Pages

Tuesday, July 23, 2013

සෙබළුන් 13 ක්‌ ඝාතනය වීමෙන් ඇරඹුණු ජූලි කලබලය


1983 ජූලි 23 දා ප්‍රභාකරන් විසින් තම සමීපතම ඥතියකුවූ සතාසිවම් ක්‍රිෂ්නකුමාර් හෙවත් කිට්‌ටුට පවරා තිබූ මෙහෙයුමක්‌ වූයේ යාපනය පලාලි මාර්ගයේ එන මුර සංචාරක භට පිරිසක්‌ ඝාතනය කිරීමයි.

ඒ අනුව යාපනයේ තිරුනාවේල් සිට ලුතිනන් වාස්‌ ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් යුත් භට පිරිසක්‌ ජීප්රථ වලින් ගමන් ඇරඹූ අතර එකී භට පිරිස කිට්‌ටුගේ ත්‍රස්‌තවාදින්ට ගොදුරු විය.

ප්‍රොa බ්‍රාවෝ නැමැති මෙම භට පිරිස යාපනයේ මාදගල් හමුදා කඳවුරට සම්බන්ධ වූවන්ය.

වාස්‌ ගුණවර්ධන ඇතුළු භට පිරිස ගමන් කළ ජීප් රථවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තවාදින් ඔවුන්ට වෙඩි වරුසාවක්‌ එල්ල කළහ.

ඉන් ලුතිනන් වරයා ඇතුළු භටයන් 13 ක්‌ මියගියහ. ඔවුන් අතර බරපතල තුවාල ලබා සිටි භටයන් දෙදනකුටද කොටි වෙඩිතබා මරාදැමීය. මෙලෙස ජුලි කලබලය සිදුවූ සමයේ අන්තර්ජාල පහසුකම් හෝ වෙනත් පහසුකම් නොතිබිණි. එහෙත් වසර ගණනාවකට පසු මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු එකී ජූලි කලබලයට යලි ඔක්‌සිජන් දීමට ක්‍රියා කළහ. ඔවුන් එය ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කරන ලද්දේ සමස්‌ත සිංහල ජනතාව ම්ලෙච්ඡයන් ලෙසටය. මෙම ජුලි කලබලය ගැන හඬනගන පාර්ශව එදා සෙබළුන් 13 ක්‌ ඝාතනය වීම ගැන වචනයක්‌වත් ප්‍රකාශ කළේ නැත.

කොළඹ බොරැල්ලේ කනත්තට ගෙන ආ සෙබළුන්ගේ සිරුරු ආදාහනය කිරීමට පෙර පාංශකූලය දීමට ඉඩ නුදුන්නේ මන්දැයි එදාසිටි පාලකයන්ගෙන් විමසීමටද කිසිවෙක්‌ ක්‍රියාකර නොතිබිණි.

ජුලි කලබලය ප්‍රභාකරන්ට ඉමහත් වාසියක්‌ විය. ඔහු එය සෑම වසරක ලොව පුරා පිළිබිඹුකරමින් අරමුදල් එකතු කළේය. මේ අතර ජූලි කලබලයෙන් වසර 29 කට පසු විවිධ සංවිධාන බිහිවිය. ඇතමුන් වෙනසක තාරුණ්‍යය නමින් සංවිධානයක්‌ද පිහිටුවාගෙන 1983 ජුලි 23 වැනිදා 13 පිරිසකට සිදුවූ ෙ€දවාචකයන් නිසා එය ජාතිවාදි යුද්ධයක්‌ බවට පත්ව බෙදුම්වාදය තෙක්‌ ව්‍යාප්ත වූ බවට ප්‍රකාශ කරනු ලැබීය.

1983 ජුලි 23 දා යාපනයේදී කොටින් විසින් ඝාතනය කළේ සෙබළුන් 13 ක්‌ බවටත් මෙවන් සංවිධාන ආරම්භ කරන පිරිස්‌ නොදනී.

එහෙත් ජුලි කලබලයේ සිදුවීම් ඇස්‌ දෙකින් දුටු අපට අතීතය වසන් කළ නොහැකිය.

1983 ජුලි 24 දා දහවල් කොළඹ කොටා පාරේ ගමන්කළ අපට දැකගන්නට ලැබුණේ කළු පැහැති ෙµdක්‌ස්‌වැගන් රියනින් පැමිණි යුවලක්‌ ගිනිතබා ඇති වාහනවල ඡායාරූප ගන්නා අයුරුයි.

එච්. ජී. රාජතිලක, කේ. පී. කරුණාරත්න, ජී. ආර්. පෙරේරා, එන්. එA. එස්‌. මනතුංග, එස්‌. අයි. තිලකරත්න, ජී. ඩී. පෙරේරා, එA. ඡේ. විඡේසිරි, එස්‌. එස්‌. අමරසිංහ, බී. එන්. ඩී. මනම්පිටිය, එම්. ඩී. සුනිල්, ජී. රොබට්‌ සහ එA. ඡේ. ආර්. ප්‍රනාන්දු යන සෙබළු කොටින්ගේ ප්‍රහාරයට ලක්‌ විය.

එවකට මෙරට රාජ්‍ය නායකයා ලෙස ඡේ. ආර්. ජයවර්ධන කටයුතු කළේය. රජයට අවශ්‍ය වූයේ එම සෙබළුන්ගේ සිරුරු බොරැල්ලේ කනත්තට ගෙන ගොස්‌ විගස ආදාහනය කිරීමයි.

හොරණ, කැප්පෙටිපොල, කඩුවෙල, පනාගොඩ, පොල්ගහවෙල, බණ්‌ඩාරගම, බත්තරමුල්ල, කෑගල්ල, ගනේමුල්ල, ගලගෙදර, නාවලපිටිය, අගලවත්ත සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වූ මේ සෙබළුන්ගේ සිරුරු ඔවුන්ගේ ගම්වලට ගෙනගියහොත් කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවනු ඇතැයි ජයවර්ධන පාලනය විශ්වාස කළේය.

1983 ජුලි 24 වැනිදා සවස්‌ යාමයේ සෙබළුන්ගේ සිරුරු කොළඹ කනත්ත වෙත ගෙන එනු ලැබුවේ දැඩි රැකවල් මැදය. එවකට කොළඹ ප්‍රදේශය භාරව සිටි සද්දන්ත පොලිස්‌ නිලධාරියකු වූ එA. සී. ගපූර්ට කනත්ත අවට ආරක්‍ෂක කටයුතු පවරා තිබිණි.

මෙම සෙබළුන්ගේ සිරුරු තම ගම්වලට ගෙන යැමට පවා ජයවර්ධන පාලනය ඉඩ දුන්නේ නැත. එදා වසර 30 කට පෙර සිදුවූ මේ ක්‍රියාදාමය පිළිබඳව විවිධ පාර්ශ්ව අතීතය වසන් කර අලුත් අතීතයක්‌ මවා පා තිබේ. සෙබළුන් වෙනුවෙන් ජයවර්ධන පාලනය පාංශකූලය පවා දීම ද තහනම් කළේය.

මේ තත්ත්වය මැද පොලිසිය කනත්තට ඇදී එන ජනතාව වළක්‌වාලීමට උත්සාහ කළේය. එහි ප්‍රතිඵලය වූයේ ජනතාවගේ කෝපය උස්‌සන්න වීමයි.

මේ පසුබිම මැද පොලිසියට ගල් ප්‍රහාරයක්‌ ද එල්ල විය. ගපූර් පොලිස්‌ නිලධාරියාගේ නළලට ද ගල් පහරක්‌ වැදී ලේ ගලා ගියේය. මෙදින උදේ කොළඹ බණ්‌ඩාරනායක සමරුහලේදී සෝනි සමාගමේ සම්මන්ත්‍රණයක්‌ පැවැත්විණි. උදේ 9.30 ට ආරම්භ වූ එම සමුළුව විගස කල් දමනු ලැබූ බව ප්‍රකාශ විය. එA සමගම පිටකොටුවේ මල්වත්ත පාරේ සෝනි ගොඩනැඟිල්ල ගිනි ගන්නා බව වාර්තා විය. බණ්‌ඩාරනායක සමරුහලේ සිට මහමගට පැමිණි අපට දැකගත හැකි වූයේ කඩු පොලු රැගත් ත්‍රිරෝද රථවලින් කෑගසමින් යන පිරිස්‌ය. 

සෙබළුන් 13 ක්‌ ඝාතනය කිරීමේ සිද්ධිය විශාල කලබලයක්‌ බවට පත්වූයේ මොහොතකිනි. ඉතා සුළු වේලාවක්‌ තුළ බොරැල්ලේ මැගසින් ගොඩනැඟිල්ල ගිනි ජාලාවකින් වෙලී ගියේය. කලහකාරීහු දේශප්‍රේමී වෙස්‌ ගෙන ද්‍රවිඩ කඩසාප්පුවලට ද ප්‍රහාර එල්ල කළහ. පොලිසිය හා හමුදාව විනාශකාරී ක්‍රියා සිදු වන තෙක්‌ බලා සිටියේය. ජයවර්ධන පාලනය ද කඩිනමින් පියවර ගත්තේ නැත.

මෙරට ඓතිහාසික වස්‌තුවක්‌ වූ හැඳල විජය චිත්‍රාගාරයට ද ගිනි තබනු ලැබිණ. විජය චිත්‍රාගාරයේ තිබුණේ මෙරට පැරැණි චිත්‍රපටවල පිටපත්ය. 

මාලිගාවත්ත ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරීන් ද සැන්ට්‌ ඇන්තනීස්‌ ආයතනය හා වෙනත් කඩසාප්පු කොල්ලකෑමේ යෙදුණි. ඇතැමුන් ටැටූන් වර්ගයේ විශාල රූපවාහිනි යන්ත්‍ර හිස මත තබාගෙන දිව යන අයුරු අපට දැකගත හැකි විය.

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ වෙන්කට්‌ද කළුබෝවිලදී රථය තුළම දවා ගිනිබත් කරනු ලැබිණි. පැය 48 කට පසු රජය ක්‍රියාත්මක විය. කොල්ලකෑ බඩු මහපාර අසලට ගෙනවිත් තබන්නැයි රජය නියෝග කළේය. මේ අතර ඡේ. ආර්. ජයවර්ධන කැකිල්ලේ තීන්දුවක්‌ දුන්නේය. එA කලබලකාරී තත්ත්වයට වගකිවයුත්තන් ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ සහ වාමාංශික පක්‍ෂ නම් කිරීමයි.

මෙම විනාශකාරී තත්ත්වය දියත් කරනු ලැබුවේ ජයවර්ධන පාලනයට සම්බන්ධ වූවන්ය. එවකට ඇමැතිවරයකු වූ සිරිල් මැතිව්ට ද චෝදනා එල්ල විය.

1983 ජුලි 23 දා සෙබළුන් 13 ක්‌ කොටි මිනීමරුවන් විසින් ඝාතනය කිරීම නිසා ඇතිවූ කලබලය කළු ජූලිය ලෙස රාජ්‍ය නොවන සංවිධාන විසින් නම් කෙරිණි.

කොටි සංවිධානය බලාපොරොත්තු වූයේ ද මෙවන් තත්ත්වයකි. මැරයන්, කලහකාරීන් හා රජයට සම්බන්ධ පිරිස්‌ ඇති කළ ජුලි කලබලයෙන් 400 කට අධික ද්‍රවිඩයන් මියගිය බව වාර්තා විය. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන විසින් වසරක්‌ පාසා මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෙදී සිටී.

මෙහිදී ඝාතනය වූයේ කොටි නොව මහ පාරේ මුල්ලක සිටි ද්‍රවිඩ සපත්තු මහන්නන්, බෝතල් පත්තර එකතු කරන්නන් ඇතුළු ද්‍රවිඩයන්ය. එදා සිදු කළ එකී විනාශකාරී ක්‍රියාව නිසා කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ස්‌වීඩනය, නෝර්වේ ඇතුළු රටවල් රැසකට යැම සඳහා මෙරට ද්‍රවිඩයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හැකි විය.

මෙම කලබලකාරී සමයේ රුපියල් කෝටි ගණනක දේපළ විනාශ විය. ධනවත් ද්‍රවිඩ ව්‍යාපාරිකයන් නම් රක්‍ෂණ හිමිකම් ලබාගනු ලැබිණ. ඇතැම් සිංහල ජනතාව ද අසරණභාවයට පත්වූ ද්‍රවිඩ පවුල්වලට රැකවරණය දුන්හ.

ජුලි කලබලය ඇති කිරීම සඳහා සෙබළුන්ව ඝාතනය කළ සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්‌ටු යුද අවි ගෙන ආ අහට්‌ නමැති කොටි නැවේදී බෝම්බයක්‌ පුපුරවාගෙන සිය දිවි නසාගනු ලැබීය. එA ඉන්දීය හමුදාව එම නැව වටකර යටත් වන ලෙස නියෝග කළ අවස්‌ථාවේයි. එකී ඡායාරූප කලකට පසු විදේශ පුවත්පත්වලද විකාශනය විය.

පසුගිය වසර කීපය තුළදී ජුලි කලබලයේ අතීතය ගැන විදෙස්‌ පුවත්පත්වල පළවූ වාර්තා වලට 1971 සහ 1988 කැරලි සමයේ ඝාතනය වූවන්ගේ ඡායාරූප සහ කොටි ප්‍රහාරවලින් මියගිය අයගේ ඡායාරූපද යොදාගෙන තිබිණි.

මේ වාතාවරණය මැද 1984 සිට 2004 දක්‌වාම ප්‍රභාකරන් ජුලි කලබලය ලොවපුරා විද්‍යාමාන කරමින් ඩොලර් මිලියන ගණනක්‌ ලබාගත්තේය.

ඔහුට සමගාමීව කොළඹ රාජ්‍ය නොවන සංවිධානද ජුලි කබලයට කළු ජූලියයි නම්කරමින් විදේශ අරමුදල් ලබාගැනීමට ක්‍රියාකරනු ලැබීය. එහෙත් මෙවන් කලබලකාරි තත්ත්වයක්‌ ඇතිකිරීමට දායකවූ ප්‍රභාකරන් මිනිමරුවා කෙරේ කිසිවකු විරෝධය දැක්‌වූයේ නැත. අද රාජ්‍ය නොවන සංවිධාන ජුලි කලබලය තවදුරටත් විකුණාගෙන කෑමේ යෙදි සිටි ඒ මියගිය අහිංසක ද්‍රවිඩයන් වෙනුවෙන් නොව තම වාසිය උදෙසායි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/23/feature01.html

2 comments:

ධර්මරත්න said...

මෙච්චර හොඳ කතු වැකිත් ලියලා,ජාතිය වෙනුවෙන් පෙනි ඉඳලත් , "දිවයින" පත්තරේ අලෙවිය මෙච්චරම පහත වැටිලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕනෑ.අපේ සිංහල ජාතිය ගැන කතා කරන්න තියෙන එකම ජාතික පුවත්පත එච්චරයිනේ.‍රැක ගන්න ඕනෑ.

Loku John said...

එදා බොරැල්ල මටනම් අමතක කරන්න බෑ ඉස්කෝලෙ යන පොඩි උන් උන අපිට හරි යමක් නොතෙරුන අතර අර මියැදුන එක් බටයෙක් මගේ පන්තියෙ මිතුරෙකුගේ පියෙක්