Pages

Wednesday, June 3, 2015

පන්සල් සහ දහම් පාසල් නඟාසිටුවීමට රජයෙන් නව වැඩපිළිවෙළක්‌

රටේ වෙහෙර විහාරස්‌ථාන සහ දහම් පාසල් නඟාසිටුවීමේ නව වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන හයසියයක්‌ (600 ක්‌) පමණ වැය වනු ඇතැයි බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්තීS්‍රය පාලන ඇමැති කරු ජයසූරිය මහතා "දිවයින" ට පැවසීය.

දුෂ්කර ප්‍රදේශවල වෙහෙර විහාරස්‌ථාන හා දහම් පාසල් සඳහා මෙහිදී මූලිකත්වය දී ක්‍රියා කරන බව හෙතෙම කීය. මෙම ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබාගැනීමට අදාළ පියවර මේ වන විටත් ගෙන තිබෙන බව පැවසූ කරු ජයසූරිය මහතා මෙම වැඩපිළිවෙළ හරහා වෙහෙර විහාරස්‌ථාන නඟාසිටුවා දහම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට හැකිවනු ඇති බව කීය. බොහෝ ප්‍රදේශවල වෙහෙර විහාරස්‌ථාන ඉතාම නොදියුණු තත්ත්වයක පසුවන බවත් ඒවායේ යටිතල පහසුකම් නඟාසිටුවා දරුවන්ට කිසිදු බාධාවකින් තොරව දහම් අධ්‍යාපනය ලැබීමට හැකි පරිසරයක්‌ මෙම වැඩසටහන හරහා නිර්මාණය කර දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

පියසේන දිසානායක
http://www.divaina.com/2015/06/02/news14.html

Pic Source

0 comments: