Pages

Saturday, August 24, 2013

කිරි පිටි ගැන කතා කරන වෛද්‍යවරියගේ නිවසේ ජනේලයකට ගිනි තියලා

අජන්තා පෙරේරා වෛද්‍යවරියගේ නිවසේ ජනේලයේ හටගත් ගින්න පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පොලිසිය
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ආහාර පාලන කමිටුවේ ක්‍රියාකාරි සාමාජිකාවක්‌ වූ දොස්‌තර අජන්තා පෙරේරා මහත්මිය පදිංචි බොරලැස්‌ගමුව රත්තනපිටිය පිහිටි නිවසේ පිටුපස ජනේලයට පෙරේදා (22 වැනිදා) දහවල් කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා පලාගොස්‌ ඇත.

මෙම ගින්න දුටු අසල්වැසියන් ඒ මොහොතේ ගින්න නිවා දමා ඇත.

දොස්‌තර අජන්තා පෙරේරා මහත්මිය ආහාර පාලන කමිටුව යටතේ කිරිපිටි තහනමට පක්‍ෂව මේ දිනවල තදින්ම ක්‍රියාකරන සාමාජිකාවකි.

මේ පිළිබඳව "දිවයින"ට ප්‍රකාශයක්‌ කළ අජන්තා පෙරේරා මහත්මිය මෙසේද කීවාය.

ගෙදරට ගිනි තබා මාව භය කරන්න කිසියම් සංවිධානාත්මක පිරිසකගේ සැලැස්‌මක්‌ තිබෙනවා. එම සැලසුම්වලට බියේ අප හිස නමන්නේ නැහැ. ආහාර පාලන කමිටුවෙන් ඉවත් වන්නේත් නැහැ. සත්‍ය කතා කරන්න අපි බය වෙන්නේ නැහැ. මා මේ ගැන බොරලැස්‌ගමුව පොලිසියේ පැමිණිල්ලක්‌ කළා. මගේ නිවසට ගිනි තැබීම අභිරහසක්‌.... පොලිසිය පැමිණිලි ලැබුණු මොහොතේම පරීක්‍ෂණ පැවැත්වීමට පැමිණියා. ඒ වගේම පිටරටින් ගෙනෙනු ලබන කිරි පිටි වර්ග පිළිබඳව ආහාර පාලන කමිටු රැස්‌වීම්වලදී මා කරනු ලබන කතා බහ සියල්ලම කිසියම් පුද්ගලයකු විසින් පටිගත කරනවා.

නෝමන් පලිහවඩන | පින්තූර - කමල් බෝගොඩ
http://www.divaina.com/2013/08/24/news13.html

0 comments: