Pages

Wednesday, June 17, 2015

සංහිදියාවට සිංහල ඩයස්‌පෝරාව සූදානම්

නිකුත් කරන සෑම පුවත්පත් නිවේදනයකම එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයේ මහා ලේකම්ගේ සිට පහතට සිටින සියලු දෙනාම ගිරවුන් මෙන් දොඩන එකම වචනය වන්නේ සංහිඳියාවයි. කලින් සිටි නෝර්වීජියානු රාජ්‍ය නියෝජිතයෙක්‌ යෑකි කියා ගන්නා ශ්‍රී ලංකා ද්‍රවිඩ ප්‍රශ්නය ගැනම පමණක්‌ උමතුවෙන් දොඩවන්නෙකු මෙන්ම දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානය ද දෙමළ ඩයස්‌පෝරාව නියෝජනය කරනවායෑයි කියවෙන කණ්‌ඩායම් ද අතර සිදු වූවායෑයි කියන රහස්‌ සාකච්ඡාව ගැන නිකුත් කර ඇති නවතම පුවත්පත් නිවේදනයට අනුව මෙම සාකච්ඡාවේ දී මතු වූ ප්‍රධාන අංගයක්‌ වූයේ එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයේ 1373 අංකය දරන සම්මුතියට අනුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දේශපාලන සිරකරුවන් ලෙස සලකා මෙම පුනරුත්ථාපනය නොකරන ලද අන්තවාදී කොටස්‌ නිදොස්‌ කොට මුදා හැර එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඇති තහංචි සියල්ල ඉවත්කර දැමීමය.

මිලියන 20 ක පමණ ජනගහනයකින් සමහරක්‌ විදේශීය රටවලට සංක්‍රමණය කර ඇත. මෙම ජනගහනයෙන් 74% ක්‌ සිංහල ජාතිකයන් වන බැවින් සංක්‍රමණිකයන් අතර මුස්‌ලිම් හෝ ද්‍රවිඩ ප්‍රජාවට වඩා සිංහලයන් සිටීම පුදුමයක්‌ නොවේ. මේ අනුව බලන විට ඕස්‌ටේ්‍රලියාවේ සිංහල ජාතිකයන් 90,000 ක්‌ සිටින අතර ද්‍රවිඩ සංක්‍රමණිකයන් සිටින්නේ 50,000 කි. මෙයට අනුව වැඩිම ද්‍රවිඩ සංක්‍රමණිකයන් පිරිසක්‌ එක්‌රොක්‌ වී ඇත්තේ කැනඩාවේ විය හැකි අතර එක්‌සත් ජනපදය, එක්‌සත් රාජධානිය, යුරෝපා හවුලට අයත් රටවල සංවිධානාත්මක සිංහල ඩයස්‌පෝරාවන් මෙන්ම එසේ සංවිධානය නොවූ තනි සිංහල පුද්ගලයන් පවා සැලකිල්ලට ගත යුතු වන්නේ නව රජය යම් කිසි ආකාරයක දෙමළ ප්‍රජාව සමඟ සංහිඳියාව සම්බන්ධව මොනයම් ආකාරයේ සාකච්ඡාවකට හෝ යැමට බලාපොරොත්තු වන්නේ නම් ඉහත සඳහන් සිංහල ඩයස්‌පෝරාව ගැන ද අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු වේ.

මේ අනුව සිංහල ඩයස්‌පෝරාවේ අදහස්‌ ද නොගෙන දෙමළ ඩයස්‌පෝරාව ගැන පමණක්‌ තීන්දු තීරණ ගන්නේ නම් එය අසාධාරණ මෙන්ම කුහක ක්‍රියාවක්‌ වනු ඇත.

වැඩිදුරටත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ දැනට පවතින සාකච්ඡාවන් සියල්ලම පැවැත්වෙන්නේ තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. පෙරමුණයන් සමඟය. මෙම කණ්‌ඩායම් එල්.ටී.ටී.ඊ. ය සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇත. මෙසේ සම්බන්ධතා පැවැත්වීමෙන් ඔවුන් එල්.ටී.ටී.ඊ. භීෂණයට අවශ්‍ය කරන මූල්‍යමය හා අනිකුත් අවශ්‍යතාවන් සැපයීමේ ක්‍රියාවන්ට නිත්‍යානුකූල වැරදි කරුවන් බවට පත් වී ඇත, අපි සැමදාම ඉදිරිපත් කළ දර්ශනයට අනුව "සියලුම ද්‍රවිඩ ජාතිකයන් එල්.ටී.ටී.ඊ. ජාතිකයන් නොවන අතර සියලුම එල්.ටී.ටී.ඊ. ජාතිකයන් දෙමළ ජාතිකයන්ය" යන පදනම අනුව ඉහත සඳහන් වූ පෙරමුණු සියල්ල ද්‍රවිඩ විරෝධී සංවිධාන ලෙස සැලකිය යුතුව ඇත. එම නිසා ශ්‍රී ලංකාවේ පැවැති මෙම ගැටුම නැතහොත් යුද්ධය මුළුල්ලේම මේ අය කර ඇත්තේ කොටි සංවිධානයට සේවය කිරීම මිස වෙන කිසිවක්‌ නොවේ.

මිනිස්‌ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය (Human Rights Watch) පැහැදිලි ලෙස ඔප්පු කර ඉදිරිපත් කර තිබූ විශේෂ වාර්තාවකට අනුව දෙමළ ඩයස්‌පෝරාව කොටි සංවිධානයේ අවශ්‍යතාවන් සඳහා විදේශීය මෙන්ම දේශීය දෙමළ ප්‍රජාව බලහත්කාරයෙන් මුදල් හා අනෙකුත් උදව් ලබා ගත් ආකාරයන් ඉතා පැහැදිලිව සටහන් වී ඇත. කොටි සංවිධානයේ නැතහොත් එයට සම්බන්ධ ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ නීති විරෝධී මෙන්ම කෲර ක්‍රියාවන් ඉස්‌මතු කර පෙන්වීම සඳහා පහත සඳහන් සිද්ධීන් පෙන්වා දිය හැක. එනම්. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් එතෙරත් මෙතෙරෙත් අහිංසක දෙමළ ජනතාවගෙන් කප්පම් ගැනීම. අවි ආයුධ ගැනීම සඳහා මුදල් එකතු කිරීම පිණිස විවිධ ප්‍රසංග පැවැත්වීම. කොටි සංවිධානයේ පැවැත්ම සඳහා යයි කියමින් මාසිකව අහිංසක දෙමළ ජනතාවගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කිරීම හා එසේ මුදල් ගෙවීමට ප්‍රතික්‍ෂේප කළ අයට මරණය මෙන්ම අනිකුත් ශාරීරික වද හිංසා හා දේපළ විනාශ කිරීම අනන්ත අප්‍රමාණ වාරයක්‌ තැනින් තැන සිදු වූ අතර මෙවැනි දේ ඉස්‌මතු කර පෙන්වීම සෑම සාධාරණ මෙන්ම සාමය අගයන සංවිධානයකම යුතුකම වේ.

www.hrw.org/reports/2006/ltte0306 "අවසන් සටන" සොයා යැම, ද්‍රවිඩ ඩයස්‌පෝරාව තුළ තිබූ භීෂණය හා කප්පම් ගැනීම (පිටු 45 ක වාර්තාව)

මට එහි (ශ්‍රී ලංකාවේ) සහෝදරයෙක්‌ ඇත. ඔහුට අනතුරක්‌ වනවා දැකීමට මම අකමැතිය. ඉතින් මා යන්නේ ඔවුන් ඉල්ලා සිටින ඕනෑම දෙයක්‌ කිරීමටය.

- එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ටොරොන්ටෝ කාන්තාවගෙන් තර්ජනාත්මක ලෙස අරමුදල් ඉල්ලා සිටීම.

"ඔවුන් මුදල් ඉල්ලා සිටින වෙලේ ඔවුන් ඔවුන්ගේ ලිපි ගොනුවද පරීක්‍ෂා කළහ. මෙම නිවසේ කෙතරම් කාලයක්‌ ජීවත්ව සිටියේ ද යෑයි ඔවුන් විමසුවෝය. ඔවුන්ට අපි කීමෙන් පසුව ඔවුන් / 5000 ක්‌ සඳහන් කළෝය".

සාකච්ඡාවන් දැන් කෙරීගෙන යන්නේ මෙහි සඳහන් වූ කණ්‌ඩායම සමඟය. දෙමළ ඊළාමය හේතුවක්‌ ලෙස ඉදිරිපත් කරමින් ඔවුන් උත්සහ කරන්නේ මුදල් උපයන නව ක්‍රම සොයා ගැනීමය.

එහෙත් දශක 3 කට වැඩි කාලයක්‌ මුළුල්ලේ විවිධ රටවල සිංහල ඩයස්‌පෝරාවන් ශ්‍රී ලංකා රජයෙන් කිසිම උදව්වකින් තොරව ඔවුන්ට හැකි මට්‌ටමෙන් මෙම කෲර දෙමළ ඩයස්‌පෝරාවට අයත් කණ්‌ඩායම් වලින් පතුරුවන ව්‍යාජ තොරතුරු හා අහිංසක දෙමළ ප්‍රජාවන්ට සිදු වේ යෑයි කියන දැඩි අසාධාරණකම් හා ඥතීන් ගැන පතුරුවන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව ජාති හිතෛෂී අප්‍රමාණ සිංහල කණ්‌ඩායම් කටයුතු කර තිබේ.

මෙම සිංහල ඩයස්‌පෝරාවලින් කරන ලද මෙම මා හැඟි සේවාවන් ගැන අපගේ ස්‌තූතිය පිළිගැන්විය යුතුය. තම මව්බිමට වන අසාධාරණය දැක තම තමන්ගේ කාලය හා මුදල් යොදවමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නානාප්‍රකාරයේ සේවාවන් වෙනුවෙන් කිසිම ප්‍රශංසාවක්‌ නොලත් සිංහල ඩයස්‌පොරාවට අයත් වීරයින් හා වීර වරියන් අප සැම සිහිපත් කළ යුතු වේ. විදෙස්‌ ගත වී සිටින සිංහල ඩයස්‌පෝරාව මෙසේ ස්‌වෙච්ඡාවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුව වූයේ එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය, විදෙස්‌ තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන වල මුදලට වැඩ කරන්නන් හා අනිකුත් ජාත්‍යන්තර සංවිධාන ඇතුළත්ව මේ සියලු දෙනාම කොටි සංවිධානය සමඟ යම්කිසි ආකාරයක පෞද්ගලික හැඳුනුම්කමක්‌ හෝ සම්බන්ධතාවක්‌ තිබුණු අතර මොවුන් සැමවිටම අපක්‍ෂපාතී තීරණ ගැනීම් ගැන අනිවාර්යෙන්ම ප්‍රශ්න කිරීමට මැලි නොවීය.

ඉහත කරුණුවලට අනුව සඳහන් නොකරම බැරි වැදගත්ම කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ සංහිඳියාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී දෙමළ ඩයස්‌පෝරාවේ අදහස්‌ හා මත සැලකිල්ලට ගැනේ නම් ඒ ආකාරයෙන්ම සිංහල ඩයස්‌පෝරාවේ ද අදහස්‌ මත විමසා ඒවා ද අනිවාර්යෙන්ම සැලකිල්ලට ගත යුතුය.

ඕනෑම අවස්‌ථාවක ශ්‍රී ලංකා රජය දෙමළ ඩයස්‌පෝරාව සමඟ තීරණ ගැනීම සඳහා සාකච්ඡා පවත්වන්නේ නම් සිංහල ඩයස්‌පෝරාව සමඟ ද එවැනිම සාකච්ඡා පැවැත්වීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම දැනට සාකච්ඡා පවත්වන දෙමළ ඩයස්‌පෝරා කණ්‌ඩායම් සෘජුවම කොටි සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බැවින් ඔවුන් කිසිසේත්ම ද්‍රවිඩ ප්‍රජාවගේ නියෝජිතයන් ලෙස මොනම ආකාරයකින්වත් සැලකිය නොහැක. පිටරට ජීවත්වන බොහෝ දෙමළ ජනතාව සිදු වී ගෙන යන කටයුතු හා සාකච්ඡා ගැන කිසි විවේචනයක්‌ හා අදහසක්‌ ප්‍රකාශ කිරීමට මැලි වන්නේ සමහර කෲර දෙමළ කණ්‌ඩායම්වලට ඇති බිය නිසාය. එම නිසා මෙවැනි නන්දැරූ කන්ඩායම් කිසිම අවස්‌ථාවක කිසිම විධියකින් සාකච්ඡාවලට හෝ තීරණ ගැනීම් සඳහා කිසිම ඉඩක්‌ සලසා දිය යුතු නොවන්නේය.

පත් වී ඇති නව රජය මෙම සංවිධාන වල ඇති භයානකකම හරි ආකාරව වටහාගෙන නැති බැවින් මෙම සංවිධාන නැවතත් පිටරට දෙමළ ප්‍රජාවගෙන් අරමුදල් එක්‌රැස්‌ කිරීමේ ව්‍යාපාර අරඹා ඇත. මින් සිදුවන්නේ දෙමළ විමුක්‌තිය ගැන ව්‍යාජ සිහිනයක්‌ මවමින් මෙම ව්‍යාජ සංවිධාන වල සාමාජිකයන් තම තමන්ගේ 'ගොඩ' වැඩිකර ගැනීමයි.

කොටි ව්‍යාපාරයේ සමහර කණ්‌ඩායම් මෙවැනි ව්‍යාජ මෙන්ම ශ්‍රී ලංකාවට ඉතා අහිතිකර ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර සිංහල ඩයස්‌පෝරාවේ සාමාජිකයන් කිසිම අවස්‌ථාවක අරමුදල් එක්‌රැස්‌ කිරීමේ ව්‍යාපාරවල නියෑළී නැති අතර අවශ්‍ය වූ අවස්‌ථාවලදී වියදම සඳහා ඔවුන් ඔවුන්ගේම පෞද්ගලික මිල මුදල් භාවිත කිරීම ගැන ද සියලු ශ්‍රී ලාංකිකයන් ආඩම්බර විය යුතුය. එම නිසා සිංහල ඩයස්‌පෝරාවේ අදහස්‌ උදහස්‌ සැම විටම සැලකිල්ලට ගත යුතු බව මෙහි ලා කනගාටුවෙන් හෝ තරයේ ප්‍රකාශ කිරීමට සිදු වී ඇත.

ෂෙනාලි ඩී. වඩුගේ
http://www.divaina.com/2015/06/17/feature01.html

0 comments: