Pages

Friday, July 5, 2013

ආණ්ඩුවේ ස්ථාවරයට අකමැති ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් යා හැකියි - ජනපති

ආණ්ඩුවේ ස්ථාවරය පිළිගැනීමට හා ඒ අනුව කටයුතු කිරීමට නොහැකියාවක් ඇති කවර තරාතිරමකට අයත් පුද්ගලයකුට වුවද ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ඇමැතිවරුන් හමුවේ අවධාරණය කර ඇත. එවැනි කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් බලහත්කාරයෙන් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි ආණ්ඩුවේ අතිශය විශ්වාසදායක ආරංචි මාර්ග හෙළි කරයි. ළඟා එන පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා ලබාදීම පිළිබඳව සඳහන් කර ඇති ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ විවිධ චෝදනාවලට ලක්වී සිටින පුද්ගලයන්ට ශ්‍රී ල.නි.ප. නාම යෝජනා නොලැබෙන නිසා ඔවුන්ටද පක්ෂය හැර යාමට කිසිදු බාධාවක් නොමැති බවයි. එම තීරණය ළඟඑන පළාත් සභා මැතිවරණ සඳහා පක්ෂයේ නාම යෝජනා ලබාගැනීමට බලා‍පොරොත්තු වන අයට පමණක් නොව ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාට ‍පොදුවේ බලපාන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

නිහාල් ජගත්චන්ද්‍ර
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13248:2013-07-05-04-49-45&catid=62:2012-08-14-03-41-39&Itemid=84

ප.ලි.
(ප)රාජිත, වහසිදේව, රෙජිනෝල්ඩ්, ඩිව්, හකීම්, තිස්ස...?

0 comments: