Pages

Wednesday, August 21, 2013

වේ ප්‍රෝටීන් අඩංගු ආහාර රැසක්‌ වෙළෙඳපොළෙන් ඉවතට

පසුගිය සතිය තුළදී දිවයින පුරා වෙළෙඳසල්වල සිදු කළ වැටලීම්වලදී වේ ප්‍රෝටීන් හා වේ පවුඩර් අඩංගු කිරිපිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන එක්‌ලක්‍ෂ හතළිස්‌ දෙදහස්‌ හාරසිය විසිහයක තොගයක්‌ භාවිතයෙන් ඉවත් කර මුද්‍රා තැබූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

දිවයින පුරා පිහිටි වෙළෙඳසල් දහ දහස්‌ හත්සිය දහනවයක මෙම වැටලීම් සිදු කර ඇති අතර එහිදී මුද්‍රා තැබූ කිරිපිටි සහ කිරි නිෂ්පාදනයන් ඒවා සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක්‌ භාවිතයෙන් ඉවත් කර තැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්‌ඩාර මහතා "දිවයින"ට පැවසීය.

මෙසේ මුද්‍රා කර ඇති කිරිපිටි නිෂ්පාදනයන් අතර වේ ප්‍රෝටීන් අඩංගු ළදරු කිරිපිටි පැකට්‌ දහනව දහස්‌ තුන්සිය පනස්‌ එකක්‌ ද, විශේෂිත කිරිපිටි පැකට්‌ දහනව දහස්‌ දෙසිය පනස්‌ හයක්‌ ද, ශක්‌ති ජනක පානයන් පන්දහස්‌ හාරසිය පනස්‌ හයක්‌, දියර කිරි පැකට්‌ හා බෝතල් විසිදහස්‌ පන්සිය අනූඑකක්‌, චීස්‌ ඇතුළු අතුරු කිරි නිෂ්පාදන දහහතර දහස්‌ පන්සිය දහසයක්‌ හා වේ පවුඩර් අඩංගු චොක්‌ලට්‌ හැටතුන් දහස්‌ දෙසිය හැටහයක්‌ වන බව සෙනරත් බණ්‌ඩාර මහතා පැවසීය.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/08/21/news22.html

0 comments: