විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං (19) මුණ ගැසුණේ ලබන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා නිල ආරාධනය සිදු කිරීමටය.
මෙම ආරාධනය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම සතුට පළකර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් මෙම සමුළුව සඳහා තමාගේ සහභාගිත්වය පිළිබඳව මන් මොහාන් සිං මහතා මෙහිදී කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද තානාපති ආරංචි මාර්ග සඳහක් කරයි.
ඒ අනුව මෙම සමුළුවට සහභාගි වන ඉන්දීය නියෝජිත පිරිසේ සංයුතිය පිළිබඳවද මන් මොහාන් සිං මහතා මෙහිදී ප්‍රකාශ කර නොමැත.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් අතර පැවැති සාකච්ඡාවේදී තමිල්නාඩු සහ ශ්‍රී ලංකා ධීවර ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුමක් කඩිනමින් ලබා දිය යුතු බවට දෙදෙනාම එකඟ වී ඇත.
2013 අගෝස්තු 21 12:10 a:m - පැතුම් වික්‍රමරත්න
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16246:13-&catid=34:news&Itemid=62
1 comments:
ගැටලූ නිරාකරණය කර ගත යුතුයි.
Post a Comment