Pages

Tuesday, March 5, 2013

ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක ඉපදීමට ලැබීම භාග්‍යයක්‌ - පූජක කලීල් මවුලවි

මිලාදුන් නබී උත්සවය නිමිතිකොට ගෙන පසුගියදා ආදුරුප්පු වීදියේ "අල් මස්‌ජිඩුල් ලාµsර් ජුම්මා පල්ලියේ සංවිධායක මණ්‌ඩලය විසින් "අපි ශ්‍රී ලාංකිකයෝ" යන තේමාව මුල්කරගෙන සියලුම ජාතීන්ගේ සහභාගිත්වයෙන් සහතිකපත් සහ තෑගි බෙදා දීමේ උත්සවයක්‌ පවත්වන ලදී.

මෙදින විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ආදුරුප්පු වීදියේ පොලිස්‌ ස්‌ථානයේ නියෝජ්‍ය පොලිස්‌ ස්‌ථානාධිපති ඊ. සී. එස්‌. බී. හිප්තොටුව මහතා විසින් ජාතික ධජය ඔසවා උත්සවය ආරම්භ කළ අතර සියලුම ආගම් ජාතීන් ඇතුළත් පාසල් ළමුන් පිරිසක්‌ ජාතික ගීය ගායනා කරන ලදී. මුලසුන කතාව ආරම්භ කරමින් කලීල් මව්ලවි පූජකතුමා මෙසේ පැවැසීය.

ජාතික මට්‌ටමකින් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිදුකරනු ලබන ආගම් සැමරුම් වැනි වැදගත් දේවල්වලින් මුළු ලෝකයටම අපේ විශාල ආදර්ශයක්‌ පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක මුස්‌ලිම්වරුන් වන අපිට ඉපදීමට ලැබීම අපිට ලොකු භාග්‍යයක්‌. බෞද්ධ රටක්‌ වුවත් මුස්‌ලිම්වරුන් වශයෙන් අපි ඉතාමත් සතුටු වෙනවා. එයට ප්‍රධාන හේතුව වූයේ මුස්‌ලිම්වරුන් වශයෙන් ලෝකේ කිසිම රටක නැති නිදහසක්‌ අපට අපේ ආගමික වැඩකටයුතු කරගෙන ජීවත් වීමට මේ රටේ සමස්‌ත පුරවැසියෝ ඉඩ සලසා දීලා තියෙනවා. 

ඈත අතීතයේ සිට මුස්‌ලිම්වරුන් වන අපි මේ රට පාවා දෙන්නට එසේත් නැතිනම් කැරලි කෝලහාල කිරීමට පරදේශක්‌කාරයන්ට ඔත්තු දීල රටේ නායකයන්ව බිල්ලට දීලත් නැහැ. දෙන්නෙත් නැහැ.

එවැනි ක්‍රියාකාරකම් එසේ නැතිනම් රටේ පවතින රජයට විරුද්ධව කැරලි ගැසීම් උද්ඝෝෂණ වැනි ක්‍රියාවල යෙදිල නැහැ.

මෙදින පැවැති උත්සවයට පැමිණි ආගමික නායකයන් සියලුම දෙනා කතා පවත්වන ලදී. ජින්තුපිටිය ශ්‍රී සරණානන්ද බෞද්ධ මධ්‍යස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය ගොඩවෙල ශාන්ත ශ්‍රී හිමි, ආදුරුප්පුවීදියේ රෙපරමාදු දෙව් මැඳුරේ ඇන්ඩෲ වික්‍රමසිංහ පියතුමා සහ මහ විෂ්ණු බ්‍රහ්ම ශ්‍රී ගුණානන්ද කුරුක්‌කල් මුතුමාරි අම්මාන් කෝවිලේ ඔරුගොඩවත්ත අල්ගාµsල් මොහොමඩ් රිස්‌වි මොහොමඩ් රිස්‌කාන් අල්හාඡ් පී. එම්. යාසිම් මව්ලවි පූජකතුමා ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක්‌ මෙම උත්සවයට සහභාගි වූහ.

සටහන සහ ඡායාරූප මෝදර - ජෝශප් රන්මුතුගල
http://www.divaina.com/2013/03/05/provin02.html

පසු සටහන - 
සාමකාමී, සහජීවනවාදී මුසළුවන් ගැන මේ රටේ සිහළුන්ට කිසිඳු ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ බොදුනුවන්ගේ කරුණාව, නිවටකමක් ලෙස සලකා, බොදු උරුමය වනසා, කොල්ලකා මේ පිංබිම 51 වන මුසළු රට කෙරුමට වෙර දරන මුසළු අන්තවාදීන් ගැනයි. කලීල් මව්ලවි තුමා මෙය පැවසිය යුත්තේ සිහළුන්ට නොවේ. නැගෙනහිර, පුත්තලමේ, මාවනැල්ලේ, මාලිගාවත්තේ සහ රටේ හැම තැනකම, මහ ජාතියට විනකරමින් සිටින, මූලධර්මවාදී මුසළුවන් දැනුවත් කිරීම බොහෝ වටී. 

සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html

ඔහු පවසන 'පාවා නොදුන් කථාව' නම් අමූලික මුසාවකි. බටහිර යටත් විජිත සමයේදීත්, 30 වසරක යුධ සමයේදීත්, කේලාම් කියමින්, යුධරහස් සහ තොරතුරු ලබාදී රට පාවාදෙමින්, ඉතාම කපටි ද්විත්ව චරිත රංගනයක් මුසළුවන් විසින් කර තිබේ. ඒ පිළිබඳව මීට පෙර ලිව්වෙමි. පහත ලින්තුවට පිවිස වැඩිතොරතුරු දැනගත හැක.

අග්නිදිග මුස්ලිම් කලාපයක ව්‍යාජ උරුමය හා මුස්ලිම් අකෘතඥභාවයේ අමු නිරුවත...
http://denethharinna.blogspot.com/2013/01/21-17.html

1 comments:

Anonymous said...

බබාලා අරගෙන නලවන්න හිතෙනවා.