Pages

Wednesday, August 21, 2013

පෙරහැර සංදේශය බාර දෙන්න නිළමේවරු අද ජනපති හමුවෙති

මහනුවර ඓතිහාසික පෙරහැර එකොළොස්‌ දිනක්‌ පුරා අලංකාරවත් ලෙස පැවැත්වූ නිළමේවරු අද (21දා) පස්‌වරුවේ රාජ්‍ය නායක මහින්ද රාජපක්‌ෂ මහතා බැහැ දැකීමට මහනුවර ජනාධිපති මන්දිරයට යති.

අද දවල් පෙරහැර වීදි සංචාරය නිමා කොට ගෙවදීමෙන් පසුව මෙවරද ඇසළ පෙරහැර සාර්ථක ලෙස පවත්වා අවසන් කළ බව වාර්තා කරමින් පෙරහැර සංදේශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පිළිගැන්වීම සඳහා නිළමේවරු පෙරහැරින් යති. 

පෙරහැර සංදේශය පිළිගැන්වීම දිය වඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් සිදු වෙයි.

පෙරහැර වර්ණවත් කළ නර්තන හා වාදන කලාකරුවන්ට උපහාර දැක්‌වීමක්‌ද මෙහිදී සිදු කෙරේ. 

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පැටවුන්ට පලතුරු සංග්‍රහයක්‌ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් සිදු කිරීමද මෙදින වැඩසටහනට ඇතුළත්ය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/08/21/news30.html

0 comments: