තානාපති ආචාර ධර්මතා බිඳ දමමින් මෙරට ඇමරිකානු තානාපතිනි මිචෙලි සීසන් මහත්මිය විසින් නැගෙනහිර පළාතේ මුස්‌ලිම් සංවිධාන නියෝජිතයන් 25 දෙනකු කොළඹට කැඳවා රහස් සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධව රජය පරීක්‍ෂණ අරඹා ඇත.
මෙම මුස්‌ලිම් සංවිධාන සමග ඇය සාකච්ඡා පවත්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයට පවා වාර්තාවී නැත.
මෙහිදී ඇය නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාවට ඇති ප්‍රශ්න සම්බන්ධව විමසා ඇතැයි බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවලින් හෙළිවී තිබේ.
ඇමරිකානු තානාපතිනිය සහ මුස්‌ලිම් නියෝජිතයන් අතර පැවැති රහස් සාකච්ඡාවෙන් අප තානාපතිවරුන්ට අදාළ 1961 වියනා සම්මුතිය...