Pages

Wednesday, August 28, 2013

පිල්ලේ උතුරේ සංචාර අරඹයි

යාපනය එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඇයව හමුවීමට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පහළොස්‌ දෙනකුට හා ස්‌වෙච්ඡා සංවිධාන 10 ක නියෝජිතයන්ට අවස්‌ථා ලැබිණි. පැය 3 ක කාලයක්‌ පැවැති එම සාකච්ඡාවේදී අතුරුදන්වූ බව කියන පුද්ගලයන්ගේ පවුල්වල අය විසින් පිල්ලේ මහත්මිය වෙත සංදේශ භාරදී තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය පෙරේදා උතුරු පළාතේ සංචාරයක නිරත වූවාය. යාපනය මහජන පුස්‌තකාලයේදී උතුරු පළාතේ සංවර්ධනය පිළිබඳව පරිපාලන නිලධාරීහු විසින් පිල්ලේ මහත්මිය දැනුවත් කරනු ලැබූහ.

උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි හා වවුනියාව යාපනය මන්නාරාම කිලිනොච්චිය මුලතිව් දිස්‌ත්‍රික්‌ක පහේම පරිපාලන නිලධාරීහු ඊට එක්‌ව සිටියහ. 

ඊට පසුව යාපනය එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ඇයව හමුවීමට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් පහළොස්‌ දෙනකුට හා ස්‌වෙච්ඡා සංවිධාන 10 ක නියෝජිතයන්ට අවස්‌ථා ලැබිණි. පැය 3 ක කාලයක්‌ පැවැති එම සාකච්ඡාවේදී අතුරුදන්වූ බව කියන පුද්ගලයන්ගේ පවුල්වල අය විසින් පිල්ලේ මහත්මිය වෙත සංදේශ භාරදී තිබේ.

සිවිල් සංවිධාන හා සෙසු අංශ තමන් වෙත කළ යෝජනා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවී ඉදිරිපත් කර තවදුරටත් සාකච්ඡා කරන බව නවනීදන් පිල්ලේ මහත්මිය පවසා සිටියාය.

ඊට අමතරව ලබන 30 දා කොළඹදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදීද ජනතා ඉල්ලීම් පිළිබඳව තවදුරටත් කරුණු පරීක්‌ෂා කරන බවද පිල්ලේ මහත්මිය පවසා සිටියාය. යාපනය මුලතිව් කිලිනොච්චි යන දිස්‌ත්‍රික්‌කවලද ඇය සංචාරය කළාය.

මේ අතර නවනීදන් පිල්ලේ මහත්මිය අද (28 දා) සවස ත්‍රිකුණාමලය හා නැගෙනහිර පළාතේ සෙසු ස්‌ථානවල ද සංචාරය කර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

දිනසේන රතුගමගේ , මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්
http://www.divaina.com/2013/08/28/news02.html

0 comments: