මී ඔයේ වර්ථමාන තත්ත්වය පිළිබදව පුත්තලම දිස්‌ත්‍රික් සංවර්ධන කමිටුවට ලොකු වගකීමක් ඇති අතර එහි සභාපතිත්වය දරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටත් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර හා පුත්තලම දිස්‌ත්‍රික් ලේකම් කිංස්‌ලි ප්‍රනාන්දු යන මහතවරුන් කෙළින්ම මෙම විනාශය වළක්‌වා ලීමට මැදිහත්විය හැකි බව මතක්‌කරදිය යුතුව ඇත.
පුත්තලම දිස්‌ත්‍රික්‌කය හරහා ගලා බසින මී ඔය දෙපස වැලි ජාවරම් කරුවන්ගේ විවිධ නීති විරෝධි කටයුතු නිසා එහි දෙපස ඇති ඉපැරණි විශාල කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් බිම ඇදවැටී ඇති අයුරු දක්‌නට ලැබේ.
මේ තත්ත්වය නිසා මී ඔය ඉවුර දෙපස ඉවක් බවක් නොමැතිව සෝදාපාළුවට ලක්‌වී විශාල පරිසර හානියක් සිදුවේ. මේ තත්ත්වය දැනට වසර ගණනාවක සිට දක්‌නට ලැබෙන අතර දිනෙන් දින එය වර්ධනය වන බවක් පෙනේ. මී ඔය දෙපස ඇති විශාල කූඹුක් ගස් රැසක් මේ නිසා දැනට බිමට පතිතවී භමාරය.
කන්ද උඩරටින් පටන්ගෙන පුත්තලම් කළපු තීරයෙන් අවසන් වන මී ඔය දිස්‌ත්‍රික්‌ක ගණනාවක් පසුකර ගොවි බිම් ගණනාවන් සරු සාරකරමින් නිසොල්මනේ ගලා බසියි. නමුත් මිනිසුන්ගේ නීති විරෝධී කටයුතු නිසා එම පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවී තිබේ. මේ තත්ත්වය නිසා ගස්‌කොලන් නැතිවී විශාල හානියක් සිදුවනවා මෙන්ම ලවන ඡලය රට තුළට ගලාඒම වැනි පරිසර ගැටලු පැනනැගීම කාටත් වළක්‌වා ගැනීමට නොහැකි වනු ඇත.
දැනටමත් පුත්තලම පළාතේ බීමට ජලය සොගැනීමට අපහසු වන අතර මෙවැනි විනාශකාරී කටයතු නිසා මෙම තත්ත්වයන් මීට වඩා ඉදිරියේ වර්ධනය විය හැකිය. එය කිසිම අයකුට නතර කළ නොහැකිය. ඒ මක්‌නිසාද ස්‌වභාධර්මයට අපි කාටවත් පිටු පා සිටිය නොහැකි නසාය.
මීට වසර ගණනාවක සිටම මේ තත්ත්වය දක්‌නට ලැබෙන අතර මේ සම්බන්ධව වග කියන අංශ ගණනාවක් ඇති මුත් නීතිය කිසිවක් ක්‍රියාත්මක වන තත්ත්වයක් දක්‌නට නොලැබේ. ඉඳහිට පොලිසිය මඟින් නීති විරෝධී වැලි ප්‍රවාහකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඔවුන්ට කළ යුතුම අවස්‌ථාවකදීම පමණි. මේ තත්ත්වයට පොලිසිය පමණක් වග කිවයුතු නොමැති අතර වන සංරක්‌ෂණ හා පරිසර අංශ වයඹ පාළාතේ පමණක් ඇති වයඹ පළාත් පරිසර අධිකාරි පතල් හා කැනීම් ආයතනය ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන කාර්යාලය වැනි ආයතනවලට කෙළින්ම මෙහි වගකීම දැරීමට සිදුවේ. නමුත් මේ කිසිදු ආයතනය බළධාරින් මේ පිළිබද කිසිදු තැකීමක් නොකර අති බවයි මී ඔය දෙපස දුටුවිට පෙනී යන්නේ මේ කිසිදු බළධාරියකු මේ ස්‌ථාන පරික්‌ෂා නොකොට වැලි කැනීම් සඳහා බළපත්‍ර නිකුත් කර ඇති බව පෙනී යයි.
මී ඔයේ වර්ථමාන තත්ත්වය පිළිබදව පුත්තලම දිස්‌ත්‍රික් සංවර්ධන කමිටුවට ලොකු වගකීමක් ඇති අතර එහි සභාපතිත්වය දරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටත් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර හා පුත්තලම දිස්‌ත්‍රික් ලේකම් කිංස්‌ලි ප්‍රනාන්දු යන මහතවරුන් කෙළින්ම මෙම විනාශය වළක්‌වා ලීමට මැදිහත්විය හැකි බව මතක්‌කරදිය යුතුව ඇත .
1990 තත්ත්වයට වඩා 2000 වර්ෂවල තත්ත්වය වෙනස් අතර 2014 වර්ෂ යේ මේ තත්ත්වය ඊට වඩා හාත්පසින් වෙනස් වී එදා තිබු මී ඔයේ ගමන් මාර්ගයද අද වෙනස්‌වී තිබේ. එනම් දෙපස දරුණු ලෙස සෝදාගෙන යාමයි. ඒ මක්‌නිසාද මේ දිනවල අධික පෑවිල්ල අවස්‌ථාවේ ඉවුරු කඩා කෙලින්ම ලොරි රථ මී ඔයටම බස්‌සවා වැලි පටවා ගැනීමත් හා ඇතුළට දරුණු ලෙස හෑරීම වර්ෂා සමයේ මී ඔය හරහා ගලා බසින අධික ජල කඳ නිසා දෙපස දරුණු ලෙස සෝදාගෙන යයි.
සංවර්ධන කටයුතු වලට හා අනෙක් ඉදිකිරීම් කටයුතු සඳහා වැලි අවශ්‍ය වන අතර මෙම ව්‍යාපාරය යටතේ ඉක්‌මනින් මුදල් සොයා දියුණු වන්නට උත්සා කරන දරු පවුල් රුසක්‌ද සිටියි. වැලි පටවන අය රියදුරන් හා තැරුව් කරුවන් හා ජාවාරම් කරුවන් රැසක් මේ අතර වේ. මෙම වැලි ජාවාරමට නීතියෙන් වැට බැඳීමක් සිදුවුවහොත් ඔවුන්ගේ පවුල් රක්‌ෂාකරන් ක්‍රමවේදයක් අවශ්‍ය බව කිව යුතුව ඇත. නමුත් ඒ පවුල් ප්‍රමාණය සීමාසහිත වේ. ඊට වඩා සමජය හිමි පරිසර පද්ධතියක් රැක ගැනීම අප කාගේත් වගකීමකි.
වන අලින් නිරන්තරව බහුල වශයෙන් මෙම ප්‍රදේශයේ සැරි සරන අතර මෙම වැලි ජාවාරම් කරුවන්ගේ කටයුතු නිසා එම වන අලීන්ද නිතර ගම් වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ
කෙසේ නමුත් ආනාගත පරපුරට මතු ආනාගතයට මී ඔය පරිසර පද්ධතිය රැකදීම අපි කාගේත් වගකීම වනු ඇත. ඒ නිසා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මකකරන බළධාරින් හා ඒ බළධාරින්ට උපදෙස් දෙන අංශ මේ පිළිබදව සොයා බලා කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකි. එසේ සිදුකළහොත් මතු පරපුර අපිට ප්‍රසංසා කරාවි. එසේ නොකළහොත් සාප කරාවි ජාතියේ නාමයෙන් මෙම විනාශය නතර කිරීම බළධාරින් නිළධාරින් සියලු දෙනාගේ වගකීමකි. යුතුකමකි.
පුත්තලම - නලින් හෙන්දුරුගොඩ
http://www.divaina.com/2014/09/09/feature05.html

1 comments:
පරිසරය රැක ගැනීම සැම ෙග් වගකීමක්.
Post a Comment