Pages

Sunday, June 21, 2015

මෛත්‍රීගේ මතට එරෙහි සටන දිගටම! මත්ද්‍රව්‍ය හා මත්පෙති සමාජය වේගයෙන් ගිල ගනිමින් පවතිනවා!


රටේ වැඩිපුරම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ උතුරු පළාතේ. අන්තර්ජාලයෙන් රූපවාහිනියෙන් දකින වැරැදි දේවල් අත්හදා බලනවා
මේ නිසා හාමුදුරුවන්ට, පූජකවරුන්ට වැඩිපුර සවන් දී සිත සන්සුන් කරගෙන
විභාග වගේම ජීවිතයත් සමත් කරගන්න - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මත්ද්‍රව්‍ය හා මත්පෙති උතුරු සමාජය වේගයෙන් ගිල ගනිමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (18 වැනිදා) පස්‌වරුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පැවති 138 වැනි ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්‌වෙමින් පැවසීය. 

රිච්මන්ඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්‌වෙමින් ජනාධිපතිතුමා මෙසේද කීවේය. 

මම ඉතාමත් සතුටු වෙනවා මේ සන්ධ්‍යාවේ දකුණු පළාතේ පමණක්‌ නොවෙයි ලක්‌වැසි කාගේත් ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූ ඉතාම දීප්තිමත් නාමයක්‌ තිබෙන තම ඓතිහාසික ගමන් මඟ පිළිබඳ ඉතා ඉහළින් උදම් ඇනිය හැකි රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වීමට ලැබීම පිළිබඳව. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්‌ඩලයටත්, දෙමවුපියන්ටත් මගේ ගෞරවනීය ස්‌තුතිය පුද කරනවා මේ වැදගත් අවස්‌ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව. 

මීට මාස අටකට කලින් මම මේ පාසලට ආවා සෞඛ්‍යය අධ්‍යාපන වැඩසටහනක්‌ සඳහා. මේ ශාලාවේ මේ වේදිකාවේ ඉඳගෙන මම කතා කරද්දී එදා මම සිහිනෙකින්වත් හිතුවේ නැහැ මාස කිහිපයකට පස්‌සේ ජනාධිපතිවරයා විදිහට ඔබව අමතන්න ලැබෙයි කියලා. 

කෙසේ වෙතත් කාලයා බොහෝ දේ තීරණය කළ නිසා, රට තුළ ඇතිවූ පරිවර්තනයන් සමග අද ජනාධිපතිවරයා විදිහට ඔබේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට මම සහභාගි වන්නේ ඉතාමත්ම සතුටින්. 

මේ විද්‍යාලයේ කීර්තිමත් ඉතිහාසය පිළිබඳව කතා කරද්දී සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා වැනි උදාර මානව හිතවාදී ප්‍රබුද්ධ චරිත රාශියක්‌ සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම දේශපාලන නායකයන් විදිහට විජයානන්ද දහනායක අගමැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා මේ විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් දේශපාලනඥයන් විදිහට ඔබේ පාසල් ඉතිහාසයට එක්‌වී සිටිනවා. 

මෙතන වාඩිවෙලා ඉන්න ගමන් ඔස්‌ටින් ප්‍රනාන්දු මැතිතුමා මට කිව්වා එකම පාසලකින් රටේ එකම කාලයක ආණ්‌ඩුකාරවරු දෙදෙනෙක්‌ පත්වෙලා ඉන්නවා කියලා. ආදි ශිෂ්‍යයන් වූ හේමකුමාර නානායක්‌කාර මැතිතුමත්, ඔස්‌ටින් ප්‍රනාන්දු මැතිතුමත් අද මේ රටේ ආණ්‌ඩුකාරවරුන් විදිහට කටයුතු කරනවා. එහි ගෞරවය ඔබටයි. මම විශ්වාස කරනවා මෙය කලාතුරකින් වන දෙයක්‌. 

ඔබ විද්‍යාලය ශාස්‌ත්‍රීය අධ්‍යාපනයෙන් ලබා ඇති විශිෂ්ට දියුණුව, ඒ වගේම ඉන් බාහිරව ක්‍රීඩා, කලා, සෞන්දර්ය සහ වෙනත් සමාජ කාර්යයන්වලදී මේ දරුවන් පෙන්වා තිබෙන නිර්මාණශීලීභාවය, ජාතික වශයෙන් පමණක්‌ නොවෙයි අන්තර්ජාතික වශයෙනුත් මේ පාසලට කීර්තිය ගෙන දෙනවා. 

ලෝකය වේගයෙන්ම වෙනස්‌ වන යුගයක තාක්‌ෂණයත් සමග නැත්නම් වෙළෙඳ වටිනාකම් බොහෝ දේ මිල කරන සමාජයක්‌ තුළ මේ දරුවන් අපේ අභිමානවත් ලංකා පුත්‍රයින් විදිහට වගේම අනාගතයේ ඔබ විශිෂ්ටයන්ගේ විශිෂ්ටයන්, ප්‍රමුඛයන්ගේ ප්‍රමුඛයන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපේ ගෞරවය ඔබට පිරිනමනවා. තව තවත් ධෛර්යවත්ව කැපවීමෙන් අධිෂ්ඨානශීලීව අධ්‍යාපනය ලබලා ලෝකය ජයගන්න ඔබට ආශිර්වාද කරනවා.

දරුවනේ, අපි ශාස්‌ත්‍රීය අධ්‍යාපනය, තාක්‌ෂණික දියුණුව, විභාග ප්‍රතිඵල ඒ සියල්ලත් එක්‌ක අප විසින් සමත්විය යුතු සහ ජයගත යුතු අභියෝග මෙන්ම අපේ ජීවිත සාර්ථක කර ගැනීමට දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කිරීමට ගුරු මෑණිවරුන්ගේ, පියවරුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කිරීමට අප තව බොහෝ දේ කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. 

මම දන්නවා ඔබේ පාසලේ විවිධ අංශවල විවිධ සමාජ ඇති. ක්‍රීඩා සමාජ, පුස්‌තකාල සමාජ, කැමරා සමාජ, ගවේෂණ සමාජ ආදී වශයෙන් විවිධ සමාජ සමීක්‌ෂණ තොරතුරු ලබාගන්නා ඒකකයන් ඇති. විදුහල්පතිතුමාගේ කතාව ඉවරවෙලා මෙතැන ඇවිල්ලා වාඩිවුණාම මම එතුමාගෙන් ඇහුවා අර මම ගැන කියපු ටික කොහෙන්ද හොයා ගත්තේ කියලා. එතුමා කිව්වා අපේ දරුවන්ට තිබෙනවා තොරතුරු තාක්‌ෂණ අංශයක්‌. 

ඔබ කල්පනා කළාද පසුගිය අවුරුද්ද තුළ අපේ රටේ පාසල් දරුවෝ කී දෙනෙක්‌ දියේ ගිලිලා මිය ගියාද? ගාලු දිස්‌ත්‍රික්‌කයේ දකුණු පළාතේ කී දෙනෙක්‌ මිය ගියාද? මම දැක්‌කා පහුගිය සතියේ වයස අවුරුදු පහළොවේ දහසයේ පිරිමි දරුවො තුන් දෙනෙක්‌ දිය නෑමට ගිහිල්ලා ජීවිතේ අහිමි වෙලා. වාර්ෂිකව අපේ රටේ සිදුවෙන මරණ සංඛ්‍යාව විශේෂයෙන්ම පාසල් දරුවන් ප්‍රමුඛව තරුණ ජීවිතවලින් විශාල ප්‍රමාණයක්‌ අහිමි වෙනවා දියේ ගිලිලා. මේ නිසා තමන්ගේ ආරක්‌ෂාව පිළිබඳව දෙමවුපියන් ගෙන්, විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් ඔබට ලැබෙන උපදෙස්‌, අනුශාසනා සහ මඟපෙන්වීම අනුව යමින්, ගමේ පන්සලේ බණ කියන හාමුදුරුවන්ට අවනත වන ඔබ, එහෙම නැත්නම් දේවස්‌ථානයේ පල්ලියේ කතෝලික පියතුමන්ගේ, හින්දු පූජකතුමාගේ, ඉස්‌ලාම් පූජකතුමාගේ ධර්මයට සවන් දෙන ඔබ සන්සුන් බව, ඉවසීම, ප්‍රඥව වැඩිදියුණු කර ගනිමින් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

අපේ දවසේ කාලසටහන, පාසල් කාලසටහන, එතැනින් එහාට අපි දවස ගතකරන හැටි, ඒ ගතකරන දවස තුළ අපි කොතෙක්‌ දුරට අපට අවශ්‍ය දේ සහ අපට සුදුසු දේ කරනවද? මේවා පිළිබඳව දරුවනේ වඩ වඩා ඔබ සිතිය යුතු වෙනවා. විභාගයේ ඉහළම ප්‍රතිඵලය ඔබට අවශ්‍යයි. විභාගයේ ඉහළින්ම සමත්වීම ඔබට අවශ්‍යයි වගේම ජීවිතය සමත්වීමේ හැකියාව ඔබට තිබිය යුතුයි.

මම දැන් සති තුනකට කලින් උතුරේ, යාපනේ දරුවෝ හමුවුණා. ඔබ මාධ්‍ය මගින් දුටු ඒ ආදරණීය දියණිය විද්‍යාගේ මරණය පිළිබඳව ඇතිවෙච්ච තත්ත්වය සමගම හදිසියේම උතුරට ගිහිල්ලා පාසල් දහයක දොළහක දරුවෝ එක තැනකට ගෙනැල්ලා මං ඒ අයත් සමග බොහොම සුහද සාකච්ඡාවක්‌ කළා. සිංහල, දමිළ, මුස්‌ලිම් දරුවෝ දෙතුන් සීයක්‌ එක්‌වුණා. මං ඒ ගොල්ලත් එක්‌ක කතා කළා. ඒ දරුවන්ගේ දෙමවුපියොත් එක්‌ක කතා කළා. අද රට වශයෙන් තිබෙන බරපතළම සමාජමය ප්‍රශ්නයක්‌ වූ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයේ දී උතුරේ තත්ත්වය ඉතාමත්ම ශෝචනීයයි. අද ලංකාවේ මධ්‍යසාර බදු හැටියට වැඩිපුරම ආණ්‌ඩුවට සල්ලි ගෙවන්නේ උතුරෙන්. ඒ හැර මත්කුඩු, මත්පෙති බරපතළ ලෙස වේගයෙන් උතුරේ සමාජය යටපත් කරගෙන යනවා. දකුණෙත් ඔබ දන්නවා මේ ප්‍රදේශවල බස්‌නාහිර පළාත, කොළඹ ප්‍රමුඛව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබෙන ඉතාමත්ම භයානක තත්ත්වය කුමක්‌ද කියලා. උතුරේ දෙමළ මවක්‌ සමග මම කතා කරලා මම ඒ මවගෙන් වටපිටාව පිළිබඳව අහපුවහම ඇය කිව්වා, අපි ගෙවල්වල දරුවෝ පරෙස්‌සම් කරන්නෙ දරුවන්ට අනවශ්‍ය දේ දරුවෝ සොයාගනී, මුදල් ලබාගනී කියලා ගෙදර තියෙන අල්මාරි කබඩ් ලොක්‌ කරනවලු. සමහර විට ගෙදර සේප්පුවක්‌ තියෙනව නම් ඒකත් ලොක්‌ කරනවලු. ඒ වගේම සමහර වෙලාවට අපි ළඟ ඉන්න දරුවෝ අපි ගමනක්‌ යනකොට පවුලේ කාටහරි දරුවෝ බලාගන්න කියලා දීලා යනවා. ඒ අතරට ගෙදරින් එළියට ගියාම පාසලේ ආචාර්ය මණ්‌ඩලය ගුරු මහත්ම මහත්මීන් දරුවො බලා ගන්නවා. ඒ වුණාට සර් ඒ කවුරු කොහොම ළමයි බලාගත්තත් වැඩක්‌ නැහැ. ලොක්‌ කරන්න ඕනෑ ගෙවල්වල කාමරවත්, පෙට්‌ටගම්, අල්මාරි ලාච්චුවත් මොකවත් නෙවෙයි. සර්ට පුළුවන්නම් ලොක්‌ කරන්න අන්තර්ජාලය කියලා මට කිව්වා. අපි මොනවා ලොක්‌ කරත්, මොන විදියේ ආරක්‌ෂාව දුන්නත් දරුවෝ අද බරපතළ විදිහට අන්තර්ජාලයත් එක්‌ක සම්බන්ධ නිසා අපිට හරිම අමාරුයි දරුවෝ හදාගන්න කියලා. 

විද්‍යා දියණියගේ මරණය පිළිබඳව වටපිටාවේ තොරතුරු අහපුවම බොහෝ අය කියපු කාරණය තමයි අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ගෙදර තියෙන රූපවාහිනියෙන් දකින, චිත්‍රපටියෙන් දකින දර්ශන අත්හදා බලන්න අපේ තරුණ පිරිස දැන් හුරුවෙලා ඉන්නවා කියලා. ඒ අත්හදා බැලීම්වලට යන්න මත්ද්‍රව්‍ය, මත්කුඩු පාවිච්චි කරනවා. මත් පෙති පාවිච්චි කරනවා. 

ඔබ දකින්න ඇති දැන් දින 03 කට කලින් පාසලක්‌ ඉදිරිපිට එක්‌තරා ව්‍යාපාරික ආයතනයක්‌ මත්බීම පාසල් දරුවන්ට දීලා පොලිසිය අත්අඩංගුවට ගත්තා. අපි දෙමවුපියෝ මේ ගුරු මෑණිවරු පියවරු අනෙකුත් සමාජ වගකීම් දරන සියලු දෙනා ආගමික වශයෙන් පූජකවරු මේ සියලු දෙනා එක්‌ක යහපත් රටක, යහපත් පුරවැසියන් හදන්න මේ අභියෝගාත්මක වගකීම ඔබ සියලුදෙනා ඉටු කරද්දී, සල්ලිවලට ආස කරන, ජීවිතවල වටිනාකමක්‌ නොදන්න, රුපියල් ශත තමයි ලෝකයේ වටිනාම දේ කියලා සිතන සමාජයේ සුළු පිරිසක්‌ මේ අපේ වැදගත් වූ ගෞරවනීය වූ මිනිස්‌ සමාජය විනාශ කරනවා.

ඒ නිසා මේ වර්තමාන තත්ත්වයත් එක්‌ක රිච්මන්ඩ් විද්‍යාලයේ ඔබත් ඒ එන සමාජමය අභියෝග, පාසල, වටපිටාව, ඔබ ජීවත් වන පවුල් සංස්‌ථාව, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ඇසුරු කරන අහළ පහළ ඥතීන් මේ සියල්ලන් සමඟ ගුණධර්ම සාරධර්මවලින් පිරුණු සමාජයක්‌ ගොඩනැගීම සඳහා අපි අලුතෙන් හිතලා, අලුතෙන් සැලසුම් කරලා අලුත් මඟක යා යුතුයි කියලා මා විශ්වාස කරනවා. 

ඒ නිසා අපි නව රජය විදියට බලාපොරොත්තු වෙනවා මේ තිබෙන සමාජ වටපිටාවේ අශීලාචාර වූ අවිනීතකම්, වෙනස්‌ කරන්නට ගත හැකි සෑම පියවරක්‌ම ගන්නවා. ඔබ වැනි කීර්තිමත් පාසලක දක්‍ෂකම්, නිපුනකම්, විශිෂ්ටකම් පෙන්වන මේ දරුවන්ටත් ඒ සඳහා නායකත්වය ගත හැකියි කියලා මම විශ්වාස කරනවා. සමාජයට පණිවුඩ දෙන්නට පාසල් දරුවා තරම් සුදුසු කෙනෙක්‌ මම දකින්නේ නෑ. ඒ නිසා මේ මානව සමාජයේ විශිෂ්ටයන් වන්නට ඔබට ශක්‌තිය ධෛර්ය ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා. 

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි, හිනිදුම - රවීන්ද්‍රලාල්
http://www.divaina.com/2015/06/20/news28.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[
දරුවන් මතට යොමුකර මුදල් උපයනවා! දෙමාපියන්ට වඩා සමහර දරුවෝ ජංගම දුරකථනයට, ලැප්ටොප් එකට ආදරෙයි! දරුවනි, යහපත් වැසියන් ලෙස ලොව දිනන්න - මෛත්‍රිhttp://denethharinna.blogspot.com/2015/06/blog-post_68.html
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - අභියෝගාත්මක 80% කඩ ඉම ජයගනී. පොදු ජනයා වෙනුවෙන් අඛන්ඩ සටනක් ගෙනගිය මෛත්‍රීට උපහාරය!http://denethharinna.blogspot.com/2015/02/80.html
දුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_5.html
මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_15.html
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.html
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.html
උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.html
සිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.html
මාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.html
රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.html
එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: