Pages

Sunday, June 21, 2015

චිනයේ රාමසාන් උපවාසය තහනම්!

මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත්වන සිංජියෑන් ප‍්‍රාන්තයේ ගුරුවරුන්, සිසුන් හා සිවිල් සේවකයින්ට රාමසාන් උපවාසය තහනම් කිරීමට චීනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

චීන රජයේ ආහාර හා ඖෂධ පාලක ආයතනයේ සිංජියෑන්හි ජින්යේ ප‍්‍රදේශීය ශාඛාව පවසා ඇත්තේ රාමදාන් සමය තුළ ආහාර ලබාදෙන සේවක ස්ථානයන් සාමාන්‍ය කාලසීමාවන් යටතේ ක‍්‍රියාත්මක වන බවයි.

රාමසාන් මාසය තුළ ලොව පුරා මුස්ලිම්වරුන් හිරු නැගීමේ සිට බැස යන තෙක් ආහාර ගැනීමෙන් වැළකී සිටින අතර අනාගමික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් වසර ගණනාවක් පුරා සිංජියෑන්හි උපවාස සමයට බාධා පමුණුවා ඇතැයි පැවසේ.

බෝලේ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය පරිපාලනය දැනුම්දී ඇත්තේ රාමදාන් කාලසීමාව තුළ කිසිදු යාඥා, උපවාස හෝ වෙනත් ආගමික කටයුතු වල නිරත නොවිය යුතු බවයි.

චීන රජයේ මෙවැනි පීඩක ක‍්‍රියාකලාපයන් නිසා පසුගිය වසර කිහිපය තුළ රජයේ හමුදා සහ වැසියන් අතර ඇතිවූ ගැටුම් වලින් සියගණනක් මියගිය බව සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර චෝදනා කරති.

පිටුවහලේ ක‍්‍රියාත්මක වන ලෝක උයිගුර් සම්මේලනයේ ප‍්‍රකාශක ඩිල්සාට් රෙක්සිට් පවසා ඇත්තේ රාමදාන් මාසය තුළ උයිගුර්වරුන් සිය මුස්ලිම් සංස්කෘතියෙන් ඈත් කිරීම චීන රජයේ ඉලක්කය වන බවයි.

උපවාසය තහනම් කිරීමේ ක‍්‍රියාමාර්ගයන් විසින් ඇති කරනු ඇත්තේ අස්ථාවරත්වය හා අසමගිය පමණක් බව ඔහුගේ අදහසයි.

https://lankacnews.com/sinhala/foreign-news/132792/

Pic Source

2 comments:

Anonymous said...

නියමයි. චීන පාලනයට ජයවේවා!

Anonymous said...

ටොප් වැඩක්. බේරුවල ඉන්න අපිට කනක් ඇහිලා ඉන්න නැහැ මේ තම්බි හැත්ත රෑ එළිවෙනකම් පිස්සූ කෙලිනවා. ඒවා උන්ගේ ආගමට අදාළ ඒවා නෙවෙයි. කොල්ලෝ එකතුවෙලා පිස්සු කෙලිනවා කාටවත් නිදියන්න බැරිවෙන්න. ඇයි පොලීසියට බැරි උන්ව පාරෙන් අයින් කරන්න.