Pages

Wednesday, August 21, 2013

වෙඩි තබා මරා පිළිස්‌සූ බවට හෙලි වූ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ගේ බිරිය යාපනයේදී නවි පිල්ලේ හමුවී කරුණු කියයි

කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කළ ත්‍රස්‌ත මර්දන විමර්ශන නිලධාරියකු වූ ජෙයරත්නම් ගේ බිරිය වූ සරලා ජෙයරත්නම් යාපනයේදී මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ හමුවී කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

සිය සැමියා කොළඹදී පැහැරගෙන යැමෙන් පසු වන්නියේ රඳවා තබාගෙන සිටි බවත් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට පවා ඔහු ගැන දැනුම් නොදී තොරතුරු වසන් කර තිබූ බවත් ඇය කියා සිටී. ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ට වෙඩි තබා මරා පිළිස්‌සූ බවට ත්‍රස්‌ත මර්දන ඒකකය අල්ලාගත් කොටි ත්‍රස්‌තයකු විසින් මෑතකදී හෙළිකර තිබිණි.

සරලා ජෙයරත්නම් නවි පිල්ලේ හමුවී කරුණු දැක්‌වීමට තීරණය කර ඇත්තේ ත්‍රිකුණාමලයේ කොටි හමුදා නායකයකු වූ එලිලන්ගේ බිරිය ආනන්ති කොටි සංවිධානයට සුදුහුණු ගෑම සඳහා නවි පිල්ලේ හමුවීමට තීරණය කිරීම නිසාය.

මේ අතර කොටින් විසින් ජෙයරත්නම් පැහැරගෙන යැමට අදාළ තොරතුරු නවි පිල්ලේ හමුවී ඉදිරිපත් කිරීම සඳහා මෙරටින් පිටව ගිය ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලාබ්දීන් ද ඉදිරිපත් වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/21/news25.html

0 comments: