Pages

Saturday, August 24, 2013

නවිපිල්ලේගෙන් ප්‍රශ්න කරන්න තම්බිමුත්තු සූදානම්

ද්‍රවිඩ දේශපාලකයන් රැසක්‌ යුද අපරාධවලට සම්බන්ධ නිසා ඔවුන් ගැන ගන්නා ක්‍රියා මාර්ගය කුමක්‌දැයි තමා මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මහත්මියගෙන් ප්‍රශ්න කරන බව මඩකලපුව ශ්‍රී.ල.නි.ප. සංවිධායක අරුන් තම්බිමුත්තු මහතා ඊයේ (23 දා) පැවසීය.

තමා මෙම 26 දා ත්‍රිකුණාමලයේ දී ඇය හමුවන බවද හෙතෙම කීවේය. 

සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හා සෙල්වම් අඩෙයිකලනාදන් වැනි අය හිටපු සටන්කාමීන් බවත් ඔවුන්ගේ සමයේ සිදුවූ ක්‍රියා ගැන වගකීම දරන්නේ කවුද යෑයි තමා තවදුරටත් නවිපිල්ලේ මහත්මිය වෙත කරුණු යොමු කරන බවත් අරුන් තම්බිමුත්තු කියා සිටියේය. මඩකලපු ප්‍රදේශයේ තත්ත්වය නිරීක්‌ෂණය කිරීම සඳහා ඇයට පැමිණෙන ලෙස කළ ඉල්ලීම කාලසීමාව ප්‍රමාණවත් නොවීම නිසා නොහැකි යෑයි ඇය පැවසූ බවත් හෙතෙම කීවේය.

නවිපිල්ලේ මහත්මිය සමග පවත්වන සාකච්ඡාවේදී පොලිස්‌ බලතලවල අයහපත් තත්ත්වය ගැනද ඇයට පැහැදිලි කරන බව ඔහු කීවේය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/24/news05.html

0 comments: