Pages

Sunday, May 24, 2015

මඩකලපුවේ ඊයේත් හර්තාල්! ජනපතිට යවන සංදේශයට කාන්තාවෝ අත්සන් තබති

පුංකුඩිතිවු සිසුවිය දූෂණයට ලක්‌කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පාමින් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ඊයේත් (22 ත්) හර්තාල් ව්‍යාපාරයක්‌ පැවැත්විණි. හර්තාල් හේතුවෙන් මඩකලපුව නගරය ඇතුළු බොහෝ තැන්වල වෙළෙඳසල් වසා තිබිණි. ගමනාගමනයද වැඩිපුර සිදුවූයේ නැත. පාසල් පැවැති නමුත් ළමුන්ගේ පැමිණීම අඩු බව පාසල් ආරංචි මාර්ග පවසයි.

රජයේ කාර්යාලවලද සේවකයින්ගේ පැමිණීම අඩුවෙන් තිබිණි. මඩකලපුව නගරය ඇතුළු තැන්වල පොලිසිය හා හමුදා ආරක්‍ෂාව තහවුරු කර තිබිණි. ශිෂ්‍යාවගේ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යෑවීමට කාන්තාවන් අත්සන් කළ සංදේශයකට අත්සන් ගැනීමද ඊයේ (22 දා) සිදුවිය. මඩකලපුව දෙමළ මුස්‌ලිම් කාන්තා සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබිණි.

මඩකලපුව - ජවුෆර්කාන්
http://www.divaina.com/2015/05/23/news28.html

සබැඳි ලිපි -
[

යාපනය සිද්ධිය - වවුනියාවේ හර්තාල්http://denethharinna.blogspot.com/2015/05/blog-post_27.htmlයාපනයේ පාසල් දැරියගේ සිද්ධියට මුවාවී නීතිය අතට ගන්න හදන අයට එරෙහිව වහා ක්‍රියාත්මක වන්න - JHUhttp://denethharinna.blogspot.com/2015/05/jhu_23.htmlඋතුරේ ප්‍රචණ්‌ඩ ක්‍රියා සැලසුම් සහගත වැඩක්‌! නාවක්‌කුලි සිංහල ගම්මානයට පිරිස් එකතුකරගන්න ඇවිත්http://denethharinna.blogspot.com/2015/05/blog-post_36.htmlයාපනයේ ජීවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින්, සිසුවියගේ ඝාතනයට මුවාවී යාපනයේ ත්‍රස්‌තවාදය හිස එසවීමට තැත් කරනවා - JHUhttp://denethharinna.blogspot.com/2015/05/jhu.htmlශිවලෝගනාදන් වින්ද්‍යාගේ මළකඳ මතින් උසාවි, පොලිස්‌ සහ බන්ධනාගාර රථ, පොලිස්‌ නිලධාරීන් වැනි රජයේ දේපළවලට යාපනයේදී අන්තවාදීන් පහර දීමhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_33.htmlඋතුරේ ප්‍රචණ්‌ඩත්වය මෙහෙයවූ "පීපල්ස්‌ පවර්"http://denethharinna.blogspot.com/2015/05/blog-post_51.htmlඑදා එල්ටීටීඊය පටන් ගත්තේත් ඔහොම තමයි. උතුරේ පොලිසිවලට ගල් ගැසීම ඉතා බරපතළ තත්ත්වයක්‌! - MRhttp://denethharinna.blogspot.com/2015/05/mr.html
]

1 comments:

ප්‍රතිවාදියා said...

මේ වගේ අකටයුතුකම් නවත්වන්න ආවේගශීලීව බෑ. සැලසුම්සහගත සමාජීය මනෝවිද්‍යාත්මක පරිනාමයක් වෙන්න ඕනේ. ඒකට ආදර්ශය අපේම අතීත සමාජයෙන් උනත් ගන්න පුළුවන්. වෙන්න ඕන එකම දේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ විශේෂ හැඩගැසීම් වලට නිසි ගෞරවය ලබාදී ස්ත්‍රීත්වය යන්න සමාජයක යහ පැවැත්මටත් ලිංගිකත්වය අනුව පැවතියයුතු සමබරතාවය තබාගැනීමටත් අනිවාර්ය වශයෙන් අවශ්‍යයි කියන එක ඒත්තුගන්වමින් ස්ත්‍රී පාර්ශවයට රැකවරනය ලබාදීමයි. එහිදී කාන්තාවන් හෝ ගැහැනු ළමුන්ට බටහිර කාන්තා විමුක්තිවාදය සියළු ප්‍රශ්න වලට විසඳුම ලෙස පෙන්වාදෙන මිත්‍යාව නොදියයුතුයි. ඔවුන් පිරිමින් නොවන බව හා ස්ත්‍රීත්වය අනුව ජීවිත හැඩගසාගතයුතු බවද ඔවුන්ට ඒත්තුගැන්වෙන ආකාරයට ඔවුන් සමාජය විසින් රැකියයුතුයි. එසේ නොමැතිව මේ වගේ සිද්ධි වලට මුවා වී බටහිර කාන්තා විමුක්ති උමතුවට හිස ඔසවන්න ඉඩදීමත් යාපනේ සිද්ධිය අල්ලගෙන කොටි නැටුම් පටන්ගන්නත් ඉඩ නොදියයුතුයි.