Pages

Friday, May 30, 2014

88, 89 කාලයේදී ජවිපෙ අතින් අනපේක්‍ෂිත දේවල් සිදු වීම ගැන කනගාටුයි - ජවිපෙ නායක බීබීසී සාකච්ඡාවකදී

88, 89 කාලයේදී අපේක්‍ෂා නොකළ දේවල් ජවිපෙ අතින් සිදුවීම පිළිබඳව බරපතළ කම්පනයක්‌ සහ කනගාටුවක්‌ තිබෙන බවත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.

ජවිපෙ නායකයා මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන අතරතුර බී බී සී සංදේශය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.

එම සමයේදී එජාපය සිය බලලෝභීත්වය වෙනුවෙන් ජනතා විමුක්‌ති පෙරමුණ තහනම් කළ බැවින් තහනම මැද දේශපාලනය කිරීමට යැමේදී සන්නද්ධ අරගලයකට යැමට සිදුවූ බව ඒ මහතා මෙහිදී පවසා ඇත.

අපේක්‍ෂා නොකළ පරිදි එවැනි සන්නද්ධ අරගලයකට යැමට සිදුවීම නිසා අනපේක්‍ෂිත දේවල් සිදුවූ බැවින් ඒ පිළිබඳ ජවිපෙ දැඩි කම්පනයකින් පසුවන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

සිදු නොවිය යුතු දේවල් ජවිපෙ අතින් සිදුවූ බවත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ජවිපෙ නායකයා පවසා ඇත.

එහිදී ජවිපෙ - සාමාජිකයන් ද විශාල ප්‍රමාණයක්‌ ඝාතනය වූ අතර ඒ පිළිබඳව ශ්‍රී ලනිපයෙන් හෝ එජාපයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලීම අමනෝඥ ක්‍රියාවක්‌ බවත් ජනතා අධිකරණයකින් ඊට සාධාරණය ඉටු විය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

අකිත පෙරේරා
http://www.divaina.com/2014/05/30/news07.html

1 comments:

Anonymous said...

සමාව ඉල්ලන්න ඕනෙ තමුනෙගෙ රටේදි ප්‍රසිද්දියේ. හොරෙන් පිටරටකදි සමාව ඉල්ලන්නෙ කුහකයෝ