Pages

Thursday, August 29, 2013

සිරියාවෙන් ඇරඹෙන්නේ ඉරානයට එරෙහි යුද්ධයයි! සිරියාව, ඉරාකය සහ ලෙබනනයේ ෂියා චන්ද්‍රවංකය බිඳ දැමීමට,සෞදිය සහ කටාරයේ සුන්නි බලකඳවුරුවල සහාය

ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපා සහ ඊශ‍්‍රායෙල් මිතුරන් මැදපෙරදිග කලාපයට යළි මැදිහත්වීම තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ භූ දේශපාලන අරමුණු පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂක එරික් ඩෙ‍්‍රයිට්සර් පවසයි.

රසායනික අවි ප‍්‍රහාරය සිරියානු රජය විසින් එල්ල කළා නම් එය ඔවුන් විසින් කුසායිර්, හොම්ස් සහ අලෙප්පෝ ප‍්‍රදේශවල සිරියානු කැරලිකරුවන් පරාජය කරමින් ලැබූ ජයග‍්‍රහණ ආපසු හැරවීමකි.

සැබැවින්ම එම ප‍්‍රහාර දාමය නවත්වාගැනීම සඳහා සිරියානු කැරලිකරුවන්ට සහ ඔවුන්ගේ විදෙස් මිතුරන්ට අවශ්‍යව පැවති අතර මානුෂික යයි කියාගන්නා මෙම සාහසික මැදිහත්වීම හරහා සැපිරෙන්නේ එයයි.

තුර්කිය සහ ඊශ‍්‍රායලය විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් දෙවසරක යුද්ධය තුළ සිරියාවට මැදිහත්වූ සෑම විටකදීම සිරියාව විමසිලිමත්ව හැසිරුනු බව ඩෙ‍්‍රයිට්සර් දක්වයි.

සිරියානු ප‍්‍රහාරයේ සැබෑ අරමුණ වන්නේ නව යටත්විජිතවාදී ව්‍යාපෘතිය හරහා නතු කරගෙන නොමැති ඉතිරි ප‍්‍රදේශ කිහිපය ඇමරිකාවට අවශ්‍ය පරිදි සකස් කිරීම බව දක්වන ඔහුගේ අදහස වන්නේ සැබෑ ඉලක්කය වන්නේ ඉරානය බිඳ දැමීම බවයි.

1979දී මුස්ලිම් විප්ලවයෙන් පසු ඉරානයට එරෙහි සතුරු ප‍්‍රතිපත්තියක සිට කටයුතු කළ ඇමරිකාව විසින් පසුගිය කාලයේ දිගින් දිගටම අධික සම්බාධක පැණවීම සමග කඩාවැටුණු ඉරාන බලශක්ති වෙළඳපොළ යළි ස්ථාපිත කිරීමට සිරියාව සහය ලබාදෙන ලදී.  පසුගිය මාසයේදී අත්සන් තබන ලද ඉරාක-ඉරාන-සිරියා තෙල් නළය එයට හොඳම නිදසුනයි.

ඉරානයේ ආරක්‍ෂාව සඳහා පැමිණි සිරියාව, ඉරාකය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් සමන්විත ෂියා චන්ද්‍රවංකය බිඳ දැමීම ඇමරිකාවේත් කලාපීය බලශක්ති තරගකරුවන් වන සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යය වැනි සුන්නි බලකඳවුරුවලත් ඊශ‍්‍රායලයේත් අපේක්‍ෂාව බව ඩෙ‍්‍රයිට්සර් පවසයි.  මේ සන්දර්භයේදී සිරියාව යනු ඉරානයට එරෙහි යුද්ධයේ සංග‍්‍රාම භූමිය බව ඔහු දක්වා තිබේ.

August 29, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/100170/

2 comments:

chanukawijesundara said...

ela gahapiya iranayata kudu wennama

Anonymous said...

Iran is the birth place of Aryans which the name itself denotes. And also their forefathers were the creators of the great Persian civilization. Iranians are proud about these proud inheritance. It's pity that these great people have become a victim of Western Colonization.