Pages

Saturday, August 24, 2013

වෙළෙඳපොළෙන් ඉවත් කළ කිරිපිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන විනාශ කරන්න - හෙද නිලධාරීන්ගේ සංගමය

ඩීසීඩී කෘෂි රසායනික අඩංගු බවට පරීක්‍ෂණවලදී තහවුරු වී කිරිපිටි සමාගම් විසින් වෙළෙඳපොළෙන් ඉවත්කරගත් කිරිපිටි පැකට්‌ සියල්ල නැවත වෙළෙඳපොළට නිකුත්වීම වැළැක්‌වීම සඳහා ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ වහාම විනාශ කිරීමට පියවර ගත යුතු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගියදා ඩීසීඩී නොමැති බවට තහවුරු වී රේගුව භාරයේ තිබියදී මුදාහැරුණු කිරිපිටි තොගය මෙන්ම ඩීසීඩී අඩංගු වීම නිසා භාවිතයෙන් ඉවත් කරන ලද කිරිපිටි පැකට්‌ද අදාළ කිරිපිටි සමාගම් සතුව පැවැතීම නිසා ඒවා කුමන මොහොතක හෝ වෙනත් ස්‌වරූපයකින් වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක්‌ පවතින බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට පැවැසීය.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/08/24/news20.html

0 comments: