Pages

Thursday, June 18, 2015

දරුවන් මතට යොමුකර මුදල් උපයනවා! දෙමාපියන්ට වඩා සමහර දරුවෝ ජංගම දුරකථනයට, ලැප්ටොප් එකට ආදරෙයි! දරුවනි, යහපත් වැසියන් ලෙස ලොව දිනන්න - මෛත්‍රි

මනුස්‌සත්වයට වඩා රුපියල් ශත, ඩොලර්වලින් මිනිස්‌ ජීවිත මිලකරන සමාජයක්‌ අද ඇතිවී තිබෙනවා. එබැවින් විභාග සමත් වෙනවා මෙන්ම තම ජීවිත ජයගැනීමටත් අපේ වටිනා සිසු පරපුර තීරණය කළ යුතුයි. පාසල කියන්නෙ තමන්ට අධ්‍යාපන දැනුම මෙන්ම ලෝකයේ හොඳ නරක කියා දෙන පූජනීය ස්‌ථානයක්‌ බව වටිනා දූ දරුවන් නිතර සිහියේ තබාගත යුතු යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 16 දා පැවසීය.

ජනාධිපතිතුමන් මෙලෙස පැවසුවේ වසර 200 ක්‌ ඉපැරණි ආසියාවේ පැරණි කාන්තා පාසලක්‌ වන මීගමුව නිව්ස්‌ටෙඩ් කාන්තා ජාතික පාසලේ ලක්‍ෂ 280 ක්‌ වැයකොට අභිනවයෙන් ඉදිකළ "ද්විත්ව ශතක" සංවත්සර නව තෙමඟුල් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව එම විදුහලේ 16 දා පැවැති සංවත්සර රැස්‌වීම අමතමිනි.

එහිදී පාසලේ සිසුවියන්, ආදි සිසුවියන් දෙමාපියන් සහ ආරාධිතයින් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා "මෙම විදුහල 1816 මෙතෝදිස්‌ත පියතුමකුගේ මෙහෙයවීමෙන් ආරම්භ වී දැනට විදුහලේ සිසුවියන් 3500 ක්‌ පමණ ඉගෙනුම ලබන බවට දැනගන්නට ලැබුණා. වසර 200 පමණ ඉපැරණි නිවුස්‌ටෙඩ් බාලිකා ජාතික පාසල අද ලංකාවේ ප්‍රධාන බාලිකා විදුහලක්‌ බවට පත්වෙලා. අද සමාජයේ තාක්‍ෂණ දියුණුවත් සමඟ ආකල්ප වෙනස්‌ වෙලා. තම මවට වඩා ජංගම දුරකථනයට, ලැප්ටොප් පරිගණයට ගරු කරන ආදරය කරන තරුණ සමාජයක්‌ අද බිහිවෙලා.

සමහර තරුණ තරුණියන් හිතන්නෙ තමන්ගේ ඉටුදේවතාවා ඉන්නෙ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකය ඇතුළෙයි කියලයි.

අද ලංකාව වැඩියෙන් දිවිනසා ගන්නා රටක්‌ බවට පත්වෙලා. දිවිනසා ගන්නා තරුණ - තරුණියන් වයස අවුරුදු 15 - 25 අතර වයස්‌වල අයයි. එමෙන්ම තරුණ විවාහ ජීවිත 65% - 70% අද අසාර්ථක වෙලා. එයට හේතුව ඔවුන් ලොව ජයගන්න මිස ජීවිත ජයගන්න කටයුතු කර නොතිබීමයි. සමාජයේ බාහිර අභියෝගවලට මුහුණ දෙන්න අපේ සිසුපරපුර මෙන්ම තරුණ පරපුරද පුරුදු පුහුණු විය යුතුයි. අද රටේම වටිනා සම්පත වන සිසු පරපුරේ ජීවිත අවදානමකට ලක්‌කිරීමට ව්‍යාපාරිකයන් පිරිසක්‌ බිහිවෙලා තියෙනවා. අපේ සිසු පරපුර මත්කුඩුවලට, මත්පෙතිවලට යොමුකරල ඔවුන් ඩොලර් ඉපයීම ආරම්භ කරල තියෙනවා.

බාහිර සමාජයෙන් එන අභියෝගවලට මුහුණ දෙන්න අපේ සිසු පරපුර, තරුණ පරපුර පුරුදු පුහුණු විය යුතුයි. එම අභියෝග මොනවාදැයි පැහැදිලිව තේරුම් ගතයුතුයි. අද ලෝකය විවෘත තැනක්‌. තාක්‌ෂණය අනුව අද ලෝකය පිළිබඳව දකින්න, අහන්න අපට පුළුවන්. ඒවා නවත්වන්න කිසිවෙකුට නොහැකියි. සමාජය තුළ ප්‍රශ්න කොතරම් පැන නැගුනත් සත්‍ය සොයා නිවැරදි මාර්ගය තෝරා ගැනීමට අපේ සිසු - තරුණ පරපුර ඉටාගත යුතුයි.

අද ලෝකයේ දේශපාලනය, සංස්‌කෘතිය, ආගමික අදහස්‌, ආර්ථිකය, වේගයෙන් වෙනස්‌ වෙනවා. සමාජ ආකල්ප වෙනස්‌ වෙනවා. තාක්‍ෂණයත් සමග ලෝකයේ සීග්‍රයෙන් පරිවර්තනයකට ලක්‌වෙනවා. මිනිස්‌ ජීවිතවල වටිනාකම ඩොලර් වලින්, රුපියල්වලින් මනින යුගයක්‌ අද ඇතිවී තිබෙනවා. ලෝකය කැරකෙන විදිහ අනුව ලෝකය ජයගත හැකි අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසීම රටට අවශ්‍යයයි. විභාග ප්‍රතිඵලවලින් මෙන්ම සෞඛ්‍ය, කලා, ක්‍රීඩා කථික තරඟවලින්ද දස්‌කම් දැක්‌වීමට අපේ සිසු පරපුර යොමු කළ යුතුයි.

ජීවිත මුදලින් අගයකරන වාණිජ සමාජය තුළ මිනිසත්කමේ වටිනාකම ඉගෙනගන්නා හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී අපේ සිසු පරපුර රට ගොඩනැගීමේ කාර්යයට යොමු කළයුතුයි. එවිට අපේ සිසු පරපුර මෙන්ම තරුණ පරපුරට සුදුසු දේ කුමක්‌ද නුසුදුසු දේ කුමක්‌දැයි මනාව වටහා ගැනීමට හැකි වෙනවා.

අපේ සිසු පරපුරෙන් තරුණ පරපුරෙන් මා ආදරයෙන් ඉල්ලා සිටින්නෙ දෙමාපිය, වැඩිහිටි, ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබමින් යහපත් වැසියන් ලෙස ලොව ගොඩනැගීම සඳහා ඉදිරියට යන ලෙස යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා - අද අධ්‍යාපනයෙන් රටට වියයුතු සේවය ආගම, ජාතීන් අතර සහයෝගය වර්ධනය වීමයි. මැදපෙරදිගට තෙල් සම්පත තිබුණත් අපට ඇත්තේ මානව සම්පත පමණයි. යහපත් අධ්‍යාපනය තුළින් ලෝකේ ඇතිවන ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාව වැඩිවෙනවා. අධ්‍යාපනය තුළින් ප්‍රශ්න දෙස බැලීමේදී එම ප්‍රශ්නවල හැඩ තල වෙනස්‌ වෙනවා. ලෝකයේ දියුණු රටවල් වර්තමානයට ගැළපෙන ලෙස අධ්‍යාපනය ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා. ගුරුකම ලෝකයේ ශ්‍රේෂ්ඨතම වෘත්තියයි. ගුරු වෘත්තිය තුළිනුයි ලෝකය ඉදිරියට ගෙන යැමට අවශ්‍ය විද්වතුන් බිහි කරන්නෙ. අද ගුරුවරුන් සහ සිසුන් අතර සම්බන්ධය බිඳ වැටීමට කරුණු යෙදී තිබෙනවා. එම තත්ත්වය ගුරුවරයා සහ සිසු පරපුර අතර අෙන්‍යාන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමෙන් එම ප්‍රශ්නය සුහදව විස¹ගත හැකියි. අද වත්මන් රජය අධ්‍යාපනය දේශපාලනයෙන් ඈත්කරගෙන යනවා. ශක්‌තිමත් චක්‍රලේඛයක්‌ හදල දක්‍ෂ දරුවන්ට දේශපාලන බලපෑම්වලින් තොරව හොඳ පාසල් ලබාදීමට කටයුතු කරනවා. අපි අධ්‍යාපනය සඳහා යොදවන මුදල ජාතික ආදායමෙන් 6% දක්‌වා ඉහළ යවන්න සැලසුම්කර තිබෙනවා. පසුගිය රජය අනවශ්‍ය දෙයට මුදල් වියදම් කළා මිස අධ්‍යාපනයට වැයකිරීමට මුදල් යෙදවූවේ නැහැ. මා අධ්‍යාපන අමාත්‍යාංශය භාරදෙද්දී එම අමාත්‍යාංශය හොර ගුහාවක්‌ බවට පත්කොට තිබුණා. පාසල්වලට පරිගණක මිලදී ගැනීමේදී රුපියල් කෝටි ගණන් දූෂණය කර තිබුණා යෑයි අධ්‍යාපන ඇමති අකිල විරා- කාරියවසම් මහතා පැවසීය. මෙහිදි එහි විදුහල්පතිනි ගයනි හේරත්, නිවුස්‌ටඩ් බාලිකා ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංවිධායිකා එහි නීති උපදේශක ජ්‍යෙෂ්ඨ නීතිඥ චම්පික, අලහකෝන් සහ මහත්මීහුද අදහස්‌ දැක්‌වූහ.

මෙම අවස්‌ථාවට නීතිය සහ සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග, උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ, බස්‌නාහිර පළාත් සභා ඇමැති නිමල් ලාන්සා යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයන් රැසක්‌ සහභාගි වූහ.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2015/06/18/news48.html

සබැඳි ලිපි කිහිපයක් -
[
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - අභියෝගාත්මක 80% කඩ ඉම ජයගනී. පොදු ජනයා වෙනුවෙන් අඛන්ඩ සටනක් ගෙනගිය මෛත්‍රීට උපහාරය!http://denethharinna.blogspot.com/2015/02/80.html
දුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_5.html
මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_15.html
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.html
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.html
උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.html
සිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.html
මාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.html
රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.html
එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: