Pages

Tuesday, August 27, 2013

බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයට

මහනුවර ජාතික ඉතිරිකිරීමේ බැංකුව කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි යුද හමුදා කපිතාන් හමුදා පනතට අනුකූලව හමුදා අධිකරණයට පමුණුවා ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුලූගල්ල මහතා පැවැසීය.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායක මහතාගේ නියෝගය පරිදි මෙම කපිතාන් යුද අධිකරණය හමුවට පමුණුවා ඇත.

මීට මාස තුනකට පමණ ඉහතදී මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වළාගෙන බැංකුව කොල්ල කෑමට සූදානම් වෙද්දී යුධ හමුදාවේ දෙවන ස්වෙච්ඡ බලසේනාවේ රාජකාරි කරමින් සිටි ඒ. ඒ. එම්. යූ. සමරකෝන් නමැත්ති කපිතාන්වරයා පොලිස් අත්අඩංගුවට පත්විය.

හමුදා සාමාජිකයන් සාමාන්‍ය සමාජයේ කරන අපරාධ සඳහා ඔවුනට විරුද්ධව පොලිසිය මගින් නඩු  පවරා තිබියදී එම වරදකට හමුදා නිලධාරියකුට එරෙහිව මෙවැනි යුද අධිකරණයක් කි‍්‍රයාත්මක වන ප‍්‍රථම අවස්ථාව මෙය බවද පැවසේ.

August 26, 2013 at 2:49 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/100012/

[
සබැඳි ලිපි

බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
]

1 comments:

Amila Chathuranga said...

සිවිල් නීතිය නැතිවෙලා ගිහින් හමුදා නීතිය අනුව දඩුවම් දෙන එක වැරදියි. පුළුවන් තරම් සිවිල් නීතිය සමාජගත කරන්න තමයි අපි වෙහෙසෙන්න ඕනි..