Pages

Thursday, June 18, 2015

මන්ත්‍රීන් 237ක්‌ පත්කර ගැනීමට අදාළ විස්‌ස ඊයේ ගැසට්‌ කරයි

මන්ත්‍රීවරුන් 237 දෙනකු තෝරා පත් කර ගැනීමට අදාළ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ඇතුළත් විසිවන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (17 වැනිදා) ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කොට්‌ඨාස, බහු ආසන හා සමානුපාත මට්‌ටමින් මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 200 ක්‌ තෝරා පත්කර ගැනීමටත් 37 දෙනකු ජාතික ලැයිස්‌තුවෙන් ඒ ඒ පක්‍ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත අනුව තෝරා ගැනීමටත් මෙමගින් යෝජනා කර ඇත.

එක්‌ එක්‌ ඡන්ද කොට්‌ඨාසවලට තරග කරන දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් වෙන වෙනම අපේක්‍ෂකයකු බැගින් ඉදිරිපත් කළ යුතු අතර අදාළ දිස්‌ත්‍රික්‌කයටද වෙනම අපේක්‍ෂිත නාම ලේඛනයක්‌ ඉදිරිපත් කළ යුතු වෙයි.

යම් පක්‍ෂයක්‌ මන්ත්‍රී ධුරයක්‌ හිමිකර ගැනීමට අවම වශයෙන් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 3 කට වඩා ලබාගත යුතුය.

යම් අපේක්‍ෂකයකු මිය ගිය හොත් හෝ ඉවත් වුවහොත් එම පුරප්පාඩුව පිරවීමට අදාළ ඡන්ද කොට්‌ඨාසයේ අතුරු මැතිවරණයක්‌ පැවැත්වීමටද මෙහි යෝජනා කර ඇත.

මෙම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත ඉංගී්‍රසි භාෂාවෙන් පමණක්‌ මුලින්ම ප්‍රකාශයට පත්කර ඇත.

මෙම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

චතුර පමුණුව, රනිල් ධර්මසේන
http://www.divaina.com/2015/06/18/news01.html

Pic Source

0 comments: