Pages

Friday, March 1, 2013

මේ රටේ බෞද්ධ සිද්ධස්‌ථාන අන්‍යාගමික කරණය කරගෙන ගියා. අපි රැක ගන්න යන්නෙ අපෙන් අහිමි වෙච්ච උරුමයයි.

අපි එදිනෙදා පරිභෝජනයට ගන්නා ආහාර 4856 ක්‌ 'හලාල්' කරලා
- අක්‌මීමන දයාරතන හිමි


මේක සිංහල බෞද්ධ රට. මෙය සිංහල බෞද්ධ රටක්‌ කියල කියන්නෙ කොහොමද? මෙය අපේ ආදි මුතුන් මිත්තන් නිජබිම් කරගත්තු රට නිසා තමයි සිංහල බෞද්ධ රට කියල කියන්නෙ මේ රටේ ඕනෑම කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. අපි අහන්නෙ පොලිසියෙන් ආරක්‍ෂක හමුදාවලින් බුද්ධි අංශයෙන්, අපි අනුන්ගෙ දේවල් කොල්ලකන්න ගියේ නැහැ. අපි අනුන්ට විරුද්ධව සටන් කරන්න ගියේ නැහැ. අපි අනුන්ගෙ පල්ලිවලට පහර දෙන්න ගියේ නැහැ. අද අපි එකතුවෙලා තියෙන්නෙ. අපි රැක ගන්න යන්නෙ අපෙන් අහිමි වෙච්ච උරුමයයි. අපිට අපේ ආදි මුතුන් මිත්තො එය දායාද කරපු නිසා තමයි දෙපයින් නැගී සිටගෙන සිංහල බෞද්ධ රටක නිදහසේ ජීවත් වෙන්නෙ යෑයිද පූජ්‍ය පණ්‌ඩිත අක්‌මීමන දයාරතන හිමියෝ ප්‍රකාශ කළහ.

ඒ හිමියෝ එසේ ප්‍රකාශ කළේ ඉකුත් දා වරකාපොල නගරයේ ආශීර්වාද පා ගමන අවසානයේ වරකාපොල නගර සභා ශාලාවේදී පැවැති උත්සවයේදීය. පා ගමන සඳහා විශාල ජනකායක්‌ රැස්‌ව සිටියහ. වැඩිදුරටත් සභාව ඇමතූ උන්වහන්සේ,

මේ වගේ දේවල් වලට බාධා ඇතිවන එක ගැන අමුතුවෙන් අහන්න දෙයක්‌ නැහැ. වටේ ඉන්න උදවිය තමයි විරුද්ධව කටයුතු කරන්නෙ. 1815 පෘතුගීසීන් රට යටත්කර ගත්තට පස්‌සෙ ජාතිය නඟා සිටුවන්නට රට රැක ගන්නට ශක්‌තිය දුන් වීරවරයො වශයෙන් අවසන් සටන මෙහෙය වූයේ වීරපුරන්අප්පු වීරවරයා. සිංහලයො කිව්වට ඔක්‌කොම සිංහලයො නෙමෙයි. ඔහුව පාවාදීල ඔහුගේ ජීවිතය විනාශ වුණා. ඒත් එදාට වඩා අපට වීර පුරන්අප්පු පරපුරේ වීරයො මේ රටේ ඉන්න බවට සඳහන් කළ යුතුයි. අද දේශපාලනඥයෝ අපට බයවෙලා. අද පොලිසිය ආරක්‍ෂක අංශ යොදවල තියෙන්නෙ අපට විරුද්ධව. අපි ඒ අයට කියන්න ඕන අපිට රකින්න දරු පරපුරක්‌ නැහැ. සමාජයේ ඉස්‌සරහට ගිහිල්ල ගන්න අමුතු වරප්‍රසාදයක්‌ නැහැ. මේ ජාතිය වෙනුවෙන් මම මගෙ කාර්ය භාරය කරන්නෙ නැත්නම් සම්බුද්ධ ශාසනයෙ මුරදේවතාවුන් නෙමෙයි. රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට, විපතක්‌ වෙන අවස්‌ථාවෙදි නැඟී සිටින නිසා තමයි මුරදේවතාවුන් කියල කිව්වෙ. සමහර අය දේශපාලන බලය වෙනුවෙන් ආත්මය පාවල දෙනව.

අපේ කැබිනට්‌ එකේ ඉන්න එක ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කරල තිබුණ දැන් තියෙන්නෙ බුදුරජාණන් වහන්සේගෙ ශාසනය නෙමෙයි තීර්ථකයන්ගෙ ශාසනය කියල. එල්. ටී. ටී. ත්‍රස්‌තවාදය පරාජය කරන්න අපි බලකරපු වෙලාවෙ කඩුවයි, පොතයි, බැලුමයි අරගෙන ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවන්න රට වටේ ගිය කෙනා තමයි මෙහෙම ප්‍රකාශ කරන්නෙ. තවත් ඇමැතිවරයෙක්‌ කියල තිබුණ හඟුරන්කෙතට පෙළපාලි යන්න ආවොත් තලල පොඩිකරල දානව කියල. අපි අභියෝගය භාර ගන්න සූදානම්. අපි මේ ගමන පටන් ගත්තෙ නවත්වන්න නෙමෙයි. වරකාපොල පමණක්‌ නොවෙයි අපි හඟුරන්කෙතටත් එනව. මේක අන්‍ය ජාතිකයන්ගෙ අයිතිවාසිකම් උදුර ගන්න යන ගමනක්‌ නෙමෙයි. මේ රටේ ඕනෑම ජාතිකයකුට ජීවත්වෙන්න පුළුවන්.
මෑතදී බලන්න මේ රටේ බෞද්ධ සිද්ධස්‌ථාන අන්‍යාගමික කරණය කරගෙන ගියා. අපි සිවුරු දරාගෙන ඉන්නෙ කොහොමද? අද අපි එකතුවෙලා තියෙන්නෙ. අපි රැක ගන්න යන්නෙ අපෙන් අයින් වෙච්ච උරුමයයි.

පළවෙනි සියවසේ ආරම්භ කරපු ඓතිහාසික පූජා භූමියේ වපසරිය වර්තමානය පුරා විද්‍යා තොරතුරුවලට අනුව අක්‌කර 52 ක භූමි ප්‍රමාණයක්‌. පුරා විද්‍යා පනත අනුව පුරා විද්‍යා භූමියකට අනවසරයෙන් ඇතුල්වීම එය විනාශ කිරීම, සොරකම් කිරීම දේපල පැහැර ගැනීම වැනි ක්‍රියාවලට විරුද්ධව පැය 24 ක්‌ ඇතුළතදී උසාවි නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනව. අද මේ භූමිය මුස්‌ලිම් අන්තවාදීන් බලහත්කාරයෙන් අල්ලගෙන මුස්‌ලිම් පල්ලියක්‌ ඉදිකරල. ශාසනය විනාශ කිරීමේ ලොකුම වැඩපිළිවෙළ සර්වාගමික කමිටු මගින් සිද්ධකර ගෙන යනව. මුහුදු මහාවිහාරය, දීඝවාපිය, කිරින්ද බෞද්ධ උරුමය බලහත්කාරයෙන් කොටුකරගෙන. දඹුළු ලෙන රජමහා විහාරය භූමිය බලහත්කාරයෙන් මුස්‌ලිම් පල්ලියක්‌ ඉදිකරල. මේ සිද්ධියෙන් පස්‌සෙ තමයි අපේ භූමිය කොල්ල කන්නෙ කියල දැනුනෙ. 
රජයෙන් අපි අහන්නෙ බෞද්ධයන්ට එක නීතියක්‌. අනිත් අයට තවත් නීතියක්‌ ඇයි කියල.

මැලේසියාව, ඉන්දුනීසියාව ඇµaගනිස්‌ථානය, මේ රටවල් බෞද්ධ රටවල්. ඒ රටවල ජාතියට වෙච්ච විපත දිහා බලන්න. ජාතියට, සම්බුද්ධ ශාසනයට විපතක්‌ සිද්ධ වෙන විට එය රැක දුන්නෙ හාමුදුරුවරු. වාරියපොල හාමුදුරුවො රට, ජාතිය සම්බුද්ධ ශාසනයට එදා විපතක්‌ වුන අවස්‌ථාවෙ නිර්භයව මුහුණදීල බේර ගත්ත. මෑතකදි විපතක්‌ වෙන අවස්‌ථාවෙදිත් රැකදීමට කටයුතු කරන්නෙ හාමුදුරුවරු. අද පාර්ලිමේන්තුවෙ තහනම් වචනය වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධයා ගැන කතා කිරීම. පුංචි පවුල රත්තරන් කියල. මොකද උනේ අපේ දරු පරපුර එක්‌කෙනාට දෙන්නට සීමා වුණා. අනිත් අය මොකද කලේ පවුල ලොකු කර ගත්ත.

අද කතා කරන්නට කවුරුවත් නැහැ. මේව ගැන කතා කරන්න අපිට නායකයෙක්‌ නැහැ. අද අපේ නායක හාමුදුරුවරු කියන එක රටේ නායකයො පිළිගන්නෙ නැහැ. රටේ නායක හාමුදුරුවරුන්ට ආරාධනා කරනවා ජාතිය ශාසනය බේරා ගැනීම සඳහා ඉදිරියට එන්න කියා.

හලාල් කියන්නෙ දෙවියන්ට කැප කරපු දේවලට. අද බලන කොට මස්‌ විතරක්‌ නෙමෙයි අපි එදිනෙදා පරිභෝජනයට ගනු ලබන ආහාර 4856 හලාල් කරල. හලාල් සහතිකය ලබා ගන්න විශාල මුදලක්‌ මුස්‌ලිම් රටවලට දිය යුතුයි. මෙසේ මුස්‌ලිම් ආගමේ දෙවියන්ට පූජා කරපු දේ තමයි අපට ගන්න වෙලා තියෙන්නේ. අපි බල කරල කියනව මෙය වහාම ඉවත් කිරීම සඳහා කටයුතු කරන්න. එසේ නොකළහොත් අපි පාරිභෝගික අධිකාරිය වටලල දැවන්ත උද්ඝෝෂණයක්‌ වුණත් කරන්නට සූදානම්.

මෙම උත්සව සභාව අමතා පූජ්‍ය මැඩිල්ලේ පCඳ්C¹ලෝක, පූලියෑද්දේ සුධම්ම යන හිමිවරුන් රැස්‌ව සිටි ජනතාව දැනුවත් කළ අතර ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක්‌ හා විශාල ජනතාවක්‌ රැස්‌ව සිටියහ.

වරකාපොල විශේෂ - සරත් ආනන්ද ලියනගේ, අතිරේක - වසන්ත කුමාර මාපා
http://www.divaina.com/2013/03/01/provin02.html


[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

1 comments:

ප්‍රතිවාදියා said...


මෙතන තියෙන අනෙක් ප්‍රශ්නේ 1948 ඉඳල රටේ බලයට පත් ගොඩ සුද්දන් ජාතික සමගිය කියන වචනයා අල්ලගෙන අපේ ජාතික හැඟීම ජාතිවාදය හැටියට හඳුන්වන එකයි. මේ තත්වයෙන් ගැලවෙන්න මේවෙනලලුත් බැරිවෙලයි තියෙන්නේ.