Pages

Friday, August 30, 2013

කොටි නායකයන් ඇතුළු දෙමළ ඩයස්‌පෝරාව පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ හමුවට කැඳවන්න - මියගිය හා අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව

වසර 30 ක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදයට සම්බන්ධ කොටි නායකයන් ඇතුළු දෙමළ ඩයස්‌පෝරාව විශේෂ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ හමුවට කැඳවා ප්‍රශ්න කරන ලෙසට ඉල්ලා මියගිය සහ අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව මගින් මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලෙයි මහත්මියට අද (30 වැනිදා) සංදේශයක්‌ භාරදීමට නියමිතය. 

ත්‍රස්‌තවාදය නිසා අතුරුදන්වූවන් සහ මියගිය අහිංසක වැසියන් විශාල පිරිසක්‌ සිටින බවද ඔවුන්ට සාධාරණයක්‌ ඉටුකර දෙන ලෙස ද එම සංදේශයෙන් ඉල්ලා සිටින බව එම එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද ජයමාන්න මහතා ඊයේ (29 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මියගිය හා අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව ඊයේ (29 දා) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ද්‍රවිඩ ජාතික මවක්‌ තම දරු දෙදෙනා අහිමි වීමේ ශෝකය ප්‍රකාශ කළ අයුරු. ඡායාරූපය - සුජාතා ජයරත්න

නවිපිල්ලේ මහත්මිය බුද්ධිමත් කාන්තාවක්‌ වශයෙන් යුද්ධයෙන් පසුව සිදුවූ දේවල් නොව වසර 30 ක්‌ තිස්‌සේ පැවැති කොටි ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම් ගැන පමණක්‌ සොයා බැලිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

චැනල් 4 නාලිකාවේ චිත්‍රපටය වැනි කොටි ත්‍රස්‌තවාදීන්ගේ සියලුම ක්‍රියාකාරකම් අඩංගු වීඩියෝ චිත්‍රපටයක්‌ ඉදිරියේදී මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය සමුළුවට ඉදිරිපත් කරන බවද ආනන්ද ජයමාන්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳව නවි පිල්ලෙයි මහත්මියගේ සිතේ තිබූ වැරදි චිත්‍රය මේ වන විට වෙනස්‌ව ඇති බව කී ජයමාන්න මහතා මේ වන විට අප රට ගැන ධනාත්මකව සිතනු ඇතැයි විශ්වාස කරන බවද කීවේය.

මෙම මාධ්‍ය හමුවේදී කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරන ලද දරුවන්ගේ සහ පවුලේ හිතවතුන්ගේ ඥතීහු ද අදහස්‌ දැක්‌වූහ.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/08/30/news16.html

0 comments: