Pages

Monday, March 18, 2013

බාහුවේ බුදුරුවක් පච්ච කොටාගෙන ආ සුද්දෙක් කටුනායකින් හරවා යවයි


බුදුන් වහන්සේගේ රුව සහිත පච්චයක් සිය බාහුවේ කොටාගෙන ලන්ඩනයේ සිට මෙරටට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී ආපසු හරවා යැවූ බව ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා මහතා පවසයි.

දිවයිනට පැමිණි මෙම සංචාරකයාගේ බාහුවේ එම පච්චය කොටා තිබෙනු දුටු ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහතා ඒ පිළිබදව ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇති අතර ඔහු බෞද්ධාගමට නිග‍්‍රහවන අයුරින් අදහස් ප‍්‍රකාශ කර ඇති බවද කීය.

පසුව මේ පිළිබද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආගමන විගමන නිලධාරීන් තමන්ට දැන්වූ බවද ඉන්පසුව ඔහු නැවත හරවා යැවූ බවද චූලානන්ද පෙරේරා මහතා කීවේය.

March 16, 2013 at 4:47 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91884/

1 comments:

Anonymous said...

rata ethulata genavith me ambalayatama kiyala jesus wa pachcha kotagena inna eka manda buddikayekwa pennanna kiyala