Pages

Monday, August 26, 2013

පිල්ලේ පෙන්නා ඡන්ද ගරන සැලැස්මක් - යාපනය එජනිස නායකගෙන් මැතිවරණ කොමසාරිස්‌ට පැමිණිල්ලක්

නවනීදන් පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේදී මැතිවරණ නීති උල්ලංඝනය වීමට ඉඩ ලබා නොදෙන ලෙස ඉල්ලමින් යාපනය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කණ්‌ඩායම් නායක එස්‌. තවරාජා මහතා මැතිවරණ කොමසාරිවරයා වෙත ලිපියක්‌ යවා ඇත.

එම ලිපිය මෙසේය. එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සමහර දේශපාලන පක්‌ෂවල හා එම පක්‌ෂවල දේශපාලන නායකයන් හට නවනීදම් පිල්ලේ මහත්මිය හමුවීමට කාලවේලාවන් ලබාදී ඇති බව සියලු මාධ්‍යයන් විසින් දැනටමත් ප්‍රචාරය කර ඇත. මෙම මාධ්‍ය වාර්තාවල මෙහෙයුම මගින් දැනටමත් නවනීදම් මහත්මිය සමහර අපේක්‌ෂකයන් හමුවන බවට තහවුරු කර ඇත. ශ්‍රී ලංකා ආණ්‌ඩුව යම් යම් ප්‍රදේශවල මානව හිමිකම්වල ප්‍රගතිය තීරණය කිරීම සඳහා රජකාරි මට්‌ටමින් තක්‌සේරු කිරීමට නවනීදම් පිල්ලේ මහත්මියගේ පැමිණීම යොදාගෙන තිබුණද සමහර දේශපාලන පක්‌ෂ සිය අපේක්‌ෂකයන්ට මෙම පැමිණීම හරහා උතුරු පළාත් සභා ඡන්දයේදී අයුතු වාසියක්‌ ලබාගැනීමට උත්සාහ කරමින් ඔවුන්ගේ දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට නීත්‍යානුකූල නොවන අන්දමින් අසාධාරණ ලෙස උතුරු පළාත් ඡන්දදායකයන් අතර වක්‍රව බලපෑමට ලක්‌කර ගනිමින් සිටිති.

එබැවින් අප පක්‌ෂයේ ඡන්ද කටයුතුවලට බලපාන නීති විරෝධී ක්‍රියාවල ඔබතුමාගේ අවධානයට ලක්‌කරන අතර මෙයට ප්‍රතිකර්මයක්‌ වශයෙන් පහත සඳහන් කරුණු මගින් උතුරු පළාත් සභා ඡන්දය වෙනුවෙන් නාම යෝජනා ලබාදුන් සියලු අපේක්‌ෂකයන්ගේ අයිතීන් ආරක්‌ෂා වන අන්දමින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

1 නවනීදම් පිල්ලේ මහත්මිය ඇයගේ සංචාරයේදී දෙමළ දේශපාලන පක්‌ෂ නායකයන් හමුවීමට යන්නේ නම් උතුරු පළාතේ මැතිවරණය වෙනුවෙන් ස්‌වාධීනව හෝ පෙරමුණක්‌ වශයෙන් තරගවදින සියලුම දේශපාලන පක්‌ෂ නායකයන් හා ස්‌වාධීන කණ්‌ඩායම් නායකයන් හමුවන බවට තහවුරු කළ යුතුය.

නවනීදම් පිල්ලේ මහත්මිය උතුරු පළාත් මැතිවරණය සඳහා නාම යෝජනා දුන් කිසියම් හෝ සමහර අපේක්‌ෂකයන් හමුවන්නේ නම් ඔවුන්ගේ පක්‌ෂ හෝ කණ්‌ඩායම්වල පසුගිය හෝ වර්තමාන ක්‍රියාකාරකම් නොතකා උතුරු පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන සියලුම අපේක්‌ෂකයන් හමුවන බවට තහවුරු කළ යුතුයි.

අවාසානයේදී ඉතාමත් වැදගත් කරුණ වන්නේ මෙම මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වී සිටින පක්‌ෂවලට කිසියම් දේශපාලන වාසියක්‌ ලබා ගත හැකි යම් ප්‍රකාශ හෝ අදහස්‌ එසේම උතුරු පළාතේ ඡන්දදායකයන් හට සෘජුව හෝ වක්‍රව බලපෑම කළ හැකි ආකාරයෙන් යම් අපේක්‍ෂකයෙකු හෝ පක්‌ෂයකට හෝ ස්‌වාධීන කණ්‌ඩායමකට අවාසියක්‌ සිදුකළ හැකි ක්‍රියාවක නොයෙදීමට නවනීදම් පිල්ලේ මහත්මියට උපදෙස්‌ ලබාදිය යුතුයි.

පිල්ලේගේ සංචාරයේදී මැතිවරණ නීති කඩ වීමට ඉඩ නොතබන්න 
යාපනය එජනිස නායකගෙන් මැතිවරණ කොමසාරිස්‌ට ලිපියක්‌
http://www.divaina.com/2013/08/26/news03.html

0 comments: