Pages

Wednesday, August 21, 2013

උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්

උතුරු නැගෙනහිර සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණයකින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන 400ක් පමණ සොයාගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙයින් වැඩිම ප‍්‍රමාණයක් සොයාගෙන ඇත්තේ උතුරු පළාතෙන් වන අතර, ඒ සංඛ්‍යාව 295කි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව යුද්ධයට පෙර උතුරු පළාතෙන් සොයාගෙන තිබූ පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව 59කි.පුරාවිද්‍යාඥයන් පවසන්නේ තවමත් උතුරේ භූමියෙන් 50% ක පමණ ප‍්‍රමාණයක් ගවේෂණය සදහා ඉතිරිව ඇති බවය.ඒ අනුව ඉදිරියේදී උතුරේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව මීට වඩා වැඩි වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා,

”යුද්ධය පැවති කාලයේ උතුරේ සහ නැගෙනහිර තිබූ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබද දෙපාර්තමේන්තුවේ අවධානය අඩුවී තිබුණා.ඒවා සංරක්ෂණය කිරීමට අපට හැකියාවක් තිබුණේ නැහැ.මේ නිසා යුද්ධය අවසන් වූ වහාම ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන නිසා පුරාව්ද්‍යාත්මක ස්ථාන වල මායිම් හදුනා ගැනීමට සිදුවුණා.ඒ නිසා අපි මේ කාර්යය ඉක්මන් කළා.” යැයි පැවසීය.

August 20, 2013 at 9:15 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99643/

[
සබැඳි ලිපි -
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
අනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේ
http://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.html
හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.html
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.html
පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.html
සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
]

0 comments: