Pages

Monday, June 22, 2015

කොටි ජාත්‍යන්තර ජාලයත් මූල්‍ය ජාලයත් හොඳ හැටි ක්‍රියාත්මකයි - ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව

කොටි සංවිධානය පරාජයට පත් කළ ද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලයත් මූල්‍ය ජාලයත් ක්‍රියාත්මක වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2014 වසරේත් කොටි සංවිධානයේ ජාත්‍යන්තර අරමුදල් ඒකකය ක්‍රියාත්මක වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

යුරෝපයේ, උතුරු ආසියාවේ මෙන්ම ආසියානු කලාපයේ වෙසෙන දෙමළ ඩයස්‌පෝරාවේ කොටි හිතවාදීන් මෙම අරමුදලට මුදල් බැර කරන බවත් එම වාර්තාව කියයි. 2014 වසරේදී කොටි හිතවාදීන් 14 දෙනෙක්‌ මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවත් එම වාර්තාව කියයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2014 වසර සඳහා ලොව විවිධ රටවල ක්‍රියාකාරකම් සම්බන්ධව නිකුත් කළ වාර්තාවේ ඉහත කරුණු සඳහන් වේ.

චතුර පමුණුව
http://www.divaina.com/2015/06/22/news07.html

Pic Source

0 comments: