නීත්‍යානුකූල නො වන පරිදි කොට්ටාව නගරයට ආසන්නව පවත්වාගෙන යන බව කියන ලංකා දේව සභාව නමැති ආගමික ස්ථානයක් ඉවත් කරගන්නා ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේලා හා ප‍්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරත වූහ.
කොට්ටාව මහල්වරාව අතරතුර නගරයට ආසන්නව පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ වසරකට වැඩි කාලයක සිට මෙම ආගමික ස්ථානය පවත්වාගෙන ගොස් තිබේ. එය නීත්‍යානුකූලව කිසි ම ආයතනයක ලියාපදිංචි වී නැති බැවින් එවැන්නක් පවත්වාගෙන යාමට ඉඩ දිය නො හැකි බව උද්ඝෝෂකයෝ පැවසූහ.
මීට පෙර ද උද්ඝෝෂණයට මැදිහත්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස් කොට්ටාව පොලිසියේ පැමිණිල්ලක්...