න පුළුවන් වුණා. කෝටි 3 1/2 කට වැඩි මුදලක් වැය කර ගම වඩා ඇති මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරන්න කටයුතු කළා. ජනාධිපතිතුමා සියලු විහාරස්ථාන සංවර්ධනය සඳහා විශාල කැපවීමකින් කටයුතු කරනු දැකීම සතුටට කරුණකි.
ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක හිමිවරු ඇතුළු මහා සංඝ රත්නය සහ මාතර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පී. එල්. ජයවර්ධන - කඹුරුපිටිය
http://www.divaina.com/2014/01/02/news13.html

0 comments:
Post a Comment