Pages

Wednesday, July 31, 2013

2/3ක බලයක් තියෙන මේ ආණ්ඩුවට පළාත් සභා අහෝසි කරන්න පුළුවන් වුවත් එය කරන්නේ නෑ - මල්වතු මහ නාහිමියෝ

තුනෙන් දෙකක බලයක් තිබෙන මේ ආණ්ඩුවට ඒ බලය යොදවා පළාත් සභා අහෝසි කරන්න පුළුවන් වුණත් එසේ කරන්නේ නැතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ප්‍රකාශ කරති. ජනාධිපතිතුමාට විධායක බලය තිබුණාට අවශ්‍ය දේට ඒ බලය යොදවන්නේ නැතැයි සඳහන් කරන මහ නාහිමියෝ, හැබැයි අනවශ්‍ය දෙයට විධායක බලය යොදවන බව අපට පේනවායි ද පවසති. මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් මේ බව සඳහන් කෙළේ 13 වැනි ව්‍යවස්ථාව හා පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි තෛ්‍ර නිකායික මහ නාහිමිවරුන් වහන්සේ එක්ව රජයට සංඝ ආඥාවක් නිකුත් කිරීමට පියවර ගන්නැයි බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන...

අනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එප්පාවල කටියාව ප‍්‍රදේශයේ දාගැබක සිදුකරන කැණීමකදී අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් දුර්ලභ සිතුවම් කිහිපයක් සොයාගෙන තිබේ. නාවාගල රජමහා විහාරය ආශි‍්‍රතව මෙම කැනීම් සිදු කෙරැණු අතර සොයාගත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් කැනීම් නිලධාරී ඒ ඒ විජේරත්න මහතා පවසයි. ජනතාවට දැකබලා ගත හැකි පරිදි සිතුවම් සංරක්ෂණය කෙනෙ බවද ඒ මහතා සඳහන් කරයි. July 29, 2013 at 2:06 am | lanka C news http://lankacnews.com/sinhala/other-news/98281/ [ සබැඳි ලිපි - හැම බිම්...

උතුරු පළාත් සභා - මන්නාරමට සිංහල නියෝජනයක් නෑ

මන්නාරම දිස්ත‍්‍රික්කයට සිංහල අපේක්ෂකයෙකු ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම නිසා උතුරු පළාත් සභාව තුළ මන්නාරම දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාවගේ ගැටලූ ගැන කතා කිරීමට නියෝජිතයෙකු නොමැති වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්නාරම් දිස්ත‍්‍රික්ක ආසන සබ්බන්ධීකාරක ඩබ්ලිව්. එම්. පත්මසිරි මහතා සදහන් කරයි. උතුරු පළාත් සභාව සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් තරග කිරීමට අපේක්ෂකත්වය ඉල්ලා එම පක්ෂයේ සාමාජිකයන් තුන්දෙනෙකු ඉල්ලූම් කළත් ඒ කිසිදු ඉල්ලීමකට අවස්ථාව ලබාදී නොමැති බවද හෙතෙම පවසා සිටියේය. මන්නාරම දිස්ත‍්‍රික්කයෙන් සිංහල නියෝජනයක් නොමැතිවීමත් සමග එම දිස්ත‍්‍රික්කයේ...

මාතලේ පන්සල් 75ක්‌ වැසී යැමට ආසන්න වෙලා. නමුත් ප්‍රදේශය තුළ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවී තිබෙනවා. - ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ විහාරස්‌ථාන 375 ක්‌ තිබෙනවා. ඉන් 75 ක්‌ම ප්‍රදේශයේ දේශපාලනඥයන් සිය වගකීම් ඉටු නොකිරීම නිසා අවාසනාවන්ත ලෙස වැසී යැමට ආසන්න වෙලා. පසුගිය වසර තුනක කාලය තුළ මම විහාරස්‌ථාන 60 ක්‌ සංවර්ධනය කිරීමට ආධාර උපකාර කර තිබෙනවා. මේ වසරේ පමණක්‌ ලක්‌ෂ 200 ක්‌ පුද්ගලික මුදල් ලබාදී තිබෙනවා. දිස්‌ත්‍රික්‌කයේ නායක ස්‌වාමීන් වහන්සේලා ඊට සාක්‌ෂි දරනවා ඇති. දැන් ප්‍රදේශය තුළ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවී තිබෙනවා යෑයි මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා සංවර්ධන කමිටු සභාපති නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය. මන්ත්‍රීවරයා එම අදහස්‌...

බුර්කා ඇඳගෙන රත්තරන් පවුම් 15 ක්‌ කොල්ල කාලා

පසුගිය දා එරාවුර් නගරයේ මුස්‌ලිම් කාන්තාවන් අඳින කබානා ඇඳගෙන ගෙදරක කාන්තාවක්‌ බය කර පවුම් 15 ක රන් බඩු සොරකම් කර ඇත. මඩකලපුව දිස්‌ත්‍රික්‌ එරාවුර් නගරයේ රාත්‍රි කාලවල පොලිස්‌ ජංගම සේවා කටයුතු වැඩි කර ඇත. මඩකලපුවේ 27 දා පැවැති සොරකම් කිරීමේ සිද්ධියෙන් අනතුරුව පරීක්‍ෂණ කටයුතු වැඩි කළ බව පොලිසිය පැවසීය. පසුගිය දා එරාවුර් නගරයේ මුස්‌ලිම් කාන්තාවන් අඳින කබානා ඇඳගෙන ගෙදරක කාන්තාවක්‌ බය කර පවුම් 15 ක රන් බඩු සොරකම් කර ඇත. ඉන් අනතුරුව රාත්‍රි මුර සේවා...

තලෙබාන්වරු පාකිස්‌තාන බන්ධනාගාරයකට පහරදී සිරකරුවන් 240 ක්‌ මුදා ගනිති

තලෙබාන් සාමාජිකයන් වයඹදිග පාකිස්‌තානයේ බන්ධනාගාරයකට පහරදී සිරකරුවන් 240 ක්‌ මුදාගෙන ඇත. දෙරා ස්‌මයිල් ඛාන් නගරයේ බන්ධනාගාරයක්‌ මෙලෙස ප්‍රහාරයට ලක්‌වී ඇත. පොලිස්‌ නිල ඇඳුමින් සැරසුණු තලෙබාන් සටන්කාමීන් 70 දෙනෙක්‌ මෙම ප්‍රහාරයට සම්බන්ධවී සිටි බව මාධ්‍ය වාර්තා කීය. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙක්‌ මියගොස්‌ ඇති අතර එයින් හයදෙනෙක්‌a පොලිස්‌ නිලධාරීහු වෙති. පළාගිය පිරිස අතර දරුණු ගණයේ ත්‍රස්‌ත සාමාජිකයින් 30 දෙනෙකු සිටින බව එරට රජය කියයි. ...

13 ට එරෙහිව සංඝාඥාවක්‌ නිකුත් කරන්නැයි මහ නාහිමිවරුගෙන් ඉල්ලා සිටිනවා - ඥානසාර හිමි

දේශයට, ජාතියට මහා අභියෝගයක්‌ව පවතින 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ප්‍රකාශ කරමින් සංඝාඥාවක්‌ නිකුත් කරන ලෙස මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලීමක්‌ කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණෝ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් ඊයේ (30 දා) පැවසූහ. උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‌ෂකයාගේ ප්‍රකාශ ඉතා භයානක බව ඥානසාර හිමියෝ පැවසූහ. 13 වැනි සංශෝධනයට ශ්‍රී ලංකාවේ සියලුම බෞද්ධ හා දැහිතැති ප්‍රජා සංවිධාන ද විරෝධය පළකරන බව පැවසූ ඥනසාර ස්‌වාමීන්...

ඉඩම් පොලිස්‌ බලතල පළාත් සභාවලට දෙන්නේ නැහැ - ජනපති

උතුරු පළාතේ මහ ඇමැති ලෙස කවුරු පත්වුණත් ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවට ලබා නොදෙන නිසා රටට අනතුරක්‌ වීමට ඉඩ නැති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (30 දා) අරලියගහ මන්දිරයේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පුවත්පත් කතුවරුන්ගේ හමුවේදී සඳහන් කළේය. දෙමළ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක විග්නේශ්වරන් මහතා උතුරු පළාත් සභාවේ ජයග්‍රහණය ලබාගතහොත් පොලිස්‌ හා ඉඩම් බලතල ලබා ගන්නා බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තවදුරටත් පැවසුවේ 'කලබල වෙන්න එපා, රටට අහිතකර දෙයක්‌ මා අතින් සිදුවන්නේ නැහැ තවම පළාත්...

Tuesday, July 30, 2013

‘දැක්ම’ එළිදකී. නලින් ද සිල්වාගේ ජාතික මෙහෙවරට උපහාර පිදේ!

මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා පසුගිය දශක කිහිපය පුරාවට රට දැය සමය වෙනුවෙන්  සිදුකල ජාතික මෙහෙවර වෙනුවෙන් උපහාර පිදීමේ සහ එතුමාගේ නවතම ග්‍රන්ථය ‘දැක්ම 1′  එළි දැක්වීමේ උළෙලක්  නිදහස් චතුරස්‍රයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්විණ. නලින් ද සිල්වා මහතා දිවයින පුවත්පතට සම්පාදනය කල ලිපි 79 ක් ඇතුලත් කර සකස් කල ‘දැක්ම 1’ ග්‍රන්ථය ගොඩගේ පොත් ප්‍රකාශකයන්ගේ නිර්මාණයකි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් යුත් දේශය සුරැකීමේ ජාතික...

පකිස්තානයේ සිට ඉන්දීය හොර නෝට්ටු මෙරටට. ජාවාරම මෙහෙයවූ පකිස්ථානුවෙක් දැලේ. අනෙකා හඳුනාගැනේ.

පකිස්තානයේ මුද්‍රණයකර රහසිගතව මෙරටටරැගෙන විත් බෙදාහරින බවට සැකකරන රුපියල් 500 යේ ඉන්දියානු නෝට්ටු 40 ක් සමග තරුණයෙකුව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔරුගොඩවත්තේ පදිංචි කරුවෙක් වන එම සැකකරු ග‍්‍රෑන්ඞ්පාස් ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට එම නෝට්ටු දී ශ‍්‍රී ලංකා මුදල් වලට මාරුකරගන්නට පෙරේදා සූදානම් වූ අවශ්ථාවේ දී ඒ‍ෙැඩ ගැන සැකසිතා උකස් මධ්‍යස්ථාන හිමිකරු පොලිසියට පවසා ඇතැයි සදහන්ය. ඒ අනුව ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා රහස් පොලිසියට භාරදී තිබේ.  ඉන්දියානු නෝට්ටු මෙරට බෙදා හැරීමේ...

රාමසාන් සමයේ සුරා සල් වැසීම නිසා 'හරාම්' හොර සුරා බිව් පාකිස්‌තානයේ 18 ක්‌ සුරා විෂ වී මරුට

විෂ සහිත අරක්‌කු පානය කිරීම නිසා පකිස්‌තාන වැසියන් 18 දෙනකු මරණයට පත් වී ඇත.  උපන් දින සාදයකදී හා තවත් උත්සවයකදී මෙම අරක්‌කු පානය කළ පුද්ගලයන් 18 දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත. මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ µයිසලාබාද් නගරයේදීය. රාමසාන් කාලයේ රට බීම හල් වසා ඇති බැවින් බොහෝ දෙනා නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ අරක්‌කු මිලදී ගැනීමට පෙළඹෙයි. පකිස්‌තානයේ සම්ප්‍රදායිකව නිෂ්පාදනය කරන සුරා වර්ග කුප්පි හා තාරා යනුවෙන් හැඳින්වේ. http://www.divaina.com/2013/07/30/forign02.ht...

දරුවන්, සමාජය සහ ගුරුවරයා...

පසුගිය උත්සව සමයේ රට පුරා තැන තැන පැවති වැඩසටහන්වලට සමගාමීව අපේ ගමේද වැඩසටහන් කිහිපයක්‌ ක්‍රියාත්මක විය. ඒ පන්සලේ සහ පාසලේය. අපේ ගම ඉතා සුන්දර පරිසරයක පිහිටි ගමක්‌ වුවත් මා ලද අද්දැකීම ගමේ සුන්දරත්වය මෙන් සුන්දර නැති බව කිව යුතුමය. එය විටෙක මාගේ හදවත කම්පාවට ලක්‌කරන්නක්‌ වූ අතර තවත් විටෙක සමාජයේ සිදුවෙමින් පවතින පරිහානිය සම්බන්ධයෙනුත් සමාජය සංවර්ධනීය දිසාවකට ගමන් කරවීමේ වැඩි කාර්යභාරයක්‌ ඉටුකළ යුතු ගුරුවරයා සම්බන්ධයෙනුත් කනගාටුවක්‌ද ඇතිවිය. පවුලේ උදවියද සමග මම පාරට බැස්‌සේ කලාතුරකින් ගෙදර පැමිණි නිසා උත්සව සිරි නරඹා කිසියම් සතුටක්‌ ලැබීමේ අටියෙනි....

Monday, July 29, 2013

ඉන්දු-ලංකා ගිවිසුමට වසර 26යි. විරෝධතා! ගාලූ පාර හිරවේ!

ඉන්දියාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපි පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී ගාලූ පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් ගාලු මුවදොර වටරවුමේ සිට කොල්ලුපිටිය දක්වා මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇත. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර අදට වසර 26ක් පිරීම නිමිත්තෙන් ජාතික සංවිධාන එකමුතුව මගින් සංවිධානය කර ඇති සත‍්‍රග‍්‍රහයක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් බෙදුම්වාදී බලතල ඉවත් කළ යුතු බවටයි. July 29, 2013 at 10:29 am | lanka C new...

කිතුණුවන්ට එරෙහි මුසලු අන්තවාදයට එරෙහි වන්න - පුටින් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකානු කලාපය ඇතුළු ලොව බොහෝ ස්ථානවල ක‍්‍රිස්තියානි සහ  ඕතොඩොක්ස් ක‍්‍රිස්තියානි ආගමිකයන් ඇතුළු සුළුතර ආගමික ලබ්ධිකයන්ට එරෙහිව පීඩනය එල්ල වන බවත් එම තත්වයට එරෙහිව කඩිනම් පියවර ගැනීම අවශ්‍ය වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ක‍්‍රි.ව 988දී ව්ලැදිමීර් කුමරු විසින් කිතුණු දහම වැළඳගැනීමේ සිදුවීමේ 1025 වැනි සංවත්සරය සමරමින් රුසියාවේ  ඕතොඩොක්ස් දේවස්ථාන 15කින් මොස්කව් වෙත රැස්වූ නියෝජිත පිරිසක් අමතමිනි. අන්තර් ලබ්ධික සහජීවනය කෙරෙහි අත්දැකීම් බහුල රුසියාව ඒවා බෙදාගැනීමට කැමැත්තතෙන්...

සුන්නි-ෂියා ගැටුම් - ඉරාක අගනුවර කාර් බෝම්බ 12ක් පිපිරේ - 44ක් මරුට

ඉරාකයේ බැග්ඩෑග් අගනුවර සිදු වූ බෝම්ම ප‍්‍රහාර කිහිපයකින් 44 දෙනෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මෙම සංඛ්‍ය වෙනස් විය හැකි යයිද ඉරාක මධ්‍ය වාර්තාවල දැක්වේ. ප‍්‍රහාරයේදී කාර් බෝම්බ 12ක් එකවර පිපිරී ගොස් ඇති අතර කවුරුන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද්දක්දැයි සොයා පොලිස් පරීක්‍ෂන ක‍්‍රියාත්මකය. ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් මෙම ප‍්‍රහාර සැලසුම් කර ඇත. July 29, 2013 at 1:45 pm | lanka C news http://lankacnews.com/sinhala/foreign-news/98314...

ලංකාවට කුඩු ගෙන්වන අයගේ නාම‍ලේඛනය වහා හෙළිදරව් කරන්න - බොදු බල සේනා

යුද්ධයට වඩා භයානක ප්‍රතිඵල අත්කර දෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අවසන් කිරීමට නොහැකි වීමට හේතුව දේශපාලනඥයන් බවත් ලංකාවට කුඩු ගෙන්වන්නන්ගේ නාම ‍ලේඛනය වහාම හෙළිදරව් කරන්නැයි බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. ඥානසාර හිමියන් මෙසේ පැවැසුවේ ඊයේ (28) කොලොන්නාව මංසන්ධියේ පැවැති බොදු බල සේනා සමුළුව අමතමිනි. කොලොන්නාව රජමහා විහාරයේ සිට සමුළුව දක්වා පෙරහරකින් පැමිණීමෙන් අනතුරුව සමුළුවේ කටයුතු ආරම්භ කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඥානසාර හිමියන් මෙසේද පැවැසීය. මත් කුඩුවලට ඇබ්බැහි වී අඬන දරුවන්ට ජීවිත දානය ලබාදෙන්න කුප්පියාවත්ත...

එමිරේට්ස් NDB බැංකුවෙන් ලංකා බැංකුවට ඉස්ලාම් බැංකුකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් (English Article)

UAE-based Emirates NBD hunts more business in Sri Lanka July 25, 2013 (LBO) - Emirates NBD Capital which syndicated a 200 million dollar loan for Sri Lanka's state-run Bank of Ceylon is looking to provide more local firms with Islamic and conventional finance, a top official said. "We are looking to do similar transactions with other financial institutions," chief executive Mohammad Wajid Kamran said. "We are looking to extend the partnership...

උතුරු නැගෙනහිර විශේෂයි. භික්ෂූන් නෑ පන්සල් 400ක් වැසේ. වැසීයාමේ වේගය 4%

භික්ෂූන් වහන්සේ නොමැතිකම හේතුවෙන් දිවයින පුරා විහාරස්ථාන 400ට අධික සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන දස දහසකට අධික සංඛ්‍යාවක් පවතින බවත්, ඒ අතරින් මෙලෙස විහාරස්ථාන 400 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවත්, බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ මහතා පැවැසීය.  උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන බොහොමයක් ඒ අතර වන බවත්, යුද ගැටුම් සමග ඒ ප්‍රදේශවල විහාරස්ථාන බොහොමයක් වැසී ගොස් ඇති බවත්, චන්ද්‍රපේම ගමගේ මහතා කීය. මෙම විහාරස්ථාන නැවත විවෘත කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව...

කිසිඳු රටකට නොදෙවෙනි ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ දැනුම යළි දරුපරපුරට

2015 වසරේ සිට පාසල් දරුවන්ට ඉතිහාසය නව විෂය නිර්දේශයක්‌ සකස්‌ කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු යොදා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ලක්‌කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ පිට විෂය නිර්දේශයට අදාළ ඉතිහාසය යළි ඉගැන්වීම ආරම්භ කෙරේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මණ්‌ඩලයක්‌ මගින් සැකසූ නව ඉතිහාසය සම්බන්ධ විෂය නිර්දේශය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්‌වා දරුවන්ට ඉගෙන ගැනීමට අවස්‌ථාව ලැබේ. 2013...

‘රට හිර කල මර උගුල’ JR – රජීව් ද්‍රෝහී පාවා දීමේ ගිවිසුමට වසර 26යි

උතුරේ යුද්ධයට  දේශපාලන විසඳුමක් යැයි පවසා දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන බිහිකරමින්  ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජීව් ගාන්ධි අගමැතිවරයා අතර අත්සන් කල ගිවිසුමට අදට වසර 26ක් සපිරේ. 1987 ජුලි 29 වැනිදා කොළඹදී අත්සන් කල මෙම ගිවිසුම මෑත කාලින ඉතිහාසයේ වැදගත්ම දේශපාලන සිදුවීමක් විය. එවකට ජෙනරාල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ මෙහෙයවීමෙන් වඩමාරච්චි මෙහෙයුම හමුවේ පසුබා සිටි දෙමළ කොටි සංවිධානයට එරෙහි මෙහෙයුම් ඉන්දීය මැදිහත්වීම හමුවේ නවතා දමන්නට එවකට ජනාධිපතිවරයාට සිදුවිය.පසුව බලහත්කාරයේන් ශ්‍රී ලංකා...

Sunday, July 28, 2013

සිහල කෙල්ලන් අසීමිතව ඩැහැගන්නා මුසලු සමාජය, මුසලු තරුණියක් සිහල තරුණයෙකුට පෙම්බැඳිවිට, පල්ලියට කැඳවා කොණ්ඩය කපා තර්ජනය කර පහරදීලා

එස්.එම්. හවුලඋම්මා ගල්ගමුවේ පදිංචි මුස්ලිම් ජාතික තරුණියකි. ප්‍රදේශයේ සිංහල තරුණයකු සමඟ ඇය ආදරයෙන් බැඳුණාය. සිංහල තරුණයකුට ආදරය කිරීමේ වරදට මුස්ලිම් පල්ලියෙන් ඇයට අපූරු දඬුවමක් ලැබුණි. ඇය පල්ලියට ගෙන්වා අතින් පයින් පහරදී දිගට වැවී තිබුණ කොණ්ඩය කපා දැමුවේය. කුරුණෑගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි හවුලඋම්මා සමඟ 'මව්බිම' කළ කතාබහයි මේ.   • මොකද මේ අපූරු දඬුවම? මම සිංහල තරුණයකුට ආදරය කෙරුවා කියලා අපේ මුස්ලිම් පල්ලියට ගෙන්නලා මට හොඳටම පහර දුන්නා....

අකුරු කිරීමේ අයිතිය වෙනුවෙන් බුර්කාව හැඳි වීරවරියක් රැගත් වීර කතා පෙළක් පකිස්තාන පුංචි තිරයට

පාසල් යාමේ අයිතිය දැරියන්ට ලබා දීමට සටන් කරන බුර්කාවකින් සැරසුණු විර වරියක් රැගත් වීර කතා පෙළක් පකිස්තාන පුංචි තිරය ට ලබන මාසයේ පැමිණීමට නියමිතයි. උර්දු භාෂාවෙන් හඬ කැවෙන මෙම කාටුන් චිත්‍රපටියේ වීර චරිතය විග්‍රහ වන්නේ, පොතෙන් සහ පෑනෙන් ආයුධ වලට අභියෝග එල්ල කරන දකුණු ආසියාවේ ප්‍රථම නින්ජා චරිතය ලෙසයි. සෞම්‍ය ගති ගුණ ඇති ගුරුවරියක් ලෙස පෙනී සිටින මෙම වීරවරිය තමා වැඩකරන පාසල වසා දැමීමට කටයුතු කරන දේශීය මැර කල්ලියක්, ආත්මාරක්ෂක සටන් ශිල්පය භාවිතා කරමින් රහසිගත ලෙස මෙල්ල කිරීමට ගන්නා උත්සාහය මෙම කතා පෙලේ තේමාවයි. තලිබාන් හමුදා විසින් රටේ උතුරු සහ...

අරාබි වසන්තය… ඊජිප්තුවේ දරුණු ගැටුම්, සිය ගණනක් මරුට, දහස් ගණනකට තුවාල

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහකරනු ලැබූ මොහොමඞ් මොර්සි වෙත සහය පළකරමින් කයිරෝ සහ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරවල පැවති විරෝධතා මැඩපැවැත්වීම සඳහා එල්ල කළ හමුදා ප‍්‍රහාරවලින් 74 දෙනෙකු ම්යගොස් 700ක් පමණ තුවාල ලබා ඇතැයි ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර තිබේ. මුස්ලම් සහෝදරත්වය පවසන්නේ සිදුවීම් වලින් 120කට අධික ප‍්‍රමාණයක් මියගොස් 4000ක් පමණ තුවාල ලබා ඇති බවයි. කයිරෝහි රබා අල් අඩාවියා දෙව්මැදුර ආසන්නයේ සිට මොර්සි හිතවතුන් විරෝධය දක්වා ඇති අතර හමුදාව ඔවුන් විසිරුවීම සඳහා කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ භාවිතා කර ඇතැයි පැවසේ.  හිස සහ පපුව වෙඩි ප‍්‍රහාර වලට...

මේ බොදු උරුමය අපේ … යන තැනකට යන්න – වන්නිල ඇත්තෝ මුස්ලිම්වරුන්ට කියයි

‘එක පැත්තකින් රජමහා විහාරය තව පැත්තකින් මහා බුදු පිළිමය අනෙක් පැත්තෙන් බුද්ධගයාව ඒ මැද මුස්ලිම් පල්ලියක් හදන එක සුදුසු නැහැ. ඒගොල්ලන්ගේ ඇදහිලි පගරගම්මනට ගිහින් කරගන්න. මේ තැන පිරිසිදුව තියෙන්න දෙන්න’ යැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි. මහියංගණය නගර මධ්‍යයේ වෙළෙද සැලක් මැද පවත්වාගෙන යන බව කියන මුස්ලිම් පල්ලියක් සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙසේද පැවසීය. ‘මහියංගනය කියන්නේ ලොකු ඉතිහාසයක් ඇති තැනක්. බුදුහාමුදුරුවො බුදුබවට පත්වෙලා මාස 09 කින් වැඩම කළේ මහියංගනයටයි. ඒ වඩිනකොට මහියංගණයේ ජීවත් වුණේ අපේ පරම්පරාවට අයත් යක්ෂ...

බිරිඳ ඉන්දියාවෙන් පිටුවහල් කරන බවට ඉන්දියාව මාවෙයි සේනාධිරාජාට තර්ජනය කරයි

ඉන්දියාවේ පදිංචිව සිටින දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ බිරිඳ ඉන්දියාවෙන් පන්නා දමන බවත් එසේ නොකිරීමට නම් සී.වී. විග්නේෂ්වරන්ට උතුරු පළාත් මහ ඇමති ධුරය සඳහා තරඟ කරන්නට අවස්ථාව ලබා දිය යුතු බවටත් ඉන්දීය බලධාරීන් විසින් සේනාධිරාජා මහතාට තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි. උතුරු පළාත් මහ ඇමති අපේක්‍ෂක ධුරය සඳහා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයා නම් කිරීමේ කටයුතු සිදුවෙද්දී මෙම දැනුම් දීම සිදුව ඇතැයි පැවසෙන අතර ඇමරිකානු තානාපති කාර්යාලයද විග්නේෂ්වරන් මහ ඇමති අපේක්‍ෂක සඳහා ගෙන ඒමට මහත් කාර්යභාරයක් කර ඇතැයිද පැවසේ. ඒ වෙනුවෙන් දෙමළ...

ඊළම ගන්න ‘රෝ’ කුමන්ත‍්‍රණයක්

ශ‍්‍රී ලංකාව තමන්ට කීකරු කර ගැනීම සඳහා ඉන්දියාව සිය රහස් ඔත්තු සේවය වන ‘රෝ’ සංවිධානය හරහා සූක්‍ෂම වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග වාර්තා කරයි. රට පුරා කෝවිල් 64ක් ස්ථාපිත කිරීම ඉන්දියන් රෝ ඔත්තු සේවයේ පළමු අරමුණ වන අතර ඒ සම්බන්දයෙන් සොයා බැලීමට ඉන්දියාවේ සිට මෙටට පැමිණ ඇති රෝ ප‍්‍රධානියෙකු මෙරට ආගමික නායකයන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සමගද සාකච්චා කර ඇතැයි පැවසේ. මේ වෙනුවෙන් කෝටි ගණනක් මුදලක් වියදම් කිරීමට රෝ ඹත්තු සේවය සූදානමින් සිටින අතර බෙදුම්වාදය වර්ධනය කර ඊලාමයට හිතකර වටපිටාවක් ඇතිකරමින් ඉන්දීය දේශපාලන උවමනාව මත ශ‍්‍රී...

උලමා පොරොන්දු කැඩුවා. හලාල් සටන යළි අරඹනවා - ඥානසාර හිමි

හලාල්  ප‍්‍රශ්නය මුලිනුපුටා දැමීම සදහා හලාල් සටන නැවතත් ලබන සතියේ සිට ආරම්භ කරන බව බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර  හිමියෝ පවසති. මහා සංඝරත්නය මෙම ප‍්‍රශ්නය විසදීමට මැදිහත් වූ නිසා බොදුබල සේනා සංවිධානය ඉන් මදකට ඉවත් වූවත් හලාල් ප‍්‍රශ්නය තවමත් විසදී නොමැති බැවින් බැවිත් මෙම තීරණය ගත් බවද උන්වහන්සේ පැවසූහ. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධනයද හලාල් සලකුණ ඉවත් කර ගන්නා බවට පොරොන්දු වුවත් එම පොරොන්දුව කඩ කර ඇති බවද පැවසූ උන්වහන්සේ අදාළ බලධාරීන් හා ආයතන දැනුවත් කළද තවමත් හලාල් ලාංජනය සහිත ආහාර වෙළෙදපොළට නිකුත් කරමින් ඇත්තේ යයිද...

ගිහියන්ට සිවුරු අන්දවා භික්ෂූන්ට අපහාස කරන සූක්ෂම ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මකයි. තවත් අයෙක් බලංගොඩදී හසුවේ!

අශෝභන ලෙස රාත‍්‍රි කාලයේ බළන්ගොඩ නගරයේ හැසිරුණු චීවරධාරියෙක් බළන්ගොඩ පොලිසිය බළන්ගොඩ දිසා අධිකරණයට ඉදිරීපත් කිරීමෙන් පසු සැකකරු ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. රාත‍්‍රී හතයි තිහට පමණ නගරයේ මෙලෙස හැසිරුණ ශ‍්‍රමණ වෙසින් සිටි පුද්ගලයා පිළිබඳ බළන්ගොඩ තුඹගොඩ ශ‍්‍රී සුදර්ශන විහාරවාසී බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ හිමියන් හට ත‍්‍රීරෝද රියදුරෙක් දුරකථන මගින් දන්වා ඇත. ඒ අනුව ශ‍්‍රී සුදර්ශන විහාරයට ගෙනැවිත් සැබෑ හිමි නමක දැයි වතගොත විමසා බැලූ බවත් හිමිනමක් නොවන බව හා තහවුරු වන කිසිදු සාක්ෂියක් හෝ හැදුනුම්පතක්...

කෝටිපති හොර මුසලු ව්‍යාපාරිකයන් තිදෙනෙක් පවත්වාගෙන ගිය කොළඹ ලොකුම ගව ඝාතකාගාරය වටලයි

කොළඹ නගරයේ පවත්වාගෙන ගිය විශාලතම නීති විරෝධී සත්ව ඝාතකාගාරය කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ පස්වරුවේ වටලා එහි ඝාතනය සඳහා සූදානම් කර තිබූ ගැබ්බර එළදෙනුන්, එළැවන්, බැටළුවන් ඇතුළු තුන්සියයකට අධික සතුන්ගේ ජීවිත බේරාගෙන ඇත. දුර බැහැර ප‍්‍රදේශවල සිට ගෙනා මෙම සතුන් ඝාතනය කරන තෙක් ඉතා හිංසාකාරී ලෙස ගාල්කර තිබී ඇත. ග‍්‍රෑන්ඞ්පාස් වැල්ලම්පිිටිය පාරේ රහසිගත ස්ථානයක මෙම සත්ව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනෙක් විසිනි. සත්ව ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට මොවුන් මෙම සත්ව ඝාතකාඝාරය පවත්වාගෙන ගොස් ඇත. වැටලීමේදී...

(13ටත් එහා බලතල ඉල්ලන) 'විග්නේෂ්වරන් උතුරට උඩින් පාත් වුණේ කොහොමද?' - ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර

උතුරේ පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති ධුරාපේක්‍ෂක ලෙස ඉදිරිපත්ව සිටින්නේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතායි. විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන ආගමනයෙන් බලය බෙදීම වෙනුවට පළාත් සභා ක්‍රමය තුළ තිබෙන බලය තව තවත් තහවුරු කරන ස්‌වභාවය කදිමට පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකරයන් පවසයි. පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල දෙනවා වෙනුවට කළ යුත්තේ කුමක්‌ද? ඔහුගේ විග්‍රහයයි මේ. ඉඩම් හා පොලිස්‌ බලතල සහිතව පළාත් සභා ඡන්දය පැවැත්වීම අවදානම් ද? ඉඩම් සහ පොලිස්‌ බලතල පළාත් සභාවලට පැවරිය යුතුද කියන ප්‍රශ්නය මතු වන්නෙ මේ පළාත් සභා දිගටම...