Pages

Wednesday, June 3, 2015

අරන්තලා භික්‍ෂු ඝාතනයේ 28 වැනි සමරුව අද

අරන්තලාවේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදීන් විසින් භික්‍ෂුන් වහන්සේ ඝාතනය සිදුකර අදට (2 දා) වසර 28 ක්‌ ගතවේ. එම භික්‍ෂු ඝාතනය නිමිතිකරගෙන සැමරුම් වැඩසටහනක්‌ ඇතුළුව 'අරන්තලාවෙන් මිහින්තලාවට පොසොන් උදානය'සහ බුදුපුත් සැමරුම් පූජෝත්සවය අද පෙ.ව. 7.00 සිට අම්පාර අරන්තලා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පැවැත්වේ.

අද පෙ.ව.7.00 ට අරන්තලා භික්‍ෂු ස්‌මාරකය අබියස පුෂ්පෝපහාර දැක්‌වීම සහ අධිෂ්ඨාන පූජාව පෙ.ව.8.00 ට අරන්තලා භික්‍ෂු ඝාතනය 28 වන සැමරුම නිමිතිකරගෙන අටවිසි බෝධීන් වහන්සේ රෝපණය කර අඩි හතරක්‌ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම.

පෙ.ව.9.00 ට ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලා සියක්‌ නමක්‌ උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීමද හාරසියය දෙනකු උදෙසා බුදුපුත් මවුපිය උපහාර දැක්‌මද සිදුකෙරේ.

පෙ.ව.10.00 ට අරන්තලා කෞතුකාගාරයට මුල්ගල් තැබීමද පෙ.ව.10.30 ට අරන්තලා ශාසන සංවර්ධන පදනමේ අඅඅග්ර්බඑය්ක්‌ඩ්ගදරට අඩවිය ආරම්භ කිරීමද සිදුවේ.

මෙවර සමරු දෙසුම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති මිරිස්‌වත්තේ විමලඥණ හිමියන් විසින් පවත්වනු ලැබේ.

මෙම ගුණ සමරුවට සමගාමීව "අරන් තලාවෙන් මිහින්තලාවට පොසොන් උදානය සහ බුදුපුත් සැමරුම්" වැඩසටහන හෙටද (3දා) පැවැත්වේ.

නිමල් දයාරත්න
http://www.divaina.com/2015/06/02/news09.html

Pic Source

0 comments: