Pages

Friday, July 5, 2013

පොලිස් වෙඩි පහරින් පාතාල නායකයා මරුට | ‍පොලීසියෙන් බේරීමට මුස්ලිම් කාන්තා වෙස් අරන්

පාතාලයේ අංක එකේ කල්ලි නායකයෙක් මෙන්ම මතෛක් ජීවතුන් අතර සිටි නමගිය පාතාල ප්‍රබලයක් වූ මොහොමඩ් නසීර් මොහොමඩ් අස්මි නොහොත් මාමා අස්මින් නමැත්තා ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊයේ (04) උදෑසන මරුමුවට පත්විය. මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු පාතාල අපරාධවලත් මත්කුඩු ජාවාරමේත් නිරතව සිටි මාමා අස්මින්ව ‍පොලිස් විශේෂ කාර්ය බලකාය මාලිගාවත්තේ ගේ රාජධානිය වන ඇපල්වත්තේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ගෝල බාලයින් සහ අවි ආයුධ සොයාගමන් ගනිද්දී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පිටුපස සරණ පාරේදී ඇති වූ සිද්ධියකින් ඔහු මියගිය බව ‍පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රසිරි රණවන මහතා සඳහන් කළේය.

මාමා අස්මින්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ තොරතුරු අනුව නාරහේන්පිට ප්‍රදේශයේ ස්ථානයක් පරීක්ෂාකරන්නට විශේෂ කාර්ය බළකා සෙබළු ඩිපෙන්ඩරයකින් ගමන් කරමින් සිටියදී මාමා අස්මින් ඩිපෙන්ඩරයේ පිටුපස අසුනේ සිට එකවරම ඩිපෙන්ඩරයේ රියැදුරු කොස්තාපල්වරයා වෙත කඩා පැන ඔහුගේ ගෙල සිරකර ඇති බවත් එහිදී රියැදුරුගේ පාලනයෙන් තොරව ඩිපෙන්ඩරය ඉදිරියට ගමන් කොට මාර්ගයෙන් ඉවතට විසිවී තිබෙන බවත් ‍පොලීසිය කියයි. එහිදී ‍පොලිස් කොස්තාපල් රියැදුරාගේ ආරක්ෂාවට පිටුපස සිටි විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් මාමා අස්මින්ට වෙඩි තබා තිබෙන බව රණවන මහතා සඳහන් කළේය.

මාමා අස්මින්ගේ දෑතට ඒ වන විට විලංගු දමා තිබි ඇති බවත් ඔහු රියැදුරුගේ බෙල්ලට විලංගු මැදින් දෑත යවා සිරකර තිබෙන බවත් රණවන මහතා කීය.

මාම අස්මින් ඒ මොහොතේම මියගිය බවද රණවන මහතා සඳහන් කළේය.

මාලිගාවත්ත ඇපල්වත්තේ දෙමහල් නිවසක මාමා අස්මින් සිටින බවට විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ඊයේ 04 අලුයම 2.30ට පමණ විශේෂ කාර්ය බලකාය ඇපල්වත්තේ දෙමහල් නිවස වටලා තිබේ. එහිදී විශේෂ කාර්ය බළකා සෙබළු අදාළ දෙමහල් නිවසට ඇතුළුවී ඉහළ මහළ පරීක්ෂාකරන විට ඒ තුළ රැඳී සිටි මාමා අස්මින් ගිනි අවියක්ද අතැතිව ජනේලයකින් පැන වහළවල් මතින් දුවයන්නට පටන්ගෙන තිබේ. විශේෂ කාර්ය බළකා සෙබළුන්ද එහිදී ජනේලයෙන් පැන වහළවල් මතින් ඔහු පසු පස පන්නනු ඇත. එවිට වහළක්ද කඩාගෙන  විශේෂ කාර්ය බළකා සෙබළු දෙදෙනෙක් මාමා අස්මින් සමග නිවසක් තුළට කඩා වැටී තිබෙන බව සඳහන් ය.

නැවතත් ඔහු දුව යනවිට පස්සෙන් පැන්නූ විශේෂ කාර්ය බළකා සෙබළු ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ මොහොතේ ඔහු අත ගිනි අවිය තිබි නැති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
මාමා අස්මින් සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඉහළ මහ‍ලේ ඇඳක් යටින් ටී 56 අවියක් සහ අත්බෝම්බ 09ක්ද හමුවූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 

මුස්ලිම් පාතාලයේ කිරුළ මාමා අස්මින් නමැත්තා පළඳින්නේ මුස්ලිම් පාතාලයේ රජු ලෙස සැලකූ ෆාජි නමැත්තාද විශේෂ කාර්ය බළකා ප්‍රහාරයකින් මරුමුවට පත්වීමත් සමගිනි.

වසර කිහිපයක් තිස්සේ ‍පොලීසියට කට්ටි පනිමින් සිටි මාමා අස්මින් අවස්ථා කිහිපයකදීම ‍පොලීසියෙන් බේරී තිබුණේ මුස්ලිම් කාන්තා වෙස් ගෙන සිටි බැවිනි. ඒ තත්ත්වය මත විශේෂ කාර්ය බළකා සෙබළුන්ද පසුගිය කාලයේ මාමා අස්මින් ගැන ඔත්තු බැලීමට මාලිගාවත්ත, ඇපල්වත්තට රිංගා තිබුණේ මුස්ලිම් වෙස්ගෙනය.

මාම අස්මින් ගැන තොරතුරු ‍පොලීසියට දුන් බව කියන තරුණයකුද වරක් අභිරහස් ලෙස ඝාතනය වී මළ සිරුර ඇළක තිබි හමුවී තිබිණි. ‍පොලීසියට තොරතුරු දීම ගැන උරණ වූ මාමා අස්මින් වරක් මාලිගාවත්තේ ත්‍රිරෝද රථ තිහකට පමණ පහරදී ගිනි තබාද තිබිණි.

පාතාල ‍පොලීසියක් සහ පාතාල උසාවියක් පවා පවත්වාගෙන යමින් නඩු අසා මරණ දඬුවම් ද දුන් එම උසාවි සහ ‍පොලීසි ඇපල්වත්තේ පවත්වාගෙන ගොස් තිබිණි.

නැගෙනහිර පළාතේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සමගද සම්බන්ධකම් පවත්වා තිබුණු මාමා අස්මින්ට ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ගේ රැකවරණය පවා ලැබි තිබිම විශේෂිතය.
මාමා අස්මින්ගේ මරණයත් සමග මුස්ලිම් පාතාලය විසිර ගොස් තිබෙන බව ‍පොලීසිය කියයි.

මාලිගාවත්ත හෙල්ලුම්කයි. මත්කුඩු ජාවාරමෙත් යෙදිලා
2013 ජූලි 05  01:50 a.m
ගයාන් කුමාර වීරසිංහ

සබැඳි ලිපි
[

මාමස්‌මි ඉවරයි! මිනී මැරුම් 20 යි, බිරියන් 3 යි, ළමයින් 12 යි!http://denethharinna.blogspot.com/2013/07/20-3-12.html
]

0 comments: