Pages

Friday, June 26, 2015

අසිරිමත් ගෘහනිර්මාණ ශිල්පය, ලංකාවේ විශිෂ්ටතම වටදාගෙය - ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය දිනෙන් දින අභාවයට

පෞරාණික වටිනාකමකින් යුතු මැදිරිගිරිය වටදාගෙය පූජා භූමිය නිසි අවධානයට ලක්‌නොවීම නිසා අභාවයට යමින් පවතින බව එහි භාරකාර මැදිරිගිරිය ශාසනාරක්‍ෂක බලමණ්‌ඩල සභාපති මොරගොල්ලාගම සීවලී නාහිමියෝ "දිවයින" ට පැවසූහ.

අද වන විට පුරාවිද්‍යා මෙන්ම ආරක්‍ෂක අංශවල ද නිසි අධීක්‍ෂණයක්‌ නොමැතිවීම නිසා අකටයුතු අශීලාචාර ක්‍රියා බොහොමයක්‌ මෙම භූමිය තුළ සිදුවන බවත් වන ජීවී දඩයම, ගස්‌ කැපීම, අපචාර ක්‍රියාවන් මේ අතර වන බව පෙන්වා දෙති.

අද වන විට මෙම පුණ්‍ය භූමියට මෙවන් තත්ත්වයක්‌ උදාවී ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්නයක්‌ බව උන්වහන්සේ පෙන්වා දෙති.

අතීතයේදී භික්‍ෂූන් මෙහි භාවනානුයෝගීව වැඩ සිටි බවට සාක්‍ෂි සපයන මෙම පූජා නගරය හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් එච්. සී. පී. බෙල් මහතා විසින් ගවේෂණය කර මෙය වර්තමානය වන විට දක්‌නට ඇති තත්ත්වයට සංවර්ධනය කර ඇති බව සීවලී හිමියෝ පැවසූහ.

මම පූජා භූමිය තුළ සංඝාවාසයක්‌ ඉදිකර එහි භික්‍ෂූන් වහන්සේට අවැසි පහසුකම් ලබාදීමෙන් පූජා භූමියේ පෞරාණික බව ආරක්‍ෂා කළ හැකි බවත් මෙම ඉල්ලීම අද ඊයේ සිට නොව 1956 දිවංගත අගමැති එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ කාලයේ සිට යොමුකළ ද අදටත් අවධානය යොමු වී එය ඉටුව නැතැයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2015/06/26/provin03.html

0 comments: