Pages

Tuesday, July 23, 2013

පොදුරද මඬුලු සමුළුවේදී 'බාල්දි පෙරළපල්ලා' කියමින් කොටි බ්‍රිතානි ඇමැතින්ට රජ බොජුන් කවති එක්‌ කෑම පිඟානක වටිනාකම පවුම් 60යි

කැල්ලම් මැක්‌රේ
ලබන නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව තුළ අර්බුද ඇති කිරීම සඳහා කොටි ඩයස්‌පෝරාව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්‌ඩල ඇමැති ඇල්ස්‌ටයාර් බර්ට්‌ ඇතුළු කොන්සර්වෙටිව් මන්ත්‍රී කණ්‌ඩායමකට මේග්‍රින් මැකර් නමැති හෝටලයේදී අතිවිශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ පවත්වා ඇත.

එක්‌ අයකුට පමණක්‌ ස්‌ටර්ලින් පවුම් 60 ක්‌ වූ රාත්‍රි ආහාර වේලක්‌ මේ රාත්‍රි භෝජනයට ඇතුළත් විය. ඊට දුම් ගැසූ සැමන් මාළුන්, කුකුළු මස්‌, බැටළු මස්‌ ඇතුළු විවිධ රසමසවුළුවලින් යුක්‌ත වූ රජ බොජුන් වැනි විවිධ කෑම අඩංගු වී තිබේ. ස්‌ටර්ලින් පවුමක වටිනාකම රුපියල් 170 ක්‌ වන අතර ඒ අනුව එක්‌ පුද්ගලයකුගේ කෑම පිඟානක වටිනාකම රුපියල් 10,200 ක්‌ වන්නේය.

බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, ගෝලීය ද්‍රවිඩ සංසදය හා කොටි ඩයස්‌පෝරාවේ නියෝජිතයන් සහභාගි වූ මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට කැනඩාවේදී කොටින්ගෙන් සම්මාන ලත් චැනල් ෆො රූපවාහිනියේ කැල්ම් මැක්‌රේ සහ ශ්‍රී ලංකාව යුද අධිකරණයට ගෙන යා යුතු බව පවසන මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරිය වූ µ්‍රdන්සස්‌ හැරිසන් සහ සංචාරකයකු වේශයෙන් මෙරටට හොරෙන් පැමිණ තොරතුරු සොයා පිටව ගිය චැනල් ෆො රූපවාහිනියේ නිෂ්පාදක ජොනතන් මිලර්ට ඇරයුම් කර තිබිණි. 
මෙහිදී චැනල් ෆො අධ්‍යක්‍ෂ හා හිටපු බී. බී. සී. වාර්තාකාරිය ශ්‍රී ලංකාවට යෑවිය යුතු යෑයි කොටි ඩයස්‌පෝරාව ඇල්ස්‌ටයාර් බර්ට්‌ගෙන් ඉල්ලා ඇත.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ ඇල්ස්‌ටයාර් බර්ට්‌ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමඟ මාධ්‍යවේදීන් කණ්‌ඩායමක්‌ පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි විය යුතු බව පවසා තිබේ. මේ අතර ලන්ඩන් නුවරදී ප්‍රකාශයක්‌ කළ කැල්ලම් මැක්‌රේ උතුරු නැගෙනහිර ද්‍රවිඩයන්ට ස්‌වයං පාලනය දිය යුතු බව ද පවසා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/23/news01.html

1 comments:

Anonymous said...

අනේ බොළ පක්කලි කීර්තියෝ. තෝයි මායි දන්නා පොදු රද මඬුලු. කුලියට කරන පක්කලියා.